අධ්‍යක්ෂක මණ්ඩලය

පීපල්ස් ලිසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සි : විශ්වාසයේ ප්‍රමුඛයා


ප‍්‍රදිප් අමිර්තනායගම් මහතා

2022 සැප්තැම්බර් මස 12 වන දා සිට බලපැවැත්වෙන පරිදි පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් පිඑල්සි සමාගමෙහි ස්වාධින නොවන, විධායක නොවන සභාපතිවරයා ලෙස ප‍්‍රදිප් අමිර්තනායගම් මහතා පත් කර ඇත.

2022 ජුලි 15 වන දින සිට ස්වාධින නොවන, විධායක නොවන අධ්‍යක්ෂකවරයෙකු ලෙස ද පීපල්ස් ලීසිං සමාගමේ කටයුතු කරන ප‍්‍රදිප් අමිර්තනායගම් මහතා 2015-2019 දක්වා නියෝජ්‍ය සභාපති ලෙසත් 2019-2020 කෙටි කාල සිමාව තුල සභාපතිවරයා ලෙසත් සේවය කර ඇත. එසේම ඔහු ලන්කන් එලායන්ස් ෆිනෑන්ස් හි අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කර තිබේ.

අමිර්තනායගම් මහතා, වරලත් අලෙවිකරණ ආයතනයේ ( එක්සත් රාජධානියේ ) සාමාජිකයෙකු වන අතර එක්සත් රාජධානියේ ති‍්‍රත්ව සංගිත විද්‍යාලයේ (Trinity College of Music) කථන හා නාට්‍ය අංශයේ සාමාජිකයෙකි. ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය හා ගුවන් විදුලි සංස්ථාව යන මාධ්‍ය ආයතන ති‍්‍රත්වයේම ප‍්‍රවෘත්ති නිවේදකයෙකු ලෙස කටයුතු කර ඇති ඒ මහතා වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු මෙන් ම කි‍්‍රකට් විස්තර විචාරකයෙකු ලෙස ද කටයුතු කර ඇත. මීට අමතරව ඔහු ලන්ඩනයේ බීබීසි මුලස්ථානය වන ”බුෂ් හවුස්” හි පුහුණුවද ලබා තිබේ.

බටහිර කොළඹ රොටරි සමාජයේ 50 වැනි සභාපතිවරයා ලෙස පත් වු ඔහු 2012 ”වසරේ රොටරියන් ” සම්මානයෙන් ද පිදුම් ලැබිය. ලාදුරු රෝගයෙන් පීඩාවට පත් වුවන් නගා සිටුවීම හා පුණුරුත්ථාපනය කිරිමේ සංගමයේ උප සභාපතිවරයා ලෙස ද අනුර බණ්ඩාරනායක පදනමේ අධ්‍යක්ෂකවරයා ලෙස ද කටයුතු කරනු ලබයි.



චනුර විජේතිලක මහතා

ශ්‍රී ලංකා බැංකු ක්ෂේත්‍රයේ වසර 35ක පළපුරුද්දක් හිමි චනුර විජේතිලක මහතා, එයින් වසර 14ක්ම සේවය කර ඇත්තේ ලංකා කොමර්ෂල් බැංකුව පීඑල්සී හි ණයදීම, අනුකූලතා හා ශාඛා පරිපාලන අංශ ආවරණය කරමින් ජ්‍යේෂ්ඨ කළමනාකාරීත්වය හා සමාගම් කළමනාකාරීත්වයෙහිය.

ඔහු බැංකුවෙහි අවදානම පදනම් කරගත් අනුකූලතා මූලික ව්‍යුහය හා අවදානම පදනම් කරගත් අනුකූලතා විගණන ක්‍රමවේදයක් සැකසීමට සහයෝගය දැක්වූවෙකු ද වේ. එමෙන්ම පස් වසරක කාලය තුළදී බැංකුවෙහි විශාලතම කලාප දෙකක අලෙවිය හා ලාභ ලැබීම් උපරිමත්වයට පත්කිරීමට අවශ්‍ය ක්‍රමෝපායන් සාර්ථකව සංවර්ධනය කර ඒවා ප්‍රතිෂ්ඨාපනය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. එමෙන්ම ඔහු බැංකුවේ අභ්‍යන්තර සම්පත් මණඩලයෙහි සාමාජිකයෙකු ලෙස ක්‍රියාකරමින් මුදල් ණයට දෙන අංශයෙහි කළමනාකරුවන් හා ණයදෙන නිලධාරීන්ව පුහුනුකිරීමේ වැඩසටහන් පැවැත්වූවෙකි.

