ඩිජිටල් පරිණාමනය සහ මහා පරිමාණ ව්‍යාපාරයක් පරිමාණය කිරීමෙහිලා පුරෝගාමී ආදර්ශයක් වීම පිළිබඳව ෂමීන්ද්‍ර මර්සලින් මහතා…


කොවිඩ් – 19 වසංගතය උද්ගත වීමට මාස කිහිපයකට පෙර පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත් වූ ෂමින්ද්‍ර මර්සලින් මහතා වසංගත තත්ත්වය හමුවේ වුවද ව්‍යාපාරය උපායමාර්ගික පරිවර්තනයක් කරා මෙහෙයවීමට කටයුතු කරමින් සිටී. ඔහු එය ඉටුකරන්නේ කෙසේදැයි අපි ඔහුගෙන්ම විමසමු.

ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රය තුළ, පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් (පීඑල්සී) යනු සුවිශේෂී බැංකු නොවන මූල්‍ය ආයතනයක් (NBFI) වන්නේ එම ආයතනයේ හිමිකාරිත්වය සහ එය දිවයිනපුරා ඇති විහිදී තිබීම හේතුවෙනි. 1995 වර්ෂයේදී මහජන බැංකුවේ පූර්ණ හිමිකාරීත්වයක් ඇති උප සමාගමක් ලෙස ආරම්භ කරන ලද මෙම ආයතනය දශකයකට පෙර අධි දායකත්වයකින් යුත් ආරම්භක මහජන ඉදිරිපත් කිරීමකින්  (IPO) අනතුරුව ලැයිස්තුගත කරන ලදී. එතැන් සිට එය ශ්‍රී ලංකාවේ විශාලතම මූල්‍ය ආයතනය ලෙස පත්වූ අතර ණය හා බදු පහසුකම් සලසාදීමෙහිලා සැලකිය යුතු දායකත්වයක් ලබාදෙයි.වසංගත තත්ත්වය නිසා උද්ගත වූ අභියෝග මධ්‍යයේ වුවද, වගකීම් සහගත පාරිභෝගික සේවාවන් අඛණ්ඩව ලබාදීමටත් කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් බලපෑමට ලක්වූ ව්‍යාපාරයන් සඳහා සගන සලසා දීමටත් පීඑල්සී ආයතනය විසින් කටයුතු කරන ලදී. සමාගමේ ඔරොත්තු දීමේ හැකියාව ඉත විශිෂ්ටයි. දැඩි අභියෝගාත්මක වටපිටාවක් මධ්‍යයේ වුවද මෙතෙක් වාර්තා වූ ඉහළම ණය මුදල් ලබාදීම හා රැස්කිරීම් ප්‍රමාණය 2020/21 මූල්‍ය වර්ෂයේ අවසන් කාර්තුව තුළ වාර්තා වී ඇත.

පීඑල්සී ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ෂමීන්ද්‍ර මර්සලින් මහතා දැනටමත් ඵලදායී හා අරමුණු සහගත පාලන ව්‍යුහයක් ස්ථාපිත කිරීමේ කාර්යය පටන්ගෙන ඇත. එය රාජ්‍ය අංශයේ හා පෞද්ගලික ප්‍රාග්ධනයේ සුස‍ංයෝගයෙන් යුක්ත ආදර්ශයක් බවට පත්වීම සඳහා වන මූලික අඩිතාලමක් වන අතර, එමගින් සාක්ෂාත් කරගත හැකි දේවල් බොහෝය. පහත දැක්වෙන්නේ පීඑල්සී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ෂමීන්ද්‍ර මාර්සලින් සමග පැවති සම්මුඛ සාකච්ඡාවක උපුටා ගැනීමකි.

පීපල්ස් ලීසිං ආයතනය සතුව ප්‍රබල වර්ධන වාර්තාවක් ඇත. එය ප්‍රමුඛ මූල්‍ය සේවා සපයන්නෙකු බවට පත්වී තිබේ.  ඊළඟ දශකය සඳහා ආයතනයේ දැක්ම කුමක්ද?

