අප ගැන යමක්

පීපල්ස් ලිසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සි : විශ්වාසයේ ප්‍රමුඛයා

අප ගැන යමක්

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී මහජන බැංකුව අනුබද්ධ පාලිත සමාගමක් වන අතර කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප‍්‍රධාන ශ්‍රේණියේ ලැයිස්තුගත සමාගමක් ද වන්නේය. අපද පාලිත සමාගම් 5කින් යුත් සමූහ සමාගමකි. එම පාලිත සමාගම් මෙසේය:පීපල්ස් ලීසිං ෆිලීට් මැනේජ්මන්ට් ලිමිටඩ්,පීපල්ස් ලීසිං ප්‍රොපටි ඩිවලොප්මන්ට් ලිමිටඩ්,පීපල්ස් ලීසිං හැව්ලොක් ප්‍රොපටීස් ලිමිටඩ්,පීපල්ස් මයික්‍රොෆයිනෑන්ස් ලිමිටඩ් සහ පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී. ආරම්භය ලබා සය වසරක් සපිරෙන්නටත් මත්තෙන් ලීසිං ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වීමේ ගෞරවය හිමිකරගත්තා පමණක් නොව ඉන් අනතුරුව ගෙවුණු දශක කිහිපය පුරා එම කිරුළ හොබවන්නට ද අපට හැකියාව ලැබිණ. 2012 නොවැම්බරයේ දී, 2011 අංක 42 දරණ මූල්‍ය ව්‍යාපාර පනත ප‍්‍රකාර ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය විසින් මූල්‍ය ගණුදෙනු කිරීමේ වරම අපහට ලබාදෙන ලදී. බැංකු නොවන මූල්‍ය සමාගම් අතර (වත්කම් පදනම්ව) වත්මනේ විශාලතම මූල්‍ය සමාගම වන්නේ පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී ය.

ගෙවීගිය දශක කිහිපය පුරා අගය එක්කළ නව්‍ය මූල්‍ය සේවා අත්දැකීම් ශ‍්‍රී ලාංකිකයන් හට ලබාදීමේ පුරෝගාමියා ලෙස කටයුතු සලසන ආයතනයකි. පුද්ගල අවශ්‍යතා ඉලක්ක කොට සැදුම් ලත් එම පුළුල් පරාසයකින් යුත් මූල්‍ය විසඳුම් හා සේවාවන් ජනතාව වෙත ප‍්‍රදානය කළා
පමණක් නොව ශාඛා 100 ය ඉක්ම වූ දීප ව්‍යාප්ත ජාලය හරහා සිය කාර්යය මණ්ඩලයේ දක්ෂතාවය හා කැපවීම තුළින් ජනතා ආකර්ෂණය හා ප‍්‍රසාදය දිනාගැනීමටද හැකිවි තිබේ. අප ඉදිරිපත් කොට ඇති මූල්‍ය විසඳුම් ප‍්‍රධාන කොට මූල්‍ය ලීසිං, මූල්‍ය ණයවර, මූල්‍ය තැන්පතු (ස්ථාවර මෙන්ම ඉතුරුම්), ඉස්ලාමීය මූල්‍ය සේවා හා ෆැක්ටරින් ලෙස වේ. ඊට අමතරව මාර්ජින් ටේ‍්‍රඩිං පහසුකම්, සංචාරක චෙක්පත්, විදෙස් මුදල් නෝට්ටු හා කාසි මිලදී ගැනීම හා විකිණීමේ සේවාවද බලය පිට සිදුකරනු ලබන්නේය. මෙම සියළු විසඳුම් හා සේවාවන් අප ගෙනඑනු ලබන්නේ වෙනස්වන සුළු මූල්‍ය වපසරිය මනාසේ අවබෝධ කොට ශ‍්‍රී ලංකාවට ගැලපෙන පරිපූර්ණ වූ මූල්‍ය විසඳුම් නිර්මාණයකොට ඉදිරිපත්කිරීමෙනි.

මූල්‍ය සේවා ක්ෂේත‍්‍රයට අදාලව කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වන හෙයින් අප සිදුකරන සෑම සියලූ ගණුදෙනුවක්ම ශ‍්‍රී ලංකා මහ බැංකුව, සුරැකුම් සහ විනිමය කොමිෂන් සභාව මෙන්ම කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් දැඩි පරීක්ෂාවට හා නියාමනයට ලක් වන්නක් වේ.

අපගේ දැක්ම

මූල්‍ය සේවා වපසරිය තුළ නව්‍යවූත්, නිර්මාණශීලීවූත් ජනතා හිතෛශී මූල්‍ය විසඳුම් සර්ව සම්පූර්ණ ලෙස ගෙනෙනා අග‍්‍රගන්‍ය සැලසුම්කරුවා ලෙස වැජඹෙන්නට.