එමෙන්ම විජයතිලක මහතා, ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයෙහි සාමාජිකත්වය හා ජාත්‍යන්තර වෘත්තීය කළමනාකරුවන්ගේ සංගමයේ (එක්සත් රාජධානිය) සහකාර සාමාජිකත්වය දරන්නෙකි. තවද ඉන්දියාවේ ICFAI සරසවියෙන් ඔහු තම කළමනාකරණ ඩිප්ලෝමාව හදාරා ඇති අතර, කොමර්ෂල් බැංකුවේ දිගුකාලීන සේවා කාලයේදී එම බැංකුව නියෝජනය කරමින් සිංගප්පූරුව, බංග්ලාදේශය, චීනය හා ජර්මනියෙහි පුහුනු වැඩසටහන් රැසකට සහභාගීවූවෙකි. එයට අමතරව විජයතිලක මහතා, කොමර්ෂල් බැංකුවෙන් විශ්‍රාමගැනීමෙන් පසු කෙටි කළක් සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස් සමාගමෙහි අනුකූලතා අංශයෙහි සහකාර කළමනාකරුවෙකු ලෙස සේවය කර ඇත.



අසෝක බණ්ඩාර මහතා

අසෝක බණ්ඩාර මහතා, MNC ඇතුළු ප්‍රමුඛතම දේශීය සමාගම් රැසක වෙළෙඳපොල අවශ්‍යතා උත්පාදනය හා ව්‍යාපාර සංවර්ධනය පිළිබඳව වසර 30කට වැඩි විශේෂඥතාවක් හිමි කරගත්තෙකි. එමෙන්ම නෙස්ලේ ලංකා පීඑල්සී සමාගමෙහි MANCOM සාමාජිකයෙකු සේම ඩෙල්මේජ් ෆොර්සිත් ව්‍යාපාර සමූහයේ සමූහ කළමනාකාර අධ්‍යක්ෂකවරයා ලෙසද කටයුතු කර ඇත. දැනටද ඔහු මෙරට දැවැන්ත ව්‍යාපාර සමූහයන් සඳහා කළමනාකරණ උපදේශන සේවා සපයන්නෙකි. ප්‍රබල සන්නාම ව්‍යාපාර ගොඩනැගීම හා අලෙවි කණ්ඩායම් ප්‍රවර්ධනය සම්බන්ධයෙන් ඔහු ප්‍රබල හැකියාවක් පෙන්නුම් කරන්නෙකි. විශේෂයෙන්ම පුහුනුකරුවෙකු ලෙස කණ්ඩායම් නායකත්ව ප්‍රවර්ධනය, පෞරුෂ වර්ධනය හා තම MBA ඉගැන්වීම් දැනුම තුළින් නායකත්වය, ක්‍රමෝපාය කළමනාකරණය, උසස් අලෙවිකරණය හා විකුණුම්කරණ කළමනාකරණය වැනි විෂයයන් ඉගැන්වීම සම්බන්ධයෙන් විශේෂඥතාවක් දක්වනු ඇත. එයට අමතරව අසෝක බණ්ඩාර මහතා, තම ගැටළු කළමනාකරණ විශේෂඥතාව උපයෝගී කරගනිමින් ප්‍රමුඛ සමාගම් හා එහි ප්‍රමුඛ පාර්ශ්වකරුවන් අතර සාකච්ජා කරන්නෙකු ලෙසින් ද කටයුතු කරයි.



ක්ලයිව් ෆොන්සේකා මහතා

ක්ලයිව් ෆොන්සේකා මහතා, ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමයෙහි සාමාජිකයෙකුවන අතර, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙහි කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයෙන් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ දර්ශනවේදී උපාධිය හිමි කරගත්තෙකි. එමෙන්ම භාණ්ඩාගාර කළමනාකරණය පිළිබඳ වසර 26කට වැඩි පළපුරුද්දක් හිමි ඔහු ACI ගනුදෙනු සඳහා විශිෂ්ටත්වයේ සහතිකය ලැබූවෙකි. තවද ඕස්ටේ්‍රලියාවේ සහතිකලත් කළමනාකරණ ගණකාධීවරුන්ගේ සංගමයෙහි (CMA) සහතිකලත් සාමාජිකයෙකි. වසර 2018 ජූලි මසදී ‘ප්‍රාථමික ගනුදෙනුකරුවන්ගේ සංගමයෙහි’ සභාපති ධූරයට පත්වූ අතර එම ධූරයෙහි ඔහු වර්තමානයේත් කටයුතු කෙරේ. තවද ක්ලයිව් ෆොන්සේකා මහතා, ‘ජාතික ගෙවීම් කවුන්සලය’ හා ශ්‍රී ලංකා මහ බැංකුවේ ‘මූල්‍ය ක්‍රමවේද ස්ථායිතා උපදේශන මණ්ඩලයෙහි’ සාමාජිකත්වය දැරීමද විශේෂත්වයකි. තවදුරටත් ඔහු ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමයෙහි IABF/DABF විභාග සඳහා ප්‍රධාන විභාග පරීක්ෂකවරයෙකු ලෙස කටයුතු කරන්නෙකි.

