ඉස්ලාමීය තැම්පතු


මුධාරබා ඉතුරුම් ගිණුම

මුධාරබා ඉස්ලාමීය පිළිවෙතට අනුව ක‍්‍රියාත්මක වන ඉතුරුම් ගිණුමකි. මෙහි ගිණුමක් විවෘත කිරීමට අවම වශයෙනන් රු. 100,000.00 ක මුදලක් ආයෝජනය කළ යුතු වේ. ආපසු ගන්නා මුදලේ ප‍්‍රමාණයට හෝ වාර ගණනට කොන්දේසි අදාල නොවන අතර ඉතුරුම් ශේෂයට සේවාගාස්තුද අය නොකෙරේ. ජාත්‍යන්තරව පිළිගන්නා Visa හරපතක් ගිණුම් හිමියාට හිමිවන අතර සිදුකරන සෑම ගණුදෙනුවක් පිළිබඳ දැනුම්දීමක් SMS පණිවුඩ මගින් ලැබෙනු ඇත. දිනකට රු. 100,000.00 ක මුදලක් ආපසු ගත හැක.


උස්ෆූර් ළමා ඉතුරුම් ගිණුම

උස්ෆූර් ළමා ඉතුරුම් ගිණුම, සුවිශේෂී ළමා ඉතුරුම් ගිණුමක් වන්නේ වෙළෙඳපොළේ පවතින අනුපාතයන්ට වඩා වැඩි අනුපාතයක් ලැබෙන හෙයිනි. මෙම ගිණුම විවෘත කිරීම සඳහා අවශ්‍යය වන්නේ රු. 500 ක් පමණි. මාසිකව ගණන් බැලෙන ලාභය ගිණුමට බැර කෙරේ. අධ්‍යාපනයට හෝ රෝහල් ගත කිරීමක් සඳහා දෙමාපියන් හෝ නිත්‍යානුකූල භාරකරුවකු විසින් මුදල් ආපසුගත හැකි ගිණුම කල් පිරෙන අවස්ථාවේ දී මෙම ළමා ගිණුම සාමාන්‍ය මුධාරබා ඉතුරුම් ගිණුමට බැර වේ.


මාස දොළහේ මුධාරබා ආයෝජන ගිණුම

දොළොස්මහේ මුධාරබා සහතිකය යනු එක් අවුරුද්දකට පමණක් වලංගු වන මධ්‍ය කාලීන තැන්පතු සැලැස්මකි. අඛණ්ඩව ආයෝජනය කළ හැකි විකල්පයක් ද සමඟින් ලාභය ගෙවනු ලබන්නේ කල්පිරුණු පසුවයි. අවම ආයෝජනය රු. 100,000/- වැන්දඹුවන් හා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්හට අවම ආයෝජනය රු. 50,000/- වන අතර ආයෝජනයේ ලාභය මාසිකව ගෙවනු ලබයි. එම ගෙවීම පෙර දැනුම් දීමකින් සිදුකරයි. ලාභය ගණනය කරනු ලබන්නේ ආයෝජකයින්/ තැන්පත් කරුවන්හට වැඩි ආයෝජන වාසියක් ලැබෙන පරිදිය.


කෙටි කාලීන මූඩාරාබා ආයෝජන ගිණුම

කල් පිරීමෙන් පසු ලාභය ගෙවීම සඳහා මාස 3 සිට මාස 6 ක් දක්වා වූ ආයු කාලයක් සඳහා තැන්පතු සහතිකයක් ලෙස මෙය හැඳින්විය හැකිය. අවශ්ය අවම ආයෝජනය රු. 50,000 වන අතර උපරිම ආයෝජනයක් සඳහා සීමාවක් නැත. පූර්ව දැනුම්දීමකින් පසු කල් පිරීමට පෙර මුදල් ආපසු ගත හැකිය. ආයෝජන කාලය අනුව අපේ ගනුදෙනුකරුවන්ට ලබා දෙන ලාභ අනුපාතය වෙනස් වේ.