බාගත කරන්න



අමතන්න :+94 11 2 20 63 63 | විද්‍යුත් තැපැල්:plccards@plc.lk


පීඑල්සී ටච්
ඔබට අවශ්‍ය සියළුම මූලික පහසුකම් එකම තැනකින්

PLC Touch සමගින්, ඔබගේ සියලු මූල්‍ය සම්පත් ඒකාබද්ධ කර ඔබ සංචරණය වන ඕනෑම තැනකට ඔබ සමගම ඒවා රැගෙන යන්න! සියලුම ඉතුරුම් ගිණුම්, ණය, ලීසිං පහසුකම්, ස්ථාවර තැන්පතු සහ රක්‍ෂණාවරණ පිළිබඳව අංශක 360ක දසුනක් පිරිනමමින් PLC Touch අසමසම පහසුකම් රාශියක් එකම ජංගම දුරකථන යෙදවුමක් ඔස්සේ ලබා දෙයි.

ඕනෑම ස්ථානයක සිට, ඕනෑම වේලාවක ඕනෑම බැංකු ගිණුමක් හා සම්බන්ධ වී මුදල් රහිත ඩිජිටල් ගනුදෙනු භුක්ති විඳින්න. තවද, PLC Touch යෙදවුම කාඩ්පත් අගුළු දැමිම/අගුළු හැරීම, කාඩ්පත් අත්හිටුවීම සහ වෙනත් විශේෂ දීමනා/ප්‍රවර්ධන වැනි විශේෂාංග රැසක් එකම වේදිකාවක් ඔස්සේ පිරිනමයි.


PLC Touch ජංගම දුරකථන යෙදවුමේ ප්‍රධාන විශේෂාංග වන්නේ:

  • ඕනෑම බැංකු ඉතුරුම් ගිණුමක් සම්බන්ධ කරගැනීම සහ සිතියම්ගත කරගැනීම
  • ක්ෂණික CEFT මුදල් හුවමාරු කිරීම්
  • උපයෝගිතා, ලීසිං/ණය ගෙවීම්, රක්ෂණ වාරික සහ ජංගම රීලෝඩ් ද ගෙවීම
  • වඩා ආරක්ෂිතව ගෙවීම් සිදුකිරීමට පෞද්ගලික QR කේතයක් හරහා මුදල් හුවමාරු කිරීම
  • ඔබගේ ගිණුම් අංකය ඔබගේ දුරකථන අංකය ලෙස පරිවර්තනය කරගැනීම
  • ස්ථාවර තැන්පතු, රක්ෂණාවරණ සහ ATM කාඩ්පත් කළමනාකරණය, අධීක්ෂණය සහ ප්‍රායෝගිකව යෙදවීම
  • සමස්ත ගනුදෙනු අධීක්ෂණය (ATM, POS, QR, CEFT ආදීන්.)
  • ඉක්මන් සහ පහසු පියවර 3කින් පුරනය වීම
  • භාෂාත්‍රයෙන්ම (සිංහල, දෙමළ සග ඉංග්‍රීසි) සහාය ලබාදීම
  • විශේෂ දීමනා සහ ප්‍රවර්ධන සඳහා වන ප්‍රවේශය

අප ඔබට සහය වන්නෙමු

මෙම සේවාව සඳහා ලියාපදිංචි වන්නේ කෙසේද?

ඔබගේ පීඑල්සී ඉතුරුම් ගිණුම් අංකය හෝ මහජන රක්ෂණ ඔප්පු අංකය සමග ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය යොදාගනිමින්.

පීඑල්සී සමඟින් ඔබ ලියාපදිංචි වූ ප්‍රධාන ජංගම දුරකථන අංකය පමණක් යොදාගනිමින් ඔබට PLC TOUCH සඳහා ලියාපදිංචි විය හැක.

කුමන උපාංග ඔස්සේ මෙම සේවාව භාවිතා කළ හැකිද?

PLC TOUCH යනු ජංගම දුරකථන සහ ටැබ් පදනම් කරගත් යෙදවුමකි. එය Android සහ iOS මෙහෙයුම් පද්ධති ද්විත්වයේම ක්‍රියාත්මක වේ.