ක්ලයිව් ෆොන්සේකා මහතා, මහාජන බැංකුවට සම්බන්ධවන්නේ වසර 2002 දීය. එයට පෙර ඔහු ඇමෙරිකන් එක්ස්ප්‍රස් බැංකුව හා ස්ටෑන්ඩර්ඞ් චාර්ටඞ් බැංකුවෙහි සේවය කර ඇත.



අසාම් ඒ. අහමට් මහතා

අසාම් ඒ. අහමට් මහතා, මූල්‍ය අංශ ප්‍රධානී ලෙස මහජන බැංකුවට එක්වූයේ වසර 2017 ජනවාරී මස 03 වනදාය.

ඔහු ක්‍රමෝපාය මුල්‍ය කළමනාකරණය, විකල්ප ආයෝජනය හා අවදානම සම්බන්ධයෙන් වසර 18කට ආසන්න කාලයක් දේශීයව හා විදේශීයව අත්දැකීම් ලැබූවෙකි. එමෙන්ම මහජන බැංකුව සමඟ එක්වීමට පෙර ඔහු දැවැන්ත බහුජාතික වෘත්තීය සේවා ආයතන ඇතුළුව මෙරට වෙළෙඳපොලේ ප්‍රමුඛතම සේවා සැපයුම් සමාගම්වල සේවය කර ඇත. කළමනාකරණ ගණකාධීකරුවන්ගේ වරලත් ආයතනයෙහි (එක්සත් රාජධානිය) සාමාජිකයෙකුවන අසාම් ඒ. අහමට් මහතා වරලත් සහතිකලත් ගණකාධීකරුවන්ගේ සංගමයෙහි (එක්සත් රාජධානිය) සාමාජිකත්වය දරන්නෙකි. එමෙන්ම ඔහු ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධීකරුවන්ගේ ආයතනයෙහි සාමාජිකත්වය හිමිවූවෙකි. එයට අමතරව අහමට් මහතා එක්සත් රාජධානියේ අවදානම් කළමනාකරණ ආයතනයෙහි තාක්ෂණික විශේෂඥයෙකු වන අතර ඕස්ටේ්‍රලියාවේ සහතිකලත් ප්‍රායෝගික ගණකාධිකාරවරයෙකු ද වන්නේය. එමෙන්ම ඔහු එක්සත් රාජධානියේ සුරකුම්පත් හා ආයෝජන වරලත් ආයතනයෙහි සාමාජිකත්වය දරන්නෙකි.



රොහාන් පතිරගේ මහතා

රොහාන් පතිරගේ මහතා, අධ්‍යක්ෂ මණ්ඩලයට පත්වන්නේ වසර 2020 ජූලි මස 07 වනදාය. එමෙන්ම මහජන බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මානව සම්පත් හා නීතී) තනතුර වර්තමානයේ දරන්නේද පතිරගේ මහතාය. වර්තමාන තනතුර සමඟින් ඔහු 10,000 අධික ශ්‍රම බලකායක් හා කළමනාකරුවන් පිරිසකගේ කාර්ය සාධනය කරන්නේ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීන් පත්කිරීම හා බැංකුවේ මානව සම්පත් අවශ්‍යතා සපුරාලමිනි. එයට අමතරව මහජන බැංකුවේ සාමාජිකයන් 70කින් යුත් නීතී කණ්ඩායම මෙහෙයවන්නේ ද ඔහු විසිනි.

තවද පීපල්ස් ලීසිං හැව්ලොක් ප්‍රොපර්ටීස් සමාගමේ සභාපති ධූරය දරණ රොහාන් පතිරගේ මහතා පීපල්ස් මයික්‍රෝ කොමර්ස් හා බංග්ලාදේශයේ ලංකන් එලායන්ස් ෆිනෑන්ස් සමාගම්වල අධ්‍යක්ෂවරයෙකු ද වේ.

මහජන බැංකුවේ මානව සම්පත්, නීති හා පාරිපාලනය සම්බන්ධයෙන් වසර 24කට වැඩි පළපුරුද්දක් හිමි පතිරගේ මහතා වසර 2010 අගෝස්තු මස සිට 2019 මාර්තු මස දක්වා කාලයේදී නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී හා මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්වරයා ලෙස සේවය කර ඇත. ඒ අනුව මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය හා එහි විවිධ අනු කමිටුවල කාර්යයන් සඳහා පරිපාලනමය සහයෝගය ඔහු විසින් දක්වා තිබේ.

