පීපල්ස් ලීසිං සමාගමේ නව සභාපති ලෙස ප‍්‍රදිප් අමිර්තනායගම් මහතා පත් කෙරේ


2022 සැප්තැම්බර් මස 12 වන දා සිට බලපැවැත්වෙන පරිදි පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් පිඑල්සි සමාගමෙහි ස්වාධින විධායක නොවන සභාපතිවරයා ලෙස ප‍්‍රදිප් අමිර්තනායගම් මහතා පත් කර ඇත.

2022 ජුලි 15 වන දින සිට ස්වාධින විධායක නොවන අධ්‍යක්ෂකවරයෙකු ලෙස ද පීපල්ස් ලීසිං සමාගමේ කටයුතු කරන ප‍්‍රදිප් අමිර්තනායගම් මහතා 2015-2019 දක්වා නියෝජ්‍ය සභාපති ලෙසත් 2019-2020 කෙටි කාල සිමාව තුල සභාපතිවරයා ලෙසත් සේවය කර ඇත. එසේම ඔහු ලන්කන් එලායන්ස් ෆිනෑන්ස් හි අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කර තිබේ.

අමිර්තනායගම් මහතා, වරලත් අලෙවිකරණ ආයතනයේ ( එක්සත් රාජධානියේ ) සාමාජිකයෙකු වන අතර එක්සත් රාජධානියේ ති‍්‍රත්ව සංගිත විද්‍යාලයේ (Trinity College of Music) කථන හා නාට්‍ය අංශයේ සාමාජිකයෙකි. ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය හා ගුවන් විදුලි සංස්ථාව යන මාධ්‍ය ආයතන ති‍්‍රත්වයේම ප‍්‍රවෘත්ති නිවේදකයෙකු ලෙස කටයුතු කර ඇති ඒ මහතා වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු මෙන් ම කි‍්‍රකට් විස්තර විචාරකයෙකු ලෙස ද කටයුතු කර ඇත. මීට අමතරව ඔහු ලන්ඩනයේ බීබීසි මුලස්ථානය වන ”බුෂ් හවුස්” හි පුහුණුවද ලබා තිබේ.

බටහිර කොළඹ රොටරි සමාජයේ 50 වැනි සභාපතිවරයා ලෙස පත් වු ඔහු 2012  ”වසරේ රොටරියන් ” සම්මානයෙන් ද පිදුම් ලැබිය.  ලාදුරු රෝගයෙන් පීඩාවට පත් වුවන් නගා සිටුවීම හා පුණුරුත්ථාපනය කිරිමේ සංගමයේ උප සභාපතිවරයා ලෙස ද අනුර බණ්ඩාරනායක පදනමේ අධ්‍යක්ෂකවරයා ලෙස ද කටයුතු කරනු ලබයි.

සුජීව රාජපක්ෂ මහතාගෙන්  පසු නව ස්වාධින විධායක නොවන සභාපතිවරයා ලෙස අමිර්තනායගම් මහතා පත්වීමත් සමග පීපල්ස් ලීසිං අධ්‍යක්ෂ මණ්ඩලය ලෙස ආර්. පතිරගේ මහතා, කේ. සි. ජේ. සි. ෆොන්සේකා මහතා, ඒ. ඒ. අහමත් මහතා, සී. ජේ. විජේතිලක මහතා, යු. එල්. ඒ. ඩබ්. බණ්ඩාර මහතා, එම්. සී. පීටර්ස් මෙනවිය සහ ආර්. කොඩිතුවක්කු යන මහත්ම මහත්මින් කටයුතු කරනු ලබයි.

පීපල්ස් ලීසිං සමාගම යනු ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ බැංකු නොවන මුදල් ආයතනයක් වන අතර ප‍්‍රමුඛ රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත මුදල් ආයතනයකි. විශේෂිත ලීසිං සමාගමක් ලෙස වර්ෂ 1996 දී මෙහෙයුම් කටයුතු ආරම්භ කළ පීපල්ස් ලීසිං සමාගම 2011 වසරේ කොළඹ කොටස් වෙළඳපලේ ලැයිස්තුගත විය. පීපල්ස් ලීසිං සමාගම බංග්ලාදේශයේ විදේශීය ව්‍යාපාරයක් ඇතුළු අනුබද්ධිත ක්ෂේත‍්‍ර හයක් හරහා විවිධාංගීකරණය වු බැංකු නොවන මූල්‍ය බලවතෙක් දක්වා වර්ධනය වී ඇත.