පීපල්ස් ලීසිං මුතුර් ශාඛාව වෙතින් Wadi’ah Gold Safekeeping පහසුකම ගණුදෙනුකරුවන් වෙත විවෘත වු වගයි


පීපල්ස් ලීසිං මුතුර් ශාඛාව වෙතින්  Wadi’ah Gold Safekeeping පහසුකම එම ශාඛා කළමණාකාර අතුල වීරසිංහ මහතාගේ මගපෙන්විමෙන් ගණුදෙනුකරුවන් වෙත පසුපගිය දා විවෘත විය.

මෙම අවස්තාවට ප‍්‍රධාන ආරාධිතයන් ලෙස පීපල්ස් ලීසිං සමාගමේ ඉස්ලාමිය මුල්‍ය අංශයේ ජේ්‍යෂ්ඨ කළමනාකාර ෆස්මිල් මවුලානා මහතා සහ පීපල්ස් ලීසිං සමාගමේ ප‍්‍රාදේශිය ප‍්‍රධාන කළමනාකාර ඒ. බී. සුතර්සන් මහතා සහභාගි විය.

පීපල්ස් ලීසිං  Wadi’ah Gold Safekeeping පහසුකම යනු සාම්ප‍්‍රධායික රන් ණය පහසුකම සදහා හොදම විකල්පය වන අතර මුල්‍ය වශයෙන් පීඩාවට පත් පුද්ගලයින්ගේ ක්ෂණික මුල්‍ය අවශ්‍යතාවන් සදහා පහසුම විසදුම වේ.

පීපල්ස් ලීසිං  Wadi’ah Gold Safekeeping පහසුකම මගින් පාරිභෝගිකයන්ට හදිසි මුදල් අවශ්‍යතාවන් සදහා පොලී රහිත ණයක් ලබා ගැනිම තුලින් ප‍්‍රතිලාභ ලබා ගත හැකි සුවිශේෂි මුල්‍ය පහසුකමකි.

පීපල්ස් ලීසිං සමාගම යනු ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ බැංකු නොවන මුදල් ආයතනයක් වන අතර ප‍්‍රමුඛ රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත මුදල් ආයතනයකි. විශේෂිත ලීසිං සමාගමක් ලෙස වර්ෂ 1996 දී සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කළ පීපල්ස් ලීසිං සමාගම 2011 වසරේ කොළඹ කොටස් වෙළඳපලේ ලැයිස්තුගත විය. පීපල්ස් ලීසිං සමාගම බංග්ලාදේශයේ විදේශීය ව්‍යාපාරයක් ඇතුළු අනුබද්ධිත ක්ෂේත‍්‍ර හයක් හරහා විවිධාංගීකරණය වු බැංකු නොවන මූල්‍ය බලවතෙක් දක්වා වර්ධනය වී ඇත.

පීපල්ස් ලීසිං මුතුර් ශාඛාව පහසුකම ගණුදෙනුකරුවන් වෙත විවෘත කල අවස්ථාව