තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම


2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිිබඳ පනත අනුව

තොරතුරු දැනගැනීම සඳහා කරන ඉල්ලීම  ආර්ටීඅයි 01 ( RTI 01 )දරන ආදර්ශ ආකෘතියට අනුව සකස් කරන ලද ඉල්ලීමක් මෙහි පහත සඳහන් තොරතුරු නිලධාරියා වෙත භාරදීීමෙන් ඉදිරිපත් කළ යුතු වෙ.තොරතුරු දැනගැනීම සඳහා වන ඉල්ලීම,එම ආදර්ශ ආකෘතියෙන්ම ඉදිරිපත් කිරීම අනිවාර්ය නොවන බව ද සලකන්න


තොරතුරු නිලධාරීයා පිළිබඳ විස්තරය

නම:සයිරා කලීල් මහත්මිය
තනතුරු නාමය:ජ්‍යෙෂ්ඨ කළමනාකරු (AGM අනුකූලතා)
ලිපිනය:පීපල්ස් ලීසිං ඇන්ඩ‘ පිනෑන්ස් පීඑල්සී, අංක 1161,මරදාන පාර කොළඹ 08
දුරකථන ඇමතුම0112-631631
විද්‍යුත් තැපෑල:rti@plc.lk
  1. තොරතුරු දැනගැනීම සඳහා කරන ඉල්ලීමක් වාචිකව හෝ ලිඛිතව භාරදීමෙන් පසුව, එකී ඉල්ලීම භාරගත් බවට තොරතුරු දැනගැනීමෙ නිලධාරියා වෙතින් ලිඛිත දැනුම්දීමක් ලබාගත යුතු වෙ.

  2. තොරතුරු ලබාදෙන්නේ ද නොදෙන්නේ ද යන්න පිළිබඳ තීරණය දින 14 ක් ඇතුළත හැකිතාක් ඉක්මනින් දැනුම්දිය යුතුය.

  3. තොරතුරු ලබාදීමට තීරණය කළ විටක දී , තොරතුරු නිලධාරියා විසින් තොරතුරු ඉල්ලා ඇති පුරවැසියා වෙත තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව විසින් නියම කර ඇති ගාස්තු උපලේඛනයට අනුව, ගාස්තුවක් ගෙවීමෙන් පසුව අදාළ තොරතුරු සපයනු ලැබෙ. ඉල්ලා ඇති තොරතුරු සැපයීම ගාස්තුවකට යටත් වන විටක දී, එකී තොරතුරු ගාස්තු ගෙවීමෙන් දින 14 ක් ඇතුළත සැපයිය යුතුය. ගාස්තුවක් ගෙවීමට අවශ්‍ය නොවන විටක දී, ඉහත කී තීරණයෙන් දින 14 ක් ඇතුළත තොරතුරු සැපයිය යුතු වෙ.

  4. ගාස්තු ගෙවීමෙන් පසුව වූව ද, ඉල්ලා ඇති තොරතුරු දින 14 ක් ඇතුළත සැපයීම කළ නොහැකිි විටක දී, ඉල්ලා ඇති තොරතුරු සැපයීම පිණිස උපරිම වශයෙන් තවදුරටත් දින 21 ක් දක්වා වන කාලදිගුවක් ලබාදෙන ලෙසට හේතු සහිතව තොරතුරු ඉල්ලා ඇති තැනැත්තා වෙත දැන්විය යුතුය.

  5. තොුරතුරු ඉල්ලීමක් යම් පුරවැසියකුගේ ජීවිතය සහ පෞද්ගලික නිදහස සමබන්ධයෙන් වන විටක දී ඊට අදාළ පිළිතුර තොරතුරු නිලධාරියා විසින් පැය 48 ක් ඇතුළත දී ලබාදිය යුතුය.

  6. පහත සඳහන් අවස්ථානුගත තත්ත්වයන්වල දී එනම්,
  • තොරතුරු දැනගැනීම සඳහා කරන ඉල්ලීමක් තොරතුරු නිලධාරියා විසින් ප‍්‍රතික්ෂේප කිරීම.
  • ඉල්ලා ඇති තොරතුරු සැපයීම පනතේ 5 වන වගන්තිය යටතේ වළක්වාලීීමේ හේතුව මත තොරතුරුවලට ප්‍රවේශය තොරතුරු නිලධාරියා විසින් ප‍්‍රතික්ෂේප කිරීම.
  • පනතේ නිශ්චිතව සඳහන් කාලරාමුවට අනුකූලව කටයුතු නොකිරීීම.
  • තොරතුරු නිලධාරියා විසින් අසමපුර්ණ, නොමග යවනසුඵ සහ අසත්‍ය තොරතුරු සැපයීම.
  • තොරතුරු නිලධාරියා විසින් අධික ගාස්තු අයකිරීම.
  • ඉල්ලා ඇති ආකාරයෙන් තොරතුරු සැපයීම තොරතුරු නිලධාරියා විසින් ප‍්‍රතික්ෂේප කිරීම.
  • තොරතුරු ඉල්ලා සිටින පුරවැසියා තොරතුරුවලට ප‍්‍රවෙශවීම වළක්වන අයුරින් තොරතුරු විකෘති වීම, විනාශ වීීම හෝ අස්ථානගත වීම සිදු වී ඇති බවට විශ්වාස කිරීමට එකී තොරතුරු ඉල්ලා සිටින පුරවැසියාට සාධාරණ හේතු පැවතීීම.

යන අවස්ථාවල දී අභියාචනාවක් ඉදිරිපත් කළ හැකිය.

එවැනි අභියාචනාවක් නමකරන නිලධාරියා වෙත දින 14 ක් ඇතුළත ඉදිරිපත් කළ යුතුය.

නිලධාරියා පිළිබඳ විස්තරය

නම:උදේශ් ගුණවර්ධන මහතා
තනතුරු නාමයප්‍රධාන මෙහෙයුම් නිලධාරි
ලිපිනයපීපල්ස් ලීසිං ඇන්ඩ‘ පිනෑන්ස් පීඑල්සී,අංක 1161, මරදාන පාර, කොළඹ 08
දුරකථන ඇමතුම්0112-631631
විද්‍යුත් තැපෑලudesh@plc.lk
7. මෙම දැන්වීමේ ඉහත 06 වන ජේදයේ සඳහන් පරිදි, අභියාචනාවක් ඉදිරිපත් කරන විටක දී, ආර්ටීඅයි 10 :(RTI 10) දරන ආදර්ශ ආකෘතිය සමපුර්ණ කොට නමකළ නිලධාරියා වෙත භාරදිය යුතු වෙ. අභියාචනය ආර්ටීඅයි 10 :(RTI 10) දරන ආකෘතියෙන්ම ඉදිරිපත් කිරීම අනිවාර්ය නොවෙ‘’  තොරතුරු ඉල්ලීමක් ඉදිරිපත් කරන යම් පුරවැසියකුට සිය අභියාචනය සාධාරණීකරණය කරමින් ආර්ටීඅයි 10 :(RTI 10)  දරන ආකෘතියේ සඳහන් මූලික තොරතුරු සහිතව ලිපියක් මගන් එකී අභියාචනය ඉදිරිපත් කළ හැකිය.