අපගේ මුල්‍යමය කාර්ය සාධනය සහ අපගේ පාරිභෝගික සේවාව හේතුවෙන් බැංකු නොවන මූල්‍ය ආයතන (NBFI) අංශයේ අපි ප්‍රබල ආයතනයක් වෙමු. කෙසේ වෙතත්, මම එය දකින්නේ වෙනස්ම දෘෂ්ටි කෝණයකිනි. අප ආයතනය මෙම අවකාශයේ සුවිශේෂී ස්ථානයක් උසුලන්නේ අපගේ රාජ්‍ය හා පුද්ගලික හවුල්කාරිත්ව (PPP) මෙහෙයුම් ආකෘතිය නිසාවෙනි. 

ශ්‍රී ලංකාව ඉතා ප්‍රශස්ත මට්ටමෙන් මූල්‍ය ආයතන නියාමනය කරන වෙළඳපොළක් වේ. අපි ශ්‍රී ලංකාවේ විශාලතම බැංකුවක 75%ක හිමිකාරිත්වය ඇති අනුබද්ධිත ආයතනයකි. එසේම අපගේ කොටස් වලින් 25% ක් මහජනතාව සතුය.

මෙය අන්තර්කරණය කළ සහ ප්‍රවේශ වියහැකි මූල්‍ය විසඳුම් තුළින් අපගේ පාරිභෝගිකයින්ගේ ව්‍යාපාර සහ ජීවනෝපායන් සවිබල ගැන්වීමේ ප්‍රබල අරමුණක් සහිතව ඉදිරියට යායුතු කාලයයි. විශිෂ්ට පාලන ව්‍යුහයක්, ආචාර ධර්ම සහ ප්‍රතිපත්ති සහිතව පීපල්ස් ලීසිං සමාගම මූල්‍ය ක්ෂේත්‍රයේ ආදර්ශමත් රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයක් (PPP) බවට පරිවර්තනය කිරීම මගේ බලාපොරොත්තුව වේ. මෙම අංශ ද්විත්වයෙහිම විශිෂ්ටත්වය – එනම් මහජන බැංකුවේ ස්ථාවරත්වය සහ පෞද්ගලික අංශයේ විචිත්‍රත්වත් බව යන සාධක – අපගේ පැවැත්මට මනා රුකුලක් වේ.

ශ්‍රී ලංකාව රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය සාර්ථක කර ගත හැකි රටක් යන වග ලෝකයාය පෙන්වා දීමට මම කැමැත්තෙමි. එය සිංගප්පූරුවේ ටෙමාසෙක් ආකෘතියට බෝහෝ සේ සමාන වනු ඇත. සමාගම පිළිබඳ මට ඇති දැක්ම එයයි.

ඔබ ඉලක්ක කරගෙන සිටින ක්ෂේත්‍ර කිහිපයක ප්‍රධාන ප්‍රතිඵල කුමක්වේවිද?

වගකීම් සහගත හා සදාචාර සම්පන්න ආයතනයක් ලෙස ක්ෂේත්‍රයේ රැඳීසිටීම අපගේ මුඛ්‍ය පරමාර්ථයයි. ඩිජිටල්කරණයෙන් සවිබල ගැන්වූ අපගේ මෙහෙයුම් මඟින් පහසුවෙන් ප්‍රවේශ විය හැකි, අන්තර්කරණය කරන ලද, කාර්යක්ෂම හා ඵලදායී සේවාවක් ලබාගැනීමට හැකි විය යුතුය. අපේ රටේ සන්දර්භය තුළ ඵලදායිතාව වර්ධනය කිරීම ඉතා අභියෝගාත්මක කරුණක් ලෙස සැලකේ.

