සෙල්ෆ්-ඊ-කෑෂ්


ස්ථාවර තැන්පතු ඇපයට තබා ණයවරයක් ලබාගැනීමේ නවතම සැලසුම. ඔබට හැකි පමණින් හැකි වේලාවට ස්ථාවර තැන්පතු යොදවා හෝ ඉවත්කර හෝ ණය මුදල කළමනාකරණය කිරීමේ හැකියාව ඔබ සතුවේ. මේ සියළු ගණුදෙනු ඕනෑම ATM, POS, PLCOnline හෝ මුදල් කවුන්ටරයකින් සිදුකළ හැකියි.


ප‍්‍රතිලාභ

  • ලියකියවිලි භාවිතයෙන් තොරව. සියල්ල සිදුවන්නේ පරිගණක පද්ධතිය හරහා වන හෙයින් අතිශයින් පරිසර හිතකාමීය.
  • තැන්පතු කාලය, කල්පිරීම, පොළී අනුපාතය, පොළී අනුපාත ගෙවීමේ කාලය යන මේ කිසිවක් නොතකා ඔබට ඔබේ ස්ථාවර තැන්පතු භාවිතය පවත්වාගෙන යා හැකිය.
  • ගෙවීමට ඇති ණය මුදල පියවා ඔබට ඔබේ තැන්පතු සංචිතය පවත්වාගෙන යා හැකිය.
  • පෙර දැනුම්දීමකින් එක් වතාවක් පමණක් සිදුකෙරෙන ලියකියවිලි ලේඛණය.
  • පූර්ණ වශයෙන් හෝ ඉන් අඩක් හෝ හිඟ මුදල් පියවා දැමිය හැකිය.
  • හිඟ ප‍්‍රාග්ධනය මත පොළිය දෛනිකව ගණන් බැලේ.
  • ලොවේ කොහේ හිටියත් ඕනෑම දිනක ඕනෑම පැයක Visa පහසුකම් සැලසූ ඕනෑම ATM හෝ POS යන්ත‍්‍රයකින් ණයවර පහසුව ලබාගත හැකිය.