ඉස්ලාමීය පහසුකම්


ඉජාරා

මෙය ලීසිං විසඳුමකි. කල්බදු ගෙවීමට යටත්වන භාණ්ඩය හෝ දේපළ සඳහා නිශ්චය කරනු ලබන ප‍්‍රතිලාභයක් හිමිවේ. එම ප‍්‍රතිලාභයන් ලබාදෙනු ලබන්නේ යුපුෆරක්ට් ක‍්‍රමවේදයට අනුවයි. එහිදී නිශ්චිත කාලරාමුවක් තුළ නිශ්චිත සැලකිල්ලක් ලැබෙනු ඇත. එසේ නොමැති කල එම සැලකිල්ල වෙනුවෙන් කෙනෙකුගේ සේවාව ඒ සඳහා ලබා ගැනෙනු ඇති. දේපළ හෝ භාණ්ඩයේ හිමිකාරීත්වය ඉජ්රහ ගිවිසුමට අනුකූලව එකඟ වූ මුදල් පියවා දැමුන කල දේපල හෝ භාණ්ඩයේ හිමිකාරීත්වය ගණුදෙනුකරුට මාරුකරවීම අප විසින් සිදුකරනු ඇති.


මුරබාහ්

මුරාබාහ් / වෙළඳාම මරාබාහ් යනු භාණ්ඩ / වත්කම් මිලදී ගැනීම සඳහා කෙටි කාලීන හා මධ්‍ය කාලීන මුල්‍ය සැපයුමක් ලබා දෙන ෂරීයා අනුකූල සේවාවකි. මෙහිදී අදහස් වන්නේ ලාභය හෙළිදරව් කිරීම හා එකඟ වීම මත වාහනය / භාණ්ඩ විකිණීමයි.


මුෂාරාකාහ්

ෂරියා නීතියට අනුකූලව කටයුතු සලසන ව්‍යාපෘතියක කළමනාකාරීත්වය හෝ මූල්‍ය සම්පාදනය සඳහා ලාභ අලාභ බෙදාගැනීමේ මත ගිවිසගන්නා ක‍්‍රමවේදයකි මුශාරක්හා.


වාකාලාහ්

වාකාලාහ් යනු මූල්‍ය සම්පාදන ක‍්‍රමවේදයකි. මෙහිදී ලාභ බෙදාගැනීමේ අනුපාතයකට එකඟව මුදල් යොදවන්නා (මුවාක්කිල්) විසින් හවුල්කාර පාර්ෂවයේ ව්‍යාපාරයක මුදල් යොදවනු ලබන්නේ එම පාර්ෂවකරු (වකිල්) එම ව්‍යාපාරයේ ඒජන්තකයකු ලෙස කටයුතු කර එකඟවූ අනුපාතයන්ට අනුව ලාභය බෙදාගැනීමෙනි.