වඩාත් වැදගත්ම කරුණ නම්, තිරසාර හවුල් වටිනාකම් බෙදාගැනීමේදී අප පහළම ස්ථරය කෙරෙහිද අවධානය යොමු කරන්නෙමු. එය එතරම් වැදගත් නොවන බවට වැරදි මතයක් තිබේ. එවැනි අදහස් කිසිසේත් අප රට ඉදිරියට ගෙනයන්නේ නැත. අප ව්‍යාපාරයෙන් ‘මිණුම්දණ්ඩට ඔබ්බට ගිය – වගකීම් සහගත ප්‍රතිඵල’ උත්පාදනය කිරීම පිළිබඳව අපගේ පාර්ශවකරුවන් දැනුවත් කිරීම හා ඔවුන්ගේ ආකල්ප සංවර්ධනය කිරීම ඉතා වැදගත් වේ. මා උත්සාහ දරන්නේ එවන් මානසිකත්ව පරිවර්තනයක් ඇතිකිරීමට ය. එම පරිවර්තනය දැනටමත් පටන්ගෙන ඇති අතර තවත් මාස 18 කින් එහි වෙනස දැකගත හැකි වනු ඇතැයි මම අපේක්ෂා කරමි.

පීඑල්සී ආයතනය තුළ සංස්කෘතික පරිවර්තනයක් ඇතිකිරීමට ඔබට සිදුවේවිද?

ඉහළින් ඇහෙන ස්වරය ඉතා වැදගත් ය. නායකත්වයේ පෙරමුණ ගනිමින්, විවෘතව, අවංකව හා විනිවිදභාවයෙන් යුක්තව කටයුතු කිරීම කළ යුතුයි. තවද, අපගේ පාර්ශවකරුවන් හට සාධාරණ ප්‍රතිඵල ලැබෙන වග සහතිකවීම ඉතා තීරණාත්මක වේ. සියල්ලන්ම සතුටුකිරීම කළ නොහැක. එසේ වුවද, සියලු දෙනාටම සාධාරණය ඉටුවිය යුතුය. අප පාර්ශවකරුවන් ඊට එකඟ වනු ඇතැයි මම විශ්වාස කරමි. තවද, ආයතනයේ සහ යම් යම් අවස්ථාවන්හි බාහිර සමාජයේ ඇති කුසලතා හඳුනා ගැනීමට අවශ්‍ය වේ. අවශ්‍ය මෙහෙයුම් ව්‍යුහයන් සහිත සුහුරු ව්‍යාපාරයක් ගොඩනඟා එම ක්‍රියාවලීන් වෙත ආයෝජනය කිරීමද වැදගත් ය. 

තමන් පිළිබඳ සැකය හා අදහස් ප්‍රකාශ කිරීමට ඇති බිය ශ්‍රී ලංකා සමාජයටම ආවේණික ගතිලක්ෂණ වේ. මම අවංකව ක්‍රියාකිරීමට උනන්දු කරවමි. අපගේ පාරිභෝගිකයින් සමග මනා සම්බන්ධතාවක් ගොඩනැගීමට අප අභ්‍යන්තරව සහයෝගයෙන් කටයුතු කළ යුතුය. මන්ද, අපගේ භූගෝලීය පියසටහන ඉතා පුළුල් බැවින් විවිධ සංස්කෘතීන්ට අයත් විවිධ දෘෂ්ටි කෝණ ඔස්සේ සිතන කාර්ය මණ්ඩලයක් අප ආයතනයේ සිටී. එවන් වටපිටාවක එකිනෙකට වෙනස් වූ අදහස් හා අත්දැකීම් අගය කිරීම හා ගරු කිරීම අත්‍යවශ්‍ය වේ. මගේ කණ්ඩායම එම වෙනස වැලඳ ගනිමින් අපගේ ආයතනය ඊළඟ මට්ටමට ගෙන යාම සඳහා කැපවනු ඇතැයි මම විශ්වාස කරමි. 

ඔබ මෙම ව්‍යාපාරය තක්සේරු කරන්නේ කෙසේද? එහි දිශානතිය කොයිබට වේද?

