ජ්‍යෙෂ්ඨ පුරවැසි ඉතිරිකිරීම්


ප්‍රධාන ප්‍රතිලාභ

  • දිනය අවසානයේ ඉතුරුම් ශේෂය මත පදනම්ව පොළිය දිනපතා ගණනය කරන අතර, එය මාසිකව බැර කරනු ලැබේ. ඉතුරුම් ශේෂ පරාමිතීන් සහ පොළී අනුපාත පහත දැක්වේ.
ඉතුරුම් ශේෂයඅදාළ වන
පොළී
අනුපාතය
වාර්ෂික සඵල පොළී
අනුපාතය (A.E.R.)
රු.299,999/- දක්වා6.5%6.69%
රු.300,000/- සිට රු.499,999/-
දක්වා
6.75%6.96%
රු.500,000/- සිට රු.999,999/-
දක්වා
7.00%7.23%
රු.1,000,000/- ට වැඩි7.25%7.49%
  • අන්තර්ජාල බැංකු පහසුකම හරහා දිනකට රුපියල් 1,000,000/- දක්වා මුදල් හුවමාරු කිරීමේ පහසුකම.
  • දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය හරහා පහසුවෙන් මුදල් තැන්පත් කිරීම් / මුදල් ආපසු ගැනීම් / මුදල් පැවරීම් (fund transfers) සහ මහජන බැංකුවේ CDMA හරහා මුදල් තැන්පත් කළ හැකි වීම.
  • ඔබ ළඟට පැමිණ ඉතුරුම් මුදල් එකතු කිරීමේ සේවාව. (Palmtop Collection) සහ වෙළෙන්දන් සඳහා QR පහසුකම.
  • කිසිදු අයකිරීමකින් තොරව ලබාදෙන ඩෙබිට් කාඩ්පත.
  • ඩෙබිට් කාඩ්පත සඳහා වාර්ෂික ගාස්තුවක් අය නොකිරීම.
  • ඕනෑම මහජන බැංකුවක ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයකින් හෝ වීසා අනුකූල
  • ටෙලර් යන්ත්‍රයකින් මුදල් ආපසු ගැනීමට හැකියාව ලබාදෙන වීසා ජාත්‍යන්තර ඩෙබිට් කාඩ්පත.
  • දේශීය සහ විදේශීය භාවිතය – දිනකට රුපියල් 100,000/- ක් දක්වා හර කිරීම/ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයකින් මුදල් ආපසු ගැනීම් හෝ දිනකටරුපියල් 150,000/- ක් දක්වා මිලදී ගැනීම් (POS පමණි. / POS + ATM).
  • වීසා සක්‍රීය ඩෙබිට් කාඩ්පත හරහා ඔබගේ ගිණුමට ලොව පුරාම ඕනෑම
  • ස්ථානයක දී පැය 24 පුරාම ප්‍රවේශය.
  • විද්‍යුත් – වාණිජ්‍ය පහසුකම.
  • ගාස්තු රහිත ස්ථාවර නියෝග පහසුකම.
  • තැන්පතු, මුදල් ආපසු ගැනීම් වැනි සෑම ගණුදෙනුවක් සඳහා සහ ස්ථාවර නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ගාස්තු රහිත SMS දැන්වීම් පහසුකම.
  • සමාගම විසින් ගිණුම් හිමිකරුගේ නමට හෝ පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම වෙත නිකුත් කර ඇති, ගිණුම් හිමිකරුගේ නම සහ ගිණුම් අංකය ඇතුළත් චෙක්පත් භාරගනු ලැබේ.
  • මුදල් ශේෂය තහවුරු කරමින් ප්‍රකාශ නිකුත් කිරීම.