පීපල්ස් ලීසිං සමාගම විසින් “හරිත නැණ” වෘත්තීය ශිෂ්‍යත්ව පිරිනමමින් සුදුසුකම් ලත් තරුණ තරුණියන් සවිබල ගන්වයි


දැයේ ශ්‍රම බළකාය සංවර්ධනය, වෘත්තිය මට්ටමෙන් නිවැරදිව ඇරඹීමේ ජාතික කර්තව්‍යයට උරදීමක් වශයෙන් දෙමුහුන් මෝටර් රථ තාක්ෂණ ක්ෂේත්‍රය වෙත විශේෂ අවධානයක් යොමු කිරිමට පීපල්ස් ලීසිං සමාගම පසුගියදා කටයුතු කළේය. 

පීපල්ස් ලීසිං සමාගම වෘත්තීය පුහුණු අධිකාරිය සමඟ එක්ව“හරිත නැණ” වෘත්තීය ශිෂ්‍යත්ව පිරිනමමින්  සුදුසුකම් ලත් තරුණ පිරිසකට සාර්ථකව සවිබල ගැන්වීය. NVQ 3 මට්ටම් සුදුසුකම සම්පුර්ණ කරන ලද ආර්ථික වශයෙන් හඳුනාගත් අඩු ආදායම්ලාභි ග්‍රාමීය සිසු දරුවන් මේ පාඨමාලාව සදහා සුදුසුකම් ලැබිණි. මෙම වැඩසටහනේ පරමාර්ථය වූයේ ජාතියේ නිපුණ ශ්‍රම බලකාය සවිබල ගැන්වීම, ඔවුන්ගේ සේවා නියුක්තිය ඉහළ නැංවීම සහ එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) ප්‍රගමනයට දායක වෙමින් ජාතියට අනාගත විදේශ ආදායම් ආකර්ෂණය කර ගැනීමයි. ඒ අනුව නාරාහේන්පිට (කොළඹ කලාපය) සහ වේගිරිය (මහනුවර කලාපය) පිහිටි වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන වලදී වෘත්තීය අධ්‍යාපන වැඩසටහන් දෙකක් සම්පූර්ණ කරන ලදී. 

ඉහළ යන ගෝලීය උෂ්ණත්වය, ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාව සහ අඩු විමෝචනය ඇතුළු ධනාත්මක පාරිසරික බලපෑම් ලබා දෙන දෙමුහුන් මෝටර් රථ සඳහා වැඩි ඉල්ලුමක් ඇති කර ඇති අවකාශය තුළ, දෙමුහුන් මෝටර් කාර්මික ක්ෂේත්‍රයේ පුහුණු ශ්‍රමය සඳහා සැලකිය යුතු හිඟයක් පවතී.  එබැවින්, “හරිත නැණ”වෘත්තීය ශිෂ්‍යත්ව වැඩසටහන මගින් පැය 100ක් ආවරණය වන පරිදි දෙමුහුන් මෝටර් රථ තාක්ෂණය (Hybrid Automobile Technology) පිළිබඳව තරුණ තරුණියන් පිරිසක් සවිබල ගැන්වීම මගින් සමාජයේ පවතින වෘත්තීය නිපුණයන්ගේ හිගකම සපුරාලීම ද අරමුණු කර ඇත.පාඨමාලාව සාර්ථකව නිම කළ සියලුම තරුණ තරුණියන් NVQ මට්ටම – 4 සදහා සුදුසුකම් ලබා ඇත.