අපගේ පාලනයෙන් ඔබ්බට ගිය නියාමනයන්හි ඇති වෙනස්කම්, පාරිභෝගිකයින්ගේ මිලදී ගැනීමේ ශක්තියේ ඇතිවන සීමාවන් වැනි බාහිර සාධක කිහිපයක් තිබේ. අනෙක් අතට බදු පහසුකම් අප විසින් ලබාදෙනු ලබන ප්‍රධානතතම සේවාව වේ. තවද අපට ළඟා විය හැකි වෙළඳපොළ වටපිටාවන් ද තිබේ. අප වඩාත් නව්‍ය මුහුණුවරකින් ජනතාවගේ ලැදියාවට ඔබින නව නිෂ්පාදන හා සේවාවන් හඳුන්වා දිය යුතුය. අරමුණක් සහිතව සකස්කළ නිෂ්පාදන හා සේවාවන් පාරිභෝගිකයින්ට වඩා හොඳින් ළඟා කරගත හැකි අයුරින් අලෙවි කළ යුත්තේ කෙසේදැයි විමසීම සඳහා අපගේ සිල්ලර වෙළඳපොළ සැපයුම් මාර්ග පිළිබඳව අපි සෙවිල්ලෙන් සිටින්නෙමු.

ආර්ථික සංවර්ධනය සඳහා කාන්තා පාර්ශවයේ වැදගත්කම හා දායකත්වය ඉතා වේගවයෙන් වර්ධනය වෙමින් පවතී. වැඩකරන කාන්තාවන් සහ කාන්තා ව්‍යවසායකයින් සවිබලගැන්වීම සඳහා විවිධ නිෂ්පාදන හා සේවා හඳුන්වා දීමට අපි බලාපොරොත්තු වෙමු. සාමාන්‍ය ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාරයෙන් ඔබ්බට ගිය සුවිශේෂී  ක්ෂුද්‍ර වාණිජ ඒකකයක් අප සතුව ඇත. වර්තමාන ආකෘතියට වඩා වෙනස් වූ ණය ලබා දෙන – ආරක්ෂාවට සංවේදී එකක් ලෙසට අපගේ ප්‍රවේශය නැවත සකස් කිරීමට අපි බලාපොරොත්තු වෙමු

ප්‍රබලතම අභියෝගයට මුහුණදීමට සිදු වන්නේ ඉන් අනතුරුවයි. එනම්, අපගේ ඒකාබද්ධ අවදානම වඩා යහපත් අයුරෙන් කළමනාකරණය කිරීම සඳහා අපගේ ආදායම විවිධාංගීකරණයට ලක් කරන්නේ කෙසේද යන්නයි. දැනට පවතින වෙළඳපොළ තත්ත්වයන් යටතේ ප්‍රාග්ධන වෙළඳපොළේ සමාගම් ඒකාබද්ධ කිරීම් සහ අත්පත් කරගැනීම් සඳහා වන අවස්ථාවන් බහුලය. මෙම අවස්ථාවේදී අප උපායශීලී විය යුතුයි. ඉහළ වර්ධනයක් පෙන්නුම් කරන කෘෂිකර්ම, තොරතුරු තාක්ෂණ, අධ්‍යාපන සහ සෞඛ්‍ය සේවා වැනි අංශ කෙරෙහි අපගේ අවධානයට පාත්‍රවූ අංශ වේ. පීඑල්සී සමාගමට තමන් ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන සෑම ව්‍යාපාරයක්ම පවත්වාගෙන යා යුතු අවශ්‍යතාවයක් නැත. අපට අවශ්‍ය වන්නේ එම ව්‍යාපාරවා උපායමාර්ගික හවුල්කරුවෙකු වීම පමණයි. දැනට බංග්ලාදේශයේ අප විසින් ක්‍රියාත්මක කෙරෙන මෙහෙයුම උපයෝගී කරගනිමින් කලාපීය අවස්ථා ගවේෂණයක් සිදුකිරීම තුළින් දේශසීමාවන්ට එහා ගිය සම්බන්ධතාවයන් ගැන සිතා බැලීම අපට හැකිවනු ඇත. දැනට අප විසින් කරනු ලබන බුද්ධිමත් ආයෝඡන තවත් වසර හතරක් හෝ පහකින් එහි ප්‍රතිලාභ ලබාදෙනු නොඅනුමානය.

