අනුබද්ධිත සමාගම්


පීපල්ස් ඉන්ෂුවරන්ස් පී එල් සී

2009 ජූලි 22 වන දින පීපල්ස් ඉන්ෂුවරන්ස් පී එල් සී සංස්ථාපිත විය. ජීවිත රක්ෂණය නොවන රක්ෂණ සැපයුම්කරුවකු ලෙස ලියාපදිංචි වුණ මේ සමාගම වත්මනේ වාරික ආදායමෙන් සය වන ස්ථානය ලබාගත් ජීවිත රක්ෂණ නොවන රක්ෂණ සැපයුම්කරුවෙකු වේ. එම ආදායම් 2016 දී රු. බිලියන 4 ඉක්මවීය. (ශී‍්‍ර ලංකා රක්ෂණ සංගමයේ දත්ත වාර්ථා පෙන්වා දෙන පරිදි)

සියළු පාර්ශවකරුවන් සමඟ අවංකව හා සාධාරණව විකුණුම් හා සේවා කාර්යයන් ඉටුකරනු සඳහා ඉහළ තත්ත්ව ප‍්‍රමිතීන් සුරකිමින්, කාර්ය මණ්ඩලයේ නිර්මාණශීලීත්වය හා කැපවීම තුළින් තිරසර අනාගතයක් උදෙසා අප විසින් බිහිකළ ප‍්‍රශස්ථ රක්ෂණ සැලසුම් අපගේ සේවාලාභීන් වෙත පිරිනැමීම.

අපගේ රක්ෂණ විසඳුම් ප‍්‍රධාන කොට ජීවන රටාව පදනම් වූ රක්ෂණ විසඳුම් හා ව්‍යාපාර කටයුතු පදනම් වූ රක්ෂණ විසඳුම් ලෙස ප‍්‍රධාන කොටස් දෙකකින් යුක්ත වේ. ගිණි, නිවාස, රථවාහන, ගමන්, සූර්ය පැනල හා හදිසි පුද්ගල ආපදා රක්ෂණාවරණ අයත් වන්නේ ජීවන රටා පදනම් වූ රක්ෂණාවරණයටයි. අපගේ ව්‍යාපාර පදනම් වූ රක්ෂණාවරණ ඉලක්කකොට ඇත්තේ වානිජ ක‍්‍රියාකාරීන්ට හා ආයතනික සේවාලාභීන් සඳහායි.

පීපල්ස් ඉන්ෂුවරන්ස් පී එල් සී දැක්ම

ශක්තිය, ස්ථාවරත්වය හා තිරසාරත්වය පදනම්කොට සදාතනික විශ්වාසය ගොඩනැගීම.

පීපල්ස් ඉන්ෂුවරන්ස් පී එල් සී මෙහෙවර

සියළු පාර්ශවකරුවන් සමඟ අවංකව හා සාධාරණව විකුණුම් හා සේවා කාර්යයන් ඉටුකරනු සඳහා ඉහළ තත්ත්ව ප‍්‍රමිතීන් සුරකිමින්, කාර්ය මණ්ඩලයේ නිර්මාණශීලීත්වය හා කැපවීම තුළින් තිරසර අනාගතයක් උදෙසා අප විසින් බිහිකළ ප‍්‍රශස්ථ රක්ෂණ සැලසුම් අපගේ සේවාලාභීන් වෙත පිරිනැමීම.

අපගේ රක්ෂණ විසඳුම් ප‍්‍රධාන කොට ජීවන රටාව පදනම් වූ රක්ෂණ විසඳුම් හා ව්‍යාපාර කටයුතු පදනම් වූ රක්ෂණ විසඳුම් ලෙස ප‍්‍රධාන කොටස් දෙකකින් යුක්ත වේ. ගිණි, නිවාස, රථවාහන, ගමන්, සූර්ය පැනල හා හදිසි පුද්ගල ආපදා රක්ෂණාවරණ අයත් වන්නේ ජීවන රටා පදනම් වූ රක්ෂණාවරණයටයි. අපගේ ව්‍යාපාර පදනම් වූ රක්ෂණාවරණ ඉලක්කකොට ඇත්තේ වානිජ ක‍්‍රියාකාරීන්ට හා ආයතනික සේවාලාභීන් සඳහායි.

www.peoplesinsurance.lk


පීපල්ස් මයික්‍රොෆිනෑන්ස් ලිමිටඩ් (PML)

ශ‍්‍රී ලාංකේය ජනතාවගේ තිරසර දිවි පැවැත්ම ඉලක්කගතකොට බහුතරයක් ජනතාව වෙත මුල්‍ය විසඳුම් ලබාදෙන ක්ෂුද්‍රමුල්‍ය සම්පාදන ආයතනය වන්නේ පීපල්ස් මයික්‍රොෆිනෑන්ස් ලිමිටඩ් (PML)ය. මෙම දැක්ම ඇතිව ආයතනය සංස්ථාපනය කරන ලද්දේ 2010 සැප්තැම්බර් 3 වන දින දීය.

ක්ෂුද්‍රමූල්‍ය පහසුකම් සලසන ප‍්‍රධානතම ආයතනයන්ගෙන් එකක් වන PML හි ඉලක්කය වන්නේ අඩු ආදායම් ලබන හා ක්ෂුද්‍ර ව්‍යවසායකින් අරභයා ඔවුන් සවිබලගන්වන මූල්‍ය පහසුකම් වඩාත් තිරසරව, සාරධාර්මිකව හා ඵලදායීව ලබාදීමයි.