නීතීවේදියෙකුවන පතිරගේ මහතා කොළඹ විශ්ව විද්‍යාලයෙන් නීතී උපාධිය ලැබූවෙකි. එමෙන්ම ඔහු නවසීලන්තයේ මැසී විශ්ව විද්‍යාලයෙන් බැංකු කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියකට ද හිමිකම් කියන්නෙකි. එයට අමතරව ඔහුට බැංකුකරණය පිළිබඳ පශ්චාත් ඩිප්ලෝමාවක් හිමි කරගෙන තිබේ.



රංජිත් කොඩිතුවක්කු මහතා

රංජිත් කොඩිතුවක්කු මහතා මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී තනතුරට පත්වූයේ වසර 2020 ජූනි මස 19 වනදාය. නමුත් 1982 දී මහජන බැංකුවේ සේවය ඇරඹූ කොඩිතුවක්කු මහතා ශාඛා බැංකුකරණය, පාරිභෝගික බැංකුකරණය, වාණිජ බැංකුකරණය, සමාගම් බැංකුකරණය, විදේශීය බැංකුකරණය, ජාත්‍යන්තර බැංකුකරණය, ව්‍යාපෘති මූල්‍යකරණය, මුදල් අයකරගැනීම් හා ඩිජිටල්කරණය ආදී පුළුල් පරාසයක පැතිරුණු බැංකු කටයුතු සම්බන්ධයෙන් විශේෂඥතාවක් දක්වන්නෙකි. විවිධ භූගෝලීය කලාපයන් හි විවිධ හැකියාවන් යටතේ සේවය කිරීම තුළින් ඔහු පුළුල් දෙස් විදෙස් පුහුනුව හා වෘත්තීමය හැකියාවන් වර්ධනය කරගත්තෙකි.

මහජන බැංකුව ඩිජිටල්කරණය වීමේදී ව්‍යාපාරික අවශ්‍යතා ඩිජිටල් මුහුණුවරට ගැලපෙන ආකාරයට පරිවර්තනය කිරීමේදී ඔහු ප්‍රබල භුමිකාවක් දැරූවෙකු ලෙස හඳුන්වා දිය හැක. එමෙන්ම එම ඩිජිටල්කරණය ට අනුගතවීමේදී ක්ෂේත්‍රයේ ඉහළම කාර්ය සාධනය හා ව්‍යාපාරික ක්‍රියාවලිය නැවත සැකසීමේදී කොඩිතුවක්කු මහතාගේ කාර්යභාරය හා මඟපෙන්වීම හේතුවෙන් මහජන බැංකුවට ගෞරවනීය දේශීය හා ජාත්‍යන්තර සම්මාන හා ඇඟයීම් රැසක්ම හිමිව තිබේ.

එයට අමතරව වසර 2009 දී සිදු කළ ‘මානූෂීය මෙහෙයුම’ අවසන්වීමත් සමඟ ම උතුරු පලාතේ ජනදිවිය හා ආර්ථිකය නැවත ගොඩනැංවීමේ අරමුණෙන් නැවත බැංකු ශාඛා විවෘතකිරිමේ ක්‍රියාවලියේදී ද කොඩිතුවක්කු මහතා ප්‍රමුඛතම භූමිකාවක් දැරීය.

තවද රංජිත් කොඩිතුවක්කු මහතා, පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගම, පීපල්ස් ට්‍රැවල්ස් සමාගම, බංග්ලාදේශයේ ලංකන් එලායන්ස් ෆිනෑන්ස් සමාගම, ෆිනෑන්ස් ඔම්බුඞ්ස්මන් ශ්‍රී ලංකා (ගැරැන්ටි) සමාගම, ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය, ලංකා ක්ලියර් (පුද්.) සමාගම, ජාතික ගෙවීමේ කවුන්සලය, ශ්‍රී ලංකා බැංකු සංගමය (ගැරැන්ටි) සමාගම, ලංකා මූල්‍ය සේවා කාර්යාංශය හා ශ්‍රී ලංකා බැංකුකරුවන් ගේ සංගමයේ අධ්‍යක්ෂවරයෙකු ලෙසින් ද සේවය කරනු ඇත.

රංජිත් කොඩිතුවක්කු මහතා කොළඹ විශ්ව විද්‍යාලයෙන් මූල්‍යකරණය පිළිබඳ විශේෂඥතාවකින් යුත් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හිමි කරගත්තෙකි. එමෙන්ම එක්සත් රාජධානියේ නිව් බකිංහැම්ෂයර් විශ්ව විද්‍යාලයෙන් නීතිය පිළිබඳ ගෞරව උපාධියකට හිමිකම් කියන ඔහු ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයෙහි සහකාර සාමාජිකයෙකුද වේ.