අපගේ මෙහෙවර

තිරසරව, තරඟකාරීත්වය අභිබවමින් සේවා විශිෂ්ටත්වයක් වෙනුවෙන් අගය එක්කළ මුල්‍ය විසඳුම් ඉදිරිපත්කරනු සඳහා කැපවන්නට.

අපගේ සාරධර්ම

  • ආර්ථික ශක්‍යතාව
  • පාරිසරික වගකීම
  • සමාජයීය යුතුකම

අපගේ අනන්‍යතාවය

  • දක්ෂ හා සේවයට කැපවුණු කාර්ය මණ්ඩලය
  • පුළුල් පරාසයකින් යුත් මුල්‍ය විසඳුම් සංචිතය
  • වෙනස්වන ආර්ථික ප‍්‍රවනතාවයන් තුළ එම බලවේගයන්ට ප‍්‍රතිචාර දැක්වීමේ හැකියාව

ප‍්‍රධාන විධායක නිලධාරී / සාමාන්‍යාධිකාරි,  ෂමින්ද්‍ර මර්සිලින් මහතා

HSBC බැංකු සමූහයේ සේවයකිරීමෙන් ලද අත්දැකීම්වලට අමතරව බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ කදිම පළපුරුද්දක් හිමි ෂමින්ද්‍ර මර්සිලින් මහතා, විශේෂඥ අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨ බැංකු නිලධාරියෙකි. එහෙයින් ඔහුගේ එම විශිෂ්ට මූල්‍ය ක්ෂේත්‍රයේ දැක්ම පීපල්ස් ලීසිං සමාගමෙහි මූලෝපාය මඟපෙන්වීමට දායකත්වයක් වනු ඇත.

පීපල්ස් ලීසිං සමාගමෙහි නව ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී ලෙස පත්වීමට පෙර ෂමින්ද්‍ර මර්සිලින් මහතා ශ්‍රී ලංකාවේ DFCC බැංකුවෙහි ජ්‍යෙෂ්ඨ උප සභාපති/සමාගම් බැංකුකරණ ප්‍රධානී ලෙස කටයුතු කළේය. තවද එමගින් ඔහු එම බැංකුවේ සමාගම් බැංකුකරණයෙහි මෙරට තුළ හා විදේශීය වෙළෙඳපොලහි මූලෝපාය වෙනසක් කිරීමට ද සමත්විය.

පසුගිය වසරේ ඔක්තෝබර් මස මාලදිවයිනේ ප්‍රමුඛතම සමාගමක උපදේශකවරයා බවට පත් ෂමින්ද්‍ර මර්සිලින් මහතා එම සමාගමට ද්විත්ව ව්‍යාපාර වස්තු කොටස් ද්වි පාර්ෂික ණය පහසුකමක් සැපයුවේ බැංකුවට නව ආකෘතියක් එක්කිරීමේ ප්‍රමුඛ කාර්යභාරයක් සිදුකරමිනි. එය සැලකෙන්නේ ශ්‍රී ලංකාවේ DFCC බැංකුව මෙතෙක් ලබාදුන් විශාලතම ණය පහසුකම ලෙසිනි.

එමෙන්ම DFCC බැංකුවේ විධායක කමිටු, වත්කම් හා බැරකම් කමිටු හා මෙහෙයුම් අවදානම් කළමනාකරණ කමිටු සාමාජිකයෙකු ලෙස ෂමින්ද්‍ර මර්සිලින් මහතා එම බැංකුවේ ආයතනික මූලාරම්භ ලබාදීමේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ බැංකුකරුවෙකු ලෙසින් ද සැලකේ.

DFCC බැංකුවට එක්වීමට පෙර HSBC බැංකුවේ ශ්‍රී ලංකාව හා මාලදිවයින සඳහා මූල්‍ය ආයතන සමූහයන් හා රාජ්‍ය අංශ පිළිබඳ ප්‍රධානියා ලෙස ද කටයුතු කර ඇත.

1993 දී ශ්‍රී ලංකාවේ කොළඹ ජාත්‍යන්තර පාසලේ අධ්‍යාපනය ලද ෂමින්ද්‍ර මර්සිලින් මහතා 1996 දී එක්සත් රාජධානියේ City University වෙතින් ආර්ථික හා ගිණුම්කරණ විද්‍යාවේදී උපාධිය හිමි කරගත්තෙකි. එයට අමතරව මර්සිලින් මහතා Finance Advisors’ International Qualifications (FAIQ) හා එක්සත් රාජධානීයේ Chartered Insurance Institute හි සහතික ලද්දෙකි.


