සුපර් සේවින් ඉතුරුම් ගිණුම



ඉහළ සුරක්ෂාව හා තරගකාරී පොලී අනුපාත සමඟින් සුපිරි ඉතුරුම් ඔබට වින්දනය කළ හැක.


ප්‍රධාන ප්‍රතිලාභ

  • දිනපතා ගණනය කෙරෙන 4.50%ක වාර්ෂික පොලිය මාසය අවසානයේ ඔබේ ගිණුමට බැර කෙරේ.
  • මහජන බැංකුවේ ටෙලර් යන්ත්‍රයකින් හෝ ඕනෑම වීසා පහසුකම සහිත ටෙලර් යන්ත්‍රයකින් මුදල් ආපසු ලබාගත හැකි ජාත්‍යන්තර වීසා ඩෙබිට් කාඩ් පතක් ගිණුම්හිමියන්ට සැපයේ.
  • මුදල් ආපසු ගැනීම් (දේශීය) දිනකට රු.100,000/= දක්වා හෝ රු.150,000/= දක්වා මිලදී ගැනීම් (POS පමණි / POS + ATM)
  • මුදල් ආපසු ගැනීම් (විදේශීය ) දිනකට රු.30,000/= දක්වා හෝ රු.30,000/= දක්වා මිලදී ගැනීම් (POS පමණි / POS + ATM)
  • මුදල් තැන්පත්කිරීම, මුදල් ආපසුගැනීම හෝ ස්ථාවර නියෝග ක්‍රියාත්මක අවස්ථාවේදී කෙටි පණිවිඩයකින් දැන්වීමේ පහසුකම හිමි වේ.
  • ඉතුරුම් මුදල් රැස්කිරීමේ දොරින් දොර සේවාව.
  • ස්ථාවර නියෝග නොමිලේ ලබාගැනීමේ පහසුකම.
  • චෙක්පත් තැන්පතු ගිණුම්හිමියාගේ නමට ලිවීමේ හැකියාව.
  • පීපල්ස් ලීසිං ජාලයේ ඕනෑම ශාඛාවකින් මුදල් තැන්පත්කිරීමේ හා මුදල් ආපසුගැනීමේ හැකියාව.
  • ‘සුපිරි ආයෝජන සැලැස්ම’ යටතේ නිශ්චිත මුදලක් කැමති කාලසීමාවක් සඳහා ආයෝජනය කළ හැක.
    Debit card Traffic Guide >> Download