මට ඉටු කළ හැකි කාර්යයන් මොනවාද?
  • තෙවන පාර්ශවයේ ගිණුම් (වෙනත් බැංකුවල ගිණුම්) සිතියම්කරණය
  • පවත්වාගෙන යනු ලබන සියලුම පීඑල්සී ඉතුරුම් ගිණුම් සහ පීඑල්සී පහසුකම්වල සාරාංශය දැකබලාගැනීම
  • ලීසිං සහ ණය කුලී ගෙවීම
  • ගනුදෙනු ඉතිහාසය දැකබලාගැනීම (ATM, POS, QR, CEFT ආදීන්)
  • මුදල් හුවමාරු කිරීම (පීඑල්සී සහ අනෙකුත් බැංකු වෙත)
  • බිල්පත් ගෙවීම්
  • ජංගම දුරකථන රීචාර්ජ් කිරීම
  • QR මගින් ගෙවීම
  • QR මගින් මුදල් ලබාගැනීම
  • රක්‍ෂණාවර කළමනාකරණය (වාරික ගෙවීම්, නව රක්‍ෂණාවරණ සඳහා අයදුම් කිරීම, හිමිවන මුදල් කළමනාකරණය ආදිය)
  • ක්ෂණික ස්වයං මුදල් ණය
  • ඩෙබිට් කාඩ් අගුළු දැමීම /අගුළු හැරීම
  • අස්ථානග වූ කාඩ්පත් අත්හිටුවීම
  • ගිණුම් අංකය පෞද්ගලික ජංගම දුරකථන අංකය ලෙසට පරිවර්තනය කිරීම
මට ගනුදෙනුවක් සෙවිය හැක්කේ කෙසේද?

PLC TOUCH යෙදවුම භාවිතයෙන් ඔබට ඔබගේ ජංගම දුරකථනය ඔස්සේ ඔබගේ ගනුදෙනු ඉතිහාසය බලාගැනීමට හැකි වනු ඇත. තවද, ඔබට App Notifications icon යටතේ සිදුකරන ලද ගනුදෙනු බලාගැනීමට හැකි වනු ඇත. මෙම යෙදවුම යොදාගනිමින් ඉටුකරන ලද සෑම ගනුදෙනුවක් සඳහාම වෙනම විද්‍යුත් තැපෑලක් ද ජනනය වනු ඇත.

මාගේ පරිශීලක නාමය/මුරපදය අමතක වුවහොත් මා කළ යුත්තේ කුමක් ද?

පිවිසුම් පිටුවේ ඇති "Forgot Password" තේරීමෙන් යෙදවුම හරහා ඔබට මෙය කළ හැකිය. නොඑසේනම් කරුණාකර +94 11 2 20 63 63 ඔස්සේ ඇමතුම් මධ්‍යස්ථානය අමතා නව මුරපදයක් ලබාගන්න

PLC TOUCH හරහා වෙනත් ගිණුමකට (වෙනත් පීඑල්සී ගිණුමකට හෝ වෙනත් බැංකුවක ගිණුමකට) මුදල් එවිය හැක්කේ කෙසේද?

යෙදවුමේ මුල් තිරයේ ඇති “Fund transfer” තේරීමෙන් ඔබේම ගිණුම්, වෙනත් ඕනෑම පීඑල්සී ගිණුම් සහ වෙනත් බැංකුවල්වල ගිණුම් සමග මුදල් හුවමාරු කළ හැක.

මට මාගේ Self-e-cash ගිණුමෙන් ණයක් ලබා දී මුදල් හුවමාරු කළ හැකිද?

ඔව්. ක්ෂණික ණය මෙනුවේ "Self-e-cash" තේරීමෙන් ඔබට Self-e-cash ණය ලබා දිය හැක. එම මුදල් ක්ෂණිකව ඔබේ ඉතුරුම් ගිණුමට බැර කෙරේ.

මාර්ගගතව සිදුකරන ලද ගෙවීම් කෙතරම් ඉක්මනින් සාක්ෂාත් කර ගැනීමට හෝ ක්‍රියාවට නැංවීමට හැකිද?
  • පීඑල්සී ගිණුම් අතර වූ ගනුදෙනු වහාම සිදු කෙරෙනු ඇත.
  • වෙනත් ඕනෑම බැංකුවක ගිණුම් වෙත කෙරෙන මුදල් හුවමාරුව (CEFT) වහාම සිදු කෙරේ.
  • බිල්පත් ගෙවීම් - විදුලි සංදේශ බිල්පත්: සියලු ගෙවීම් වහාම යාවත්කාලීන කෙරෙනු ඇත.
  • පීඑල්සී ලීසිං / ණය ගෙවීම් දවස අවසන් වීමට පෙර ක්‍රියාත්මක වනු ඇත.
මම නව දුරකථනයක් භාවිතා කරන්නේ නම් මා කළ යුත්තේ කුමක්ද?

