ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු


ශ්‍රී ලංකාවේ බැංකු නොවන විශාලතම මූල්‍ය ආයතනය ලෙස පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම, වැඩිම ණය ශ්‍රේණිගතකිරීම A(lka) (Stable Outlook)  ලෙස වත්කම් පදනමකට හිමිකම් කියන සමාගම වේ. පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම, 1988 ප්‍රතිෂ්ඨාපිත මූල්‍ය සමාගම් පණත අංක 78 යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයෙහි ලියාපදිංචි සමාගමකි.

එමෙන්ම මූල්‍ය මණ්ඩලය විසින් ස්ථාපිත ශ්‍රී ලංකා තැන්පත් රක්ෂණ යෝජනා ක්‍රමයෙහි එක් තැන්පතුවකට උපරිමය රුපියල් 1,100, 000 දක්වා වන්දි මුදල් හිමිවන පරිදි යෝග්‍ය තැන්පතු රක්ෂණ හිමිකමකට බැදී පවතීි.


ප්‍රධාන ප්‍රතිලාභ

  • මාස 1 සිට මාස 60 දක්වා, දින 100 සහ දින 300 කාලසීමාව මත පදනම් වූ පොළී අනුපාත.
  • මුදල් තැන්පතු සඳහා සහ උපලබ්ධි වන චෙක්පත් සඳහා එසැනින් තැන්පතු සහතිකය ලබාගත හැකිවීම.
  • ඔබගේ ස්ථාවර තැන්පතු මත ණය හා ඇපකර ලිපි ලබා ගැනීමේ හැකියාව.
  • මාසික පොළිය ඔබගේ පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී ශාඛාවේ ඉතුරුම් ගිණුමට පැවරීම කළ හැකිය. තරඟකාරී පොළී අනුපාතවල වාසිය සලසාගත හැකිවීම.
  • පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ යෙදුම (APP) හරහා ඔබගේ ගිණුම, ඔබගේ විවේකය ගතකරන විටක දී, යම් ඕනෑම වේලාවක දී, ඕනෑම ස්ථානයක දී ක්‍රියාත්මක කළ හැකිවීම.

ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු

කාලය කල් පිරිමේදී වා.ස.පො මාසිකව වා.ස.පො
1 මාස 9.00% 9.38%  –  –
2 මාස 9.00% 9.34%  –  –
3 මාස 11.41% 11.90% 10.85% 11.40%
100 දින 11.41% 11.89%  –  –
6 මාස 11.62% 11.95% 11.04% 11.61%
7 මාස 11.62% 11.89% 11.04% 11.61%
300 දින 11.62% 11.74%  –  –
12 මාස 12.50% 12.50% 12.00% 12.68%
13 මාස 10.75% 10.70% 10.25 10.74%
15 මාස 10.75% 10.61% 10.25% 10.74%
17 මාස 11.00% 10.76% 10.35% 10.85%
18 මාස 11.00% 10.71% 10.35% 10.85%
24 මාස 11.75% 11.13% 11.00% 11.57%
26 මාස 11.75% 11.03% 11.00% 11.57%
27 මාස 11.90% 11.12% 11.15% 11.73%
30 මාස 11.90% 10.97% 11.15% 11.73%
36 මාස 12.00% 10.79% 11.25% 11.84%
37 මාස 12.15% 10.87% 11.35% 11.95%
42 මාස 12.15% 10.65% 11.35% 11.95%
48 මාස 12.25% 10.48% 11.50% 12.12%
60 මාස 13.25% 10.70% 12.50% 13.24%

A.E.R. – වාර්ෂික සඵල පොළී අනුපාතය

කල්පිරීම මත පොළිය ගෙවීමේ දී, අවම තැන්පතු මුදල රුපියල් 10,000/= වන අතර, මාසිකව පොළිය ගෙවීමේ දී, සියලුම කාලසීමාවන් සඳහා අවම තැන්පතු මුදල රුපියල් 100,000/= වේ. 2026 ජූලි 01 වන දින සිට බලපැවැත් වේ.

බද්ධ තැන්පතු සඳහා ඉහත ජ්‍යෙෂ්ඨ පුරවැසි පොළී අනුපාත ලබාගැනීම සඳහා තැන්පතු හිමියන් දෙදෙනාම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් විය යුතුය.

ඉහත පොළී අනුපාත සහ කොන්දේසි වකාලා (Wakala) නිෂ්පාදන සඳහා ද අදාළ වේ.


* පෙර දැනුම්දීමකින් තොරව ඉහත අනුපාත වෙනස්වියහැකි බව කරුණාවෙන් සලකන්න.