තිරසාරත්වය


තිරසාර සංකල්පය අනුව යමින් අපගේ ව්‍යාපාරය අනාගත පරපුරේ හෙට දවස සුරක‍ෂිිත කරනු සඳහා වර්තමානයේදී පවතින සම්පත් කාර්යක්ෂමව සහ අරපිරිමැස්මෙන් යුතුව භාවිතා කරමින් සිදු කරනු ලබයි. වගකීම්සහගත මූල්‍ය සේවා හරහා අපගේ වටිනා ගණුදෙනුකාරභවතුන් ඇතුලූ පාර්ශවකරුවන් මෙන්ම ශ්‍රී ලාංකීය ආර්ථීකයේ අභිවෘද්ධිය සැලසීම අපගේ උපායමාර්ගික අරමුණු අතර වේ.


අපගේ තිරසාර රාමුව


තිරසාරභාවය සහ පරිසර ප්‍රතිපත්තිය


අපගේ භූමිකාව හඳුනා ගැනීම

දිනෙන් දින ඉහළ යන ජනගහණයත්, අධි පරිභෝජන රටාවත් නිසා ස්වාභාවික සම්පත් ක්ෂය වීම, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සහ විරැකියාව යනාදී ආර්ථීක, සමාජීය සහ පාරිසරික ගැටළු රැසකට අද වනවිට මුලූ ලොවම මුහුණ පා සිටියි. මේ තත්ත්වය මනාව වටහාගෙන ඇති අප සමාගම, වගකීම්සහගත මූල්‍ය සේවා සපයන්නෙකු ලෙස රට තුළ ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාව වර්ධනය කිරීම තුළින් පවතින ආදායම් විෂමතාවය අඩු කිරීම සඳහා සුවිශේෂී දායකත්වයක් ලබා දෙයි.


තිරසාර ප‍්‍රවේෂය

අප තිරසාරත්වය දකින්නේ අපගේ ව්‍යාපාරයේ දියුණුව සලසන ක‍්‍රමෝපායික අවස්ථාවක් ලෙසයි. සැමවිටම එකම කණ්ඩායමක් ලෙසින් මූල්‍ය ක්ෂේත‍්‍රය තුළ දශක දෙකකට වඩා ඉහළ විශේෂ ප‍්‍රාගුණ්‍ය සමගින් ශ‍්‍රී ලංකාව තුළ පුද්ගල, ව්‍යාපාර සහ සමාජයේ ඉදිරි දියුණුව සහ සංවර්ධනය සඳහා දායකත්වය අප විසින් ලබා දෙන්නෙමු. වගකීම්සහගත ආයතනික පුරවැසියෙකු වශයෙන් වගකීම්සහගත ලෙස ආදායම් ජනනය පිළිබඳව අප සැලකිලිමත් වන්නෙමු. තිරසාර ප‍්‍රතිපත්ති සහ ක‍්‍රමවත් ක‍්‍රියාවලි තුළින් අප සැම විටම අපගේ ව්‍යාපාර කටයුතු ආචාරධර්ම සුරැුකෙන ලෙස හා වගකීම්සහගත ලෙස සිදු කිරීමට වග බලා ගන්නෙමු.

ප‍්‍රධාන විධායක නිලධාරී / සාමාන්‍යාධිකාරි, ෂමින්ද්ර මර්සිලින් මහතා