ඔබගේ අළුත් ජංගම උපාංගයේ යෙදවුම බාගත කර ඔබගේ පවතින පිවිසුම් සහතිකපත්‍ර භාවිතයෙන් ඔබගේ නවතම උපාංගය ඔබගේ පරිශීලක ප්‍රොෆයිලය සමග ලියාපදිංචි කළ හැක.

මගේ ජංගම උපාංගය අස්ථානග වුවහොත් මා කළ යුත්තේ කුමක්ද?

PLC TOUCH යෙදවුම ඔබගේ පිවිසුම් සහතිකපත්‍ර හෝ ගනුදෙනු විස්තර ඔබගේ ජංගම දුරකථනයේ ගබඩා නොකරයි. එමනිසා, ඔබ තෙවන පාර්ශවයකට ඔබගේ පිවිසුම් තොරතුරු ලබා දී නොමැති නම්, ඔබගේ උපාංගය සොරකමකට ලක්වූවද, අනවසර ප්‍රවේශයක් සිදුවීමේ අවදානමක් නොමැත. ඔබගේ පිවිසුම් තොරතුරු අන් අය සමග බෙදා ගැනීම හෝ ඔබගේ පරිශීලක නාමය/මුරපදය ඔබගේ දුරකථනයේ (උදා: ඔබගේ සම්බන්ධතා ලැයිස්තුවේ) ගබඩා කිරීම හෝ නොකළ යුතු යැයි අපි තරයේ නිර්දේශ කරමු. මන්දයත්, එසේ ගබඩා කරන ලද තොරතුරු ඔබගේ උපාංගයට ප්‍රවේශය ඇති ඕනෑම පාර්ශවයක් විසින් ගත හැකි බැවිනි. තවද, ඔබට ඇමතුම් මධ්‍යස්ථානය අමතා PLC TOUCH ගිණුම අක්‍රීය කිරීමේ හැකියාවද ඇත.

මම මාගේ ජංගම දුරකථන අංකය වෙනස් කළහොත් මා කළ යුත්තේ කුමක්ද?

ඔබ ඕනෑම පීඑල්සී ශාඛාවක් වෙත ගොස් ලිඛිතව එම වෙනස් කිරීම දැනුම් දිම හරහා ඔබගේ විස්තර යාවත්කාලීන කළ යුතුය. ඉන්පසු ඔබට ජංගම දුරකථන අංකය වෙනස් කිරීමට පෙර භාවිතා කළ පරිශීලක නාමය/මුරපදය යොදාගනිමින් PLC TOUCH වෙත පිවිසිය හැක.

මෙම සේවාවන් භාවිතා කිරීම සඳහා ගාස්තුවක් අය කරන්නේද?

දැනට PLC TOUCH යෙදවුමේ භාවිතය සඳහා ඔබගේ ඉතුරුම් ගිණුමෙන් කිසිදු ගාස්තුවක් අය නොකෙරේ.

මට මගේ පිවිසුම් අනන්‍යතාව සහ මුරපදය වෙනස් කළ හැකිද?

ඔව්. ඔබට "change your password" තේරීමෙන් එය කළ හැක. ඔබගේ මුරපදය ඔබ කැමති ලෙස වෙනස් කළ හැක. කෙසේ වෙතත් ඔබට පරිශීලක අනන්‍යතාව වෙනස් කළ නොහැක.

මම PLC TOUCH යෙදවුම අක්‍රීය කරගන්නේ කෙසේද?

ඇමතුම් මධ්‍යස්ථානය අමතා ඔබගේ ප්‍රොෆයිලය අක්‍රීය කරගැනීමට ඔබට හැකියාවක් ඇත.

PLC TOUCH භාවිතා කිරීම පිළිබඳ මට උදවු අවශ්‍යනම් හෝ මගේ ගනුදෙනු සම්බන්ධයෙන් කිසියම් විමසීමක් ඇත්නම් මා කළ යුත්තේ කුමක්ද?

කරුණාකර +94 11 2 20 63 63 යන දුරකථන අංකය ඔස්සේ පැය 24ම කාර්යයේ නියුතු අපගේ ඇමතුම් මධ්‍යස්ථානය අමතන්න.