ඒ් අනුව අධ්‍යයන කටයුතු සිදුකරන මධ්‍යස්ථාන දෙකේම ශිෂ්‍යත්වලාභි දරුවන් සදහා පාඨමාලා අවසානයේ තමන්ගේම ව්‍යාපාරයක් ඇරඹිමට අවශ්‍ය මුලික දැනුම ලබා දීමට ද පීපල්ස් ලීසිං සමාගම කටයුතු සම්පාදනය කරන ලදී. වෘත්තීය පුහුණු අධිකාරියේ නිළධාරි මහතුන් සහ පීපල්ස් ලීසිං සමාගමේ තිරසර මූල්‍ය අංශයේ ප්‍රධානී සංජීව බණ්ඩාරනායක මහතා, තිරසාර මූල්‍ය ඒකකයේ කළමනාකාරිනී රෝෂ්නි මෝතා මහත්මිය, අලෙවි සහ සන්නිවේදන කළමණාකාර හිෂාන් වැල්මිල්ල මහතා මෙම වැඩමුළු අවස්ථාවට සහභාගි විය. පීපල්ස් ලීසිං සමාගමේ ණය හා අවධානම් පාලන අංශයේ සහකාර කළමනාකරු ජී.පී.  සිරිකුමාර මහතා මෙම සැසි දෙක සදහාම මූල්‍ය සාක්ෂරතාවය, අලුතින් පිහිටුවන ලද කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ව්‍යාපාරයක මුදල් ප්‍රවාහයන් දූරදර්ශීව කළමනාකරණය කිරීම මෙන්ම ණය පහසුකමක් සඳහා සුදුසුකම් ලැබීම සඳහා හොඳ ව්‍යාපාර යෝජනාවක් සකස් කිරීම පිළිබඳ අන්තර්ක්‍රියාකාරී දැනුම බෙදාගැනීම පිළිබඳ මූලික කරුණු ආවරණය කරමින් සිසුන් සදහා අවශ්‍ය මුලික දැනුම ලබාදුන් අතර    මහනුවර ශාඛාවේ කළමනාකරු සේනක මුණසිංහ මහතා සහා ප්‍රධාන කාර්යාලයේ තැන්පතු සහ ඉතිරිකිරීමේ නිලධාරී මින්තක දීයගහගේ මහතා විසින් මුල්‍ය ආයතනයකින් සිය ගණුදෙනු සිදුකරන ආකාරය හා එහිදි පැන නගින විවිධ ගැටළු වලදි ඊට මුහුණ දිය යුතු ආකාරය පිළිබද හරවත් දේශනයක් සිදු කරන ලදි. සමස්තයක් වශයෙන්, මෙම වටිනා ආයතනික සමාජ වගකීම් වැඩසටහන හරහා සුදුසුකම් ලත් තරුණයින් 35 දෙනෙකුට ප්‍රතිලාභ හිමි විය.

ගෝලීය තරගකාරීත්වය හමුවේ ව්‍යාපාර තම ඉලක්ක හබායමින් කටයුතු කරයි. එවන් අවස්ථාවන් වලදී සමාගම්, ආයතන තිරසර සංකල්පය අමතක කර ලාභ පමණක් අරමුණු කරගෙන යාම නිසා තිරසර මුල්‍ය මගහැරෙනවා. නමුත් පීපල්ස් ලිසිං සමාගම සියලු මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබන්නේ තිරසර අරමුණු පෙරදැරි ක‍රගෙනයි.

පීපල්ස් ලීසිං සමාගම යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බැංකු නොවන මුදල් ආයතනයක් වන අතර ප්‍රමුඛ රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත මුදල් ආයතනයකි. විශේෂිත ලීසිං සමාගමක් ලෙස වර්ෂ 1996 දී සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කළ පීපල්ස් ලීසිං සමාගම 2011 වසරේ කොළඹ කොටස් වෙළඳපලේ ලැයිස්තුගත විය. පීපල්ස් ලීසිං සමාගම බංග්ලාදේශයේ විදේශීය ව්‍යාපාරයක් ඇතුළු අනුබද්ධිත ක්ෂේත්‍ර හයක් හරහා විවිධාංගීකරණය වූ බැංකු නොවන මූල්‍ය බලවතෙක් දක්වා වර්ධනය වී ඇත.

නාරාහේන්පිට වෘත්තීය පුහුණු අධිකාරිය සහ කටුගස්තොට වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ මූල්‍ය සාක්ෂරතාව පිළිබඳ පීපල්ස් ලීසිං සමාගම විසින් පවත්වන ලද දැනුවත් කිරීමේ සැසිය.