සාමාන්‍ය ණය පහසුව PML ඉදිරිපත් කරන එක් ප‍්‍රධාන මූල්‍ය විසඳුමකි. ලබාදෙන ණයවරය ණය පියවීමේ හැකියාව මත තීරණය වුවද ණය ලබන්නාගේ ස්වයං රැකියා ව්‍යාපාරයේ දියුණුව හා ප‍්‍රසාරණයේ ස්වභාවය මත ක‍්‍රමිකව ණයවර වටිනාකම වැඩිවන්නට සලස්වන මූල්‍ය සැලසුමක් වන හෙයින් නැතිබැරි ප‍්‍රජාව ආර්ථිකව ඔසවා තබන අනගි මූල්‍ය සැලසුමක් වන්නේය.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් SME සඳහා වූ ණයවර පහසුව සැලසෙන්නේ කෘෂිවගාවක්, සත්ත්ව ගොවිපළක් ආදී ලෙස ක‍්‍රියාශ‍්‍රීලී ආර්ථික පිළිවෙතකට පිළිපන් අය සඳහායි. වත්කම් මත පදනම්ව ලබාදෙන ණයවර පහසුව Asset Based Loansවේ. මෙය ලබාදෙන්නේ වාහන, කෘෂි උපකරණ වැනි දෑ මිලදී ගැනීම සඳහායි.


පීපල්ස් ලීසිං ෆිලීට් මැනේජ්මන්ට් ලිමිටඩ් (PLFML)

පී එල් සී ෆිලීට් මැනේජ්මන්ට් ලිමිටඩ් (PLCFML) සංස්ථාපිත වූයේ 2008 අගෝස්තු මස 6 වන දින දීය. රථ සංචිත කළමනාකරණය ඔවුන් සලසන ප‍්‍රධානතම සේවාව වේ. වාහන තක්සේරුව, කුලී පදනම මත වාහන සැපයීම හා වාහන අලෙවියද යන සේවා මෙම ආයතනය විසින් සිදුකරනු ලබයි. ආයතනයේ සුවිශේෂිත ඉලක්කය වන්නේ ප‍්‍රවාහනයේ අනාගත ප‍්‍රවනතා වෙත රථ සංචිත කළමනාකරණ සේවා කටයුතු සැලසීමයි.

රථ වාහන සංචිත කළමනාකරණ සේවා සැපයුම්කරුවන් අතරින් ශ‍්‍රී ලංකාවේ ලියාපදිංචි එකම ආයතනය වන්නේ PLCFML ආයතනයයිි.

PLCFML ආයතනික මෙහෙවර

ඩිජිටල්කරණයේ නවමු අදහස්ද සමගින් නොසැලෙන අදිටනින්, පරිසර හිතකාමී විසඳුම් සලසමින්, කාගේත් නිසැක තේරීම බවට පත්වී ගෞරවයට පාත‍්‍රවන සේවා සපයන්නෙකු වීම.


පීපල්ස් ලීසිං ප්‍රොපර්ටි ඩෙවෙලොප්මන්ට් ලිමිටඩ්

පී එල් පී ඩි එල් සංස්ථාපිත වූයේ 2008 අගෝස්තු මස 15 වන දින දීය.

ඉඩම් සංවර්ධනය, ඉඩම් කුලියට දීම ආයතනය මගින් සලසන ප‍්‍රමුඛ සේවාවන් වන අතර මහජන බැංකුවේ හා පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆයිනෑන්ස් පී එල් සී හි දීප ව්‍යාප්තව ඉදිකෙරෙන ශාඛා සඳහා ගොඩනැගිලි ව්‍යාපෘති ස්ථාපනය, අධීක්ෂණය හා තැනීම් කටයුතු වැනි දෑ ද සිදුකරයි. එවැනි ඉදිකිරීම් ව්‍යාපෘති 13 ක් දැනට නිමකරවා අවසන්ය.


පීපල්ස් ලීසිං හැව්ලොක් ප්‍රොපර්ටීස් ලිමිටඩ් (PLHPL)

පීපල්ස් ලීසිං හැව්ලොක් ප්‍රොපර්ටීස් ලිමිටඩ් (PLHPL) , 2010 අගෝස්තු 12 වන දින සංස්ථාපිත විය. ආයතනයේ ප‍්‍රධානතම කාර්යභාරය වන්නේ කාර්යාල සංකීර්ණ ඉදිකිරීම හා පවත්වාගෙන යෑම, හා කුලී හෝ බදු පදනම මත කාර්යාල පරිශ‍්‍ර ලබාදීමයි


ලංකා එලයන්ස් ෆිනෑන්ස් ලිමිටඩ් (LAF)

2017 දෙසැම්බර් මාසයේදී සමාගම විසින් සම්පූර්ණ නිකුත් කළ ප්‍රාග්ධනයෙන් 51%ක් අත්පත් කර ගෙන ඇත. 1993 දී බංගලාදේශයේ මූල්‍ය ආයතන පනත යටතේ ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා බංගලාදේශයේ තුළ සංස්ථාව සංස්ථාගත කර ඇත. ඉන්පසුව, අනුබද්ධ සමාගමෙහි නම ලංකා එලයන්ස් ෆිනෑන්ස් ලිමිටඩ් බවට පරිවර්තනය විය.

www.lankanalliance.com