කොවිඩ්-19 වසංගතය අතරතුර සමාගම මෙහෙයවීම මගින් ඔබට උගත් දේ කුමක්ද? ව්‍යාපාරයක් යහපත් දේවල් වෙනුවෙන් බලයක් වන්නේ කෙසේදැයි සැබවින්ම විදහා දැක්විය හැක්කේ වඩාත් අභියෝගාත්මක කාල වකවානුවන්වලදී ය. කොවිඩ් වසංගතය නොතකා පාරිභෝගිකයින්ට කිසිඳු බාධාවකින් තොරව අඛණ්ඩව සේවාවන් සැපයූ අපගේ  කණ්ඩායම අපි අගය කළ යුතුයි. සේවය අතරතුරදී වෛරසයෙන් බලපෑමට ලක් වූ අපගේ කාර්ය මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකු නිරෝධායනය සඳහා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යැවීමට සිදු විය. ශාඛාවල සේවයේ නියුතු විකුණුම් කණ්ඩායම් මෙන්ම සහායක කණ්ඩායම්වලට එය සැබැවින්ම අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් විය. 

කොළඹ පිහිටා ඇති ප්‍රධාන කාර්යාලය මෙන් හොදින් ඉඩකඩ ඇති සුඛෝපභෝගී කාර්යාලීය අවකාශ  හෝ උපරිම ආරක්ෂාව සලසන පැහැදිලි සෞඛ්‍ය පටිපාටියක් හෝ නිතිපතා ලැබෙන ආරක්ෂන නියාමන හෝ ඔවුන්ට නොතිබිණි.

අපගේ කෝවිඩ් 19 කාර්ය සාධක බලකාය ඉතා ඉක්මණින් ප්‍රතිචාර දැක්වූ අතර සමාගම පුරා ආරක්ෂිත ක්‍රියා පටිපාටියක් ක්‍රියාත්මක කරමින් කාර්ය මණ්ඩලය ආරක්ෂිතව තබා ගැනීම සඳහාද වසංගතයෙන් පීඩාවට පත් පාරිභෝගිකයින්ගේ ගැටළු වලට තීරණාත්මකව ප්‍රතිචාර දැක්වීම සඳහාද ඔවුන් විසින් යුහුසුළුව කටයුතු කරන ලදී.  

මෙම වසංගතය අභියෝගයක් මෙන්ම වෙස්වළාගත් අවස්ථාවක් ද විය. අපගේ ව්‍යාපාරය දියුණු කර ගැනීම සඳහා.ප්‍රධාන පාර්ශවකරුවන් සමඟ එක්වී අපි උපායශීලී පියවර රැසකට මුලපිරුවෙමු. වසංගතය මධ්‍යයේ වුවද, 2020/21 මූල්‍ය වර්ෂයේ අවසන් කාර්තුව තුළ ණය බෙදාහැරීම හා රැස්කිරීම යන අංශයේ සමාගම  සුවිශේෂී වර්ධනයක්  පෙන්නුම් කර ඇත.

උපාය මාර්ගය කුමක්ද?

මමත් ශාඛා කළමනාකරුවෙක්. මෙම ක්ෂේත්‍රයේ අභියෝග රාශියක් ඇත. කණ්ඩායමක් නිරතුරුවම සම්බන්ධ කර ගැනීමට සහ පෙළඹවීමට ඔබට මානසික ශක්තිය අවශ්‍ය වේ. බොහෝ විට ඔබට හුදෙකලා බවක් දැනෙන අතර සමහර අවස්ථාවලදී ජ්‍යෙෂ්ඨ කළමණාකරණය සමඟ ඇති සම්බන්ධතාවයද අභියෝගයට ලක් වේ. ප්‍රධාන කාර්යාලයේ අනුමැතිය ලබා දීම ප්‍රමාදවීම නිසා කලකිරීමට පත් විය හැකිය. එහෙත් කළමනාකරුවන් පාරිභෝගික අපේක්ෂාවන් සපුරාලිය යුතුය. එය සියුම් සමබර කිරීමේ ක්‍රියාවකි.

