ආයතනික කළමනාකරණය

පීපල්ස් ලිසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සි : විශ්වාසයේ ප්‍රමුඛයා

ෂමින්ද්‍ර මර්සිලින් මහතා

ප්‍රධාන විධායක නිලධාරී / සාමාන්‍යාධිකාරි ශ්‍රී ලංකාවේ බැංකු නොවන ප්‍රමුඛතම මූල්‍ය සමාගම වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම නව ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී ලෙස බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රය පිළිබඳ හසළ දැනුමක් හිමි ෂමින්ද්‍ර මර්සිලින් මහතා පසුගියදා පත් කරනු ලැබීය.

HSBC බැංකු සමූහයේ සේවය කිරීමෙන් ලද අත්දැකීම්වලට අමතරව බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ කදිම පළපුරුද්දක් හිමි ෂමින්ද්‍ර මර්සිලින් මහතා, විශේෂඥ අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨ බැංකු නිලධාරියෙකි. එහෙයින් ඔහුගේ එම විශිෂ්ට මූල්‍ය ක්ෂේත්‍ර දැක්ම පීපල්ස් ලීසිං සමාගමෙහි මූලෝපාය මඟපෙන්වීමට දායකත්වයක් වනු ඇත.

පීපල්ස් ලීසිං සමාගමෙහි නව ප්‍රධානවිධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී ලෙස පත්වීමට පෙර ෂමින්ද්‍ර මර්සිලින් මහතා ශ්‍රී ලංකාවේ DFCC බැංකුවෙහි ජ්‍යෙෂ්ඨ උප සභාපති/සමාගම් බැංකුකරණ ප්‍රධානී ලෙස කටයුතු කළේය. තවද එමගින් ඔහු එම බැංකුවේ සමාගම් බැංකුකරණයෙහි මෙරට තුළ හා විදේශීය වෙළෙඳපොලහි මූලෝපාය වෙනසක් කිරීමට ද සමත්විය.

පසුගිය වසරේ ඔක්තෝබර් මස මාලදිවයිනේ ප්‍රමුඛතම සමාගමක උපදේශකවරයා බවට පත් ෂමින්ද්‍ර මර්සිලින් මහතා එම සමාගමට ද්විත්ව ව්‍යාපාර වස්තු කොටස් ද්වි පාර්ෂික ණය පහසුකමක් සැපයුවේ බැංකුවට නව ආකෘතියක් එක්කිරීමේ ප්‍රමුඛ කාර්යභාරයක් සිදුකරමිනි. එය සැලකෙන්නේ ශ්‍රී ලංකාවේ DFCC බැංකුව මෙතෙක් ලබාදුන් විශාලතම ණය පහසුකම ලෙසිනි.

එමෙන්ම DFCC බැංකුවේ විධායක කමිටු, වත්කම් හා බැරකම් කමිටු හා මෙහෙයුම් අවදානම් කළමනාකරණ කමිටු සාමාජිකයෙකු ලෙස ෂමින්ද්‍ර මර්සිලින් මහතා එම බැංකුවේ ආයතනික මූලාරම්භ ලබාදීමේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ බැංකුකරුවෙකු ලෙසින් ද සැලකේ.DFCC බැංකුවට එක්වීමට පෙර HSBC බැංකුවේ ශ්‍රී ලංකාව හා මාලදිවයින සඳහා මූල්‍ය ආයතන සමූහයන් හා රාජ්‍ය අංශ පිළිබඳ ප්‍රධානියා ලෙස ද කටයුතු කර ඇත.

1993 දී ශ්‍රී ලංකාවේ කොළඹ ජාත්‍යන්තර පාසලේ අධ්‍යාපනය ලද ෂමින්ද්‍ර මර්සිලින් මහතා 1996 දී එක්සත් රාජධානියේ City University වෙතින් ආර්ථික හා ගිණුම්කරණ විද්‍යාවේදී උපාධිය හිමි කරගත්තෙකි. එයට අමතරව මර්සිලින් මහතා Finance Advisors’ International Qualifications (FAIQ) හා එක්සත් රාජධානීයේ Chartered Insurance Institute හි සහතික ලද්දෙකි.

උදේශ් ගුණවර්දන මහතා

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි - විගණනය

ලයනල් ප්‍රනාන්දු මහතා

ජ්‍යෙෂ්ට නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි - මෙහෙයුම්

ප්‍රබාත් ගුණසේන මහතා

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි - තොරතුරු තාක්ෂණ (සමූහ)

රනිල් පෙරේරා මහතා

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී- අවදානම් සහ පාලනය

සුජීවා රණසිංහ මහත්මිය

සහකාර සාමාන්‍යාධිකාරී - මානව සම්පත් (සමූහ)

ෂෙරින් දබරේරා මහත්මිය

සහකාර සාමාන්‍යාධිකාරී - නීති

නෙයිල් තුශාන්ත මහතා

සහකාර සාමාන්‍යාධිකාරී - ශාඛා ජාලය

ගනේශන් තුස්‍යන්තන් මහතා

සහකාර සාමාන්‍යාධිකාරී - ශාඛා ජාලය

නලින් දි සිල්වා මහතා

සහකාර සාමාන්‍යාධිකාරී - ප්‍රතිසාදන

ඕමාල් සුමනසිරි මහතා

සහකාර සාමාන්‍යාධිකාරී - මුල්‍ය

සයිරා කලීල් මෙනවිය

සහකාර සාමාන්‍යාධිකාරී - අනු විධායිත්වය

රජීව් ඩේවිඩ් මහතා

සහකාර සාමාන්‍යාධිකාරී - වෙළඳ නාම සහ සන්නිවේදනය