XI වන විවෘත ප‍්‍රවීණයන්ගේ මළල ක්‍රීඩා ශූරතාවලියේ දී පිපල්ස් ලීසිං සමාගමේ ක්‍රීඩකයින් විශිෂ්ඨ දක්ෂතා දක්වයි


මධ්‍යම පළාත් මළල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරනු ලබන XI වන විවෘත ප‍්‍රවීණයන්ගේ මළල ක්‍රීඩා ශුරතාවලිය අගෝස්තු මස 27 සහ 28 දිනයන්හි දි මහනුවර බෝගම්බර ක්‍රීඩාංගනයේ දී අති උත්කර්ෂවත් අයුරින් පැවත්විණි. එම තරගාවලියට සහභාගී වු පීපල්ස් ලීසිං සමාගමේ ක්‍රීඩකයින් තරග ඉසව් රාශියකින් ජයග‍්‍රහන ලබා ගන්නා ලදී.


පීපල්ස් ලීසිං සමාගමේ ෂර්මන් ප‍්‍රනාන්දු විසින් පිරිමි මීටර් 110 සහ මීටර් 400 කඩුලූ මතින් දිවිම යන තරග ද්විත්වයේ රන් පදක්කම් දිනා ගැනිමට සමත් විය. පිරිමි මීටර් 1500 සහ 5000 ඉසව් ද්විත්වයෙන් එස්. සිව කුමාර් ද මීටර් 110 කඩුලූ මතින් දිවිමේ ඉසව්වෙන් එම්. මොහාන් නානායක්කාර ද පිරිමි හෙල්ල විසිකිරිමේ ඉසව්වෙන් එම්. ඒ. වී. වසන්ත සහ මිටිය විසිකිරිමේ ඉසව්වෙන් කේ. සම්පත් ප‍්‍රසංග යන ක්‍රීඩකයින් ලෝකඩ පදක්කම් දිනා ගත්හ.


පීපල්ස් ලීසිං සමාගම යනු ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ බැංකු නොවන මුදල් ආයතනයක් වන අතර ප‍්‍රමුඛ රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත මුදල් ආයතනයකි. විශේෂිත ලීසිං සමාගමක් ලෙස 1996 දී මෙහෙයුම් කටයුතු ආරම්භ කළ පීපල්ස් ලීසිං සමාගම 2011 වසරේ කොළඹ කොටස් වෙළඳපලේ ලැයිස්තුගත විය. පීපල්ස් ලීසිං සමාගම බංග්ලාදේශයේ විදේශීය ව්‍යාපාරයක් ඇතුළු අනුබද්ධිත ක්ෂේත‍්‍ර හයක් හරහා විවිධාංගීකරණය වු බැංකු නොවන මූල්‍ය බලවතෙක් දක්වා වර්ධනය වී ඇත.

පීපල්ස් ලීසිං සමාගමේ ජයග‍්‍රාහකයින් (වමේ සිට දකුණට) එම්. මොහාන් නානායක්කාර, එම්. ඒ. වී. වසන්ත , ෂර්මන් ප‍්‍රනාන්දු, කේ. සම්පත් ප‍්‍රසංග සහ එස් සිව කුමාර්