නායකත්වය යනු කතාවේ ගමන් කිරීමයි. ව්‍යාපාරය පිළිබඳ දැක්ම අපේ කණ්ඩායම් සමඟ බෙදා ගැනීම ඉතා වැදගත් ය. මම ශාඛා සංචාරය කිරීම පටන්ගත්තේ තනතුරේ වැඩ භාරගත් වහාම. දැන් මම මේ වන විටත් අපේ ශාඛා 103 න් හරි අඩකටත් වඩා මම සංචාරය කර තිබෙනවා.

ඔබ ඔබේ කණ්ඩායම් සමඟ සිටිය යුතු අතර, ඔවුන් සමඟ සම්බන්ධ වී ඔවුන්ගේ අභියෝග අගය කිරීම සඳහා ඔවුන් සමඟ හිඳ ගත යුතුය. සමාගමේ කාර්ය සාධනය සහ උපායමාර්ගය සඳහා ව්‍යාපාර සහ කාර්ය මණ්ඩලයේ දායකත්වය අවබෝධ කර ගැනීම සඳහා ගැටළු පිළිබඳව ඔවුන්ට හැඟෙන ආකාරයට සාකච්ඡා කිරීම සඳහා සේවකයින් සමඟ විවිධ සම්බන්ධතා සැසි හරහා අභ්‍යන්තර සම්බන්ධතාවය පවත්වාගත යුතුයි. කණ්ඩායම්වල උත්සාහයන් සහ කැපවීම අගය කිරීම සඳහා නිතර නිතර ශාඛා වෙත සංචාරය කරන ලෙස මම මගේ ජේෂ්ඨ කළමනාකරණ කණ්ඩායමෙන් ඉල්ලා සිටිමි. හැකි දේ ගැන ඔබ අවංකව කාර්ය මණ්ඩලය සමඟ විවෘතව සිටිය යුතුය. අප ජනතාව සමඟ සිටින බව හැඟීමක් ඇති කරවමින් අපේ ජනතාවට විශ්වාසය ලබා දිය යුත්තේ එලෙස ය.

අපි මාර්ගගත පුහුණුව පුළුල් කර ඇති අතර කාර්ය මණ්ඩල දියුණුව සහ වෘත්තීය දියුණුව සඳහා මාර්ග සිතියමක් සකස් කර ඇත්තෙමු. වෛරසය වැළඳිය හැකි කාර්ය මණ්ඩලයට හෝටල්වල නිරෝධායනය සඳහා ගෙවන සමාගමක් ලෙස අපගේ රක්ෂණ ප්‍රතිලාභ පුළුල් කරමින් අපි කොවිඩ් -19 ආධාරක වැඩසටහන් කිහිපයක් හඳුන්වා දී ඇත.

අපගේ ඩිජිටල්කරණය වේගවත් කිරීම සහ වැඩ කිරීමේ “නව ක්‍රම” අනුගමනය කිරීම වේගවත් වීම වසංගතය නිසා සිදුවිය. අපි අපගේ ගනුදෙනුකරුවන් හා කඩදාසි රහිත කාර්යාලයක් සඳහා සම්බන්ධතා රහිත අත්දැකීමක් කරා ගමන් කරමින් සිටිමු. අපගේ ගනුදෙනුකරුවන් අතර වඩාත් ඩිජිටල් සාක්ෂරතාවක් ඇති කිරීම අපේ අරමුණයි. අපගේ ක්‍රියාදාමයන් ඩිජිටල්කරණය කර ඇති අතර ශාඛා වලින් ප්‍රධාන කාර්යාලයට ලැබෙන සියලුම තොරතුරු ඩිජිටල් මාධ්‍යයෙන් පැමිණේ. 2021 අප්‍රේල් මාසයෙන් පසු මම එක කඩදාසි ලේඛනයකටවත් අත්සන් කර නැත. මගේ දැනුමේ හැටියට ඩිජිටල් අත්සන් ක්‍රියාත්මක කළ අර්ධ රාජ්‍ය හෝ රාජ්‍ය අංශයේ සංවිධාන අතලොස්සක් අතර අපද සිටින්නෙමු.

