වට්ටම්කරණය


ඕනෑම ව්‍යපාරයක අඛණ්ඩත්වය සඳහා ඔබට අවශ්‍යවන කාරක ප‍්‍රාග්ධනය පවත්වාගෙන යැම සඳහාත් අවදාන පැවරීමත් ඇතිව විකුණූම් ලෙජරය මනාව පවත්වාගෙන යෑමට විශේෂිත ලෙස සැලසුම් වූ මූල්‍ය කළමනාකරණය අවියකි. මෙය. වට්ටම්කරණ ගිවිසුමකට එළඹීමට මත්තෙන් මූලිකව ඔබ කළයුතු වන්නේ ඔබගේ වත්කම් සම්බාරයේ ණය යෝග්‍යතාවය පරික්‍ෂාකොට ඔබගේ ලැබීම් සියල්ල ක‍්‍රමවත්ව කළමනාකරණය කිරීම සඳහා ඒ පිළිබද විශේෂඥ දැනුමැති පළපුරුදු ඛාණ්ඩයක් සමග අවතීර්ණ වීමයි.

එවිට සංස්ථාපිත , අර්ධ සංස්ථාපිත මෙන්ම සුළු හා මධ්‍ය පරිමාන ව්‍යාපාර සතු බිල්පත් චෙක්පත් , ඉන්වොයිස් හා වට්ටම්ගත පහසුකමම් ආදී මේ සෑම ලැබීමක්ම මෙම පළපුරුදු වෘත්තිකයින් විසින් හසුරවනු ඇති.

අපගේ ප‍්‍රධාන කාර්ය්‍යාලයේ ෆැක්ටරින් සඳහාම වෙන් වුනු විශේෂිත අංශය මගින් දීප ව්‍යාප්ත ජාලය හරහා මෙම සේවා පහසුව ඔබට ලබාගත හැකියි.


ප‍්‍රතිලාභ

  • පාරිභෝගික අවශ්‍යතාව අනුව සැකසෙන කාරක ප‍්‍රාග්ධන විසදුම්.
  • පළපුරුදු , ”වත්කම් කළඹ කළමනාකරණ” නිලධාරියෙකු විසින් මෙම මූල්‍ය සැලසුම් පහසුව මෙහෙයවනු ලබන අතර ඒ සඳහා වත්කම් ඇපයට තැබීමක් අවශ්‍ය නොවේ.
  • ලබාදෙන මූල්‍ය පහසුකම තීරණය වන්නේ පාර්ෂවකරුගේ මූල්‍ය ශක්තිය , නිෂ්පාදනයේ ස්වභාවය හා ණයගැති බව යන කාරණාමතය.
  • සුදුසු ඉන්වොයිස් / චෙක්පත් අදියෙහි මුහුණත් අගයෙන් 70 % – 80 % දක්වා වූ මුදලක් අත්තිකාරම් මුදලක් ලෙස මූලිකව ලබාගත හැක.
  • කඩිනම් අනුමැතිය තුළින් මෙම කාරක ප‍්‍රාග්ධනය නිකුත් වේ.