පුනර්ජනනීය බලශක්තිය සඳහා ආයෝඡනය කිරීමේ සැලසුම් සමඟ කඩදාසි භාවිතය අඩු කිරීමෙන් අපි පරිසරයට ධනාත්මක ලෙස දායක වීමට අදහස් කරමු. අපි කාබන් පියසටහන අවම කිරීම පිළිබඳ කථා කළ දේ ක්‍රියාවට නංවමින් සිටිමු. 

නිවසේ සිට වැඩ කිරීමේ පදනමින් පුද්ගල කේන්ද්‍රීය ප්‍රවේශයක් ප්‍රවර්ධනය කරමින් අපගේ 2300 ක් වූ සමස්ථ සේවක ප්‍රමාණයෙන් 40% කින් සමගින් ඉදිරියට යමින් සිටින්නෙමු. සමාගම විසින් විද්‍යුත් උපකරණ හා අන්තර්ජාල සම්බන්ධතා ඇතුළු අත්‍යවශ්‍ය යටිතල පහසුමක් ඔවුන්ට සපයා දෙනු ලැබුණි. වඩා හොඳ අනුපුරකයක් සදහා අපගේ ප්‍රධාන කාර්යාලයේ ආසන ධාරිතාවය සමාලෝචනය කරමින් සිටින්නෙමු. ඒ නිසා තවදුරටත් සෑම කෙනෙකුම කාර්යාලයේ සිටිය යුතු නොවේ. එසේම, අලෙවිකරණ අයවලුන් හට තම නිවෙස් වල සිට පදනම් වී එය ලබා ගත හැකි අතර අදාළ තොරතුරු ප්‍රධාන කාර්යාලය වෙත යැවිය හැක.

HSBC සමාගමේ මා සිටි කාලයේ මා විසින් අත්විඳින ලද ‘හොට් ඩෙස්කින්’ සංකල්පය හඳුන්වා දෙනු ලැබේ.මේ මගින් අතිරේක බිම් ප්‍රමාණයක් කුලියට ගැනීම සඳහා වූ අපගේ වියදම් අඩු වන අතර ප්‍රධාන කාර්‍යාලයේ සහ ශාඛා වල සේවා පරිසරය වැඩිදියුණු කිරීම සඳහා එම ඉතුරුම් නැවත ආයෝඡනය කිරීම අපේ අරමුණයි.

තවත් වසර දෙක තුනකින් සාර්ථකත්වය කෙසේ ඔබට පෙනෙනු ඇතැයි ඔබ සිතනවාද?

අප සමග සම්බන්ධ වීම පිළිබඳව අපගේ පාර්ශවකරුවන් ආඩම්බර වන අයුරින් හා අපගේ ක්ෂේත්‍රයේ සෙසු බැංකු නොවන මූල්‍ය ආයතන අපව අනුගමනය කරන අයුරින් සාර්ථකත්වයට කදිම ආදර්ශයක් ලෙසට පත්වී, අපගේ නියාමකයා වන මහ බැංකුව සහ අපගේ විෂයභාර අමාත්‍යාංශය වන මුදල් අමාත්‍යාංශය යන ආයතන විසින් මුල්‍ය ක්ෂේත්‍රයේ මිණුම් දණ්ඩයක් ලෙස නිර්දේශ කරනු ලබන අයුරින් ඉහළ කාර්ය සාධනයක් පෙන්වීම අප ආයතනයේ අරමුණ වේ.  ජාතියේ දියුණුවට සහයෝගය දැක්වීම සහ ගෝලීය තිරසාර සංවර්ධන ඉලක්ක සපුරාලීම සඳහා දායක වීමට අප ආයතනයේ සාර්ථකත්වය සහාය වෙතැයි මම විශ්වාස කරමි.

This image has an empty alt attribute; its file name is shanindra-marcelline-on-leading-by-example-digital-transformation-and-scaling-a-large-business-1024x480.jpg