විශ‍්‍රාමලත් ප‍්‍රධාන විධායක නිලධාරී/කළමනාකරණ අධ්‍යක්ෂ (1997 – 2017), ඩී.පී. කුමාරගේ මහතා

විසිවසරක අනභිබවනීය සේවාවක් කළ පී එල් සී සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍ය අධිකාරී මෙන්ම පී එල් සී හි පාලිත සමාගම් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ ලෙස තනතුරු හෙබවූ හේ ඉකුත් දා සිය සේවාවෙන් සමුගත්තේය. 1995 වසරේදී මහජන බැංකුවට පූර්ණව අනුබද්ධ වූ පාලිත සමාගමක් ලෙස සංස්ථාපනය වීමෙන් පසු එහි ප‍්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍ය අධිකාරී ලෙස හේ 1997 දී පත්වීම් ලැබීය. ඔහු සතුව තිබූ දුර දක්නා නුවණ නිසාම සාර්ථකත්වයේ හිනිපෙත්තේ අප ආයතනය රදවා තබන්නට ඔහුට හැකිවිය. සර්වප‍්‍රකාරයෙන්ම සැබැ නියමුවකු සතු අප‍්‍රතිහත ධෛර්යයේ ප‍්‍රතිඵල ආයතනයක් ලෙස අප නෙළාගත්තා පමණක් නොව ඔහුගේ ධූර කාලයේදි ලීසිං ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වී බැංකු නොවන මුල්‍ය ක්ෂේත‍්‍රයේ අසහාය දැවැන්තයා බවට පත්කරවන්නට තරම් ඔහු විශිෂ්ටයකු විය. ඔහු ආයතනයට ලබාදුන් අනේකවිද ජයග‍්‍රහණයන් අතර කොටස් වෙළෙඳපොළේ ප‍්‍රධාන ශ්‍රේණියේ ලැයිස්තුගත සමාගමක් වීම, අපගේ ව්‍යාපාරය ජාත්‍යන්තරයට රැගෙන ගොස් බංගලාදේශයේ මෙහෙයුම් දියත්කිරීම ඉන් ප‍්‍රධානයි. පී එල් සි සමාගම් වංශකථාවේ ඔහුගේ නාමය රන් අකුරෙන් ලියවෙන්නක් වන්නේ එනිසයි.

අපගේ පිය සටහන්

1995 / 96

1995 අගෝස්තු 22 වන දින මහජන බැංකුවට පූර්ණව අනුබද්ධිත පාලිත සමාගමක් ලෙස පීපල්ස් ලීසිං සමාගම ඇපයෙන් සීමිත පුද්ගලික සමාගමක් ලෙස සංස්ථාපිත විය.

1996 / 97

සේවකයින් තිදෙනුකුගෙන් හා රු. මිලියන 10 ක ප‍්‍රාග්ධනයකින් යුක්තව සමාගම සිය මෙහෙයුම් ආරම්භ කරන ලදී.

1997 / 98

සිය කුළුඳුල් ශාඛාව මහනුවර ආරම්භ කරනලදී.

එමෙන්ම ප‍්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල බම්බලපිටියේ සිට කොළඹ 02 ස්ථානයට මාරුකරන ලදී.

1999 / 00

පී එල් සී ප‍්‍රධාන කාර්යාලයේ මෙහෙයුම් පරිගණක ගත කරන ලදී.

ලීසිං ක්ෂේත‍්‍රයේ සිව්වැන්නා වීමට හැකිවිය.

2000 / 01

පොදු සීමිත සමාගමක් ලෙස නව ආයතනික ලාංඡනය එළිදැක්වීය

බොරැල්ල මහජන බැංකු පරිශ්‍රයේ විවෘත කළ පීඑල්සී වාහන අංගනය

2001 / 02

ජනතා සේවය වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් සිය ශාඛාවන් පරිගණකගත කොට ජාලගත කරන ලදී.

2002 / 03

ලීසිං ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වීමේ ගෞරවය ප‍්‍රථම වතාවට හිමිකරගන්නට පී එල් සි හට හැකිවිය.

2004 / 05

ශ‍්‍රී ලංකා වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනය (ICASL) විසින් මෙහෙය වූ සම්මාන උළලේ දී විශිෂ්ටතම වාර්ෂික වාර්ථා සඳහා දෙවෙනි ස්ථානය ලැබීය.

2005 / 06

ඉස්ලාමීය මූල්‍ය සේවා ඒකකය ස්ථාපිත විය.

2006 / 07

www.plc.lk ලෙස සිය නිල වෙබ් අඩවිය දියත්කෙරිණි.

2007 / 08

අද්විතීය,Window Office සංකල්පය හඳුන්වාදෙන ලදී. ගණුදෙනුකාර භවතුන්ගේ අවශ්‍යතා ඵලදායීව ඉටුකරනු සඳහා සුවිශේෂි ලෙස වෙන් කෙරෙනු සේවා කවු`ඵවකි මෙය.

2008 / 09

පාලිත සමාගම් ද්විත්වයක් හරහා පළමුවරට මෙහෙයුම් ප‍්‍රසාරණය සිදුවිය. පීපල්ස් ලීසිං ප්‍රොපර්ටි ඩෙවෙලොප්මන්ට් ලිමිටඩ් හා පීපල්ස් ලීසි ෆ්ලීට් මැනේජ්මන්ට් ලිමිටඩ් එම අරමුණ උදෙසා බිහිවූ ආයතන ද්විත්වය වේ.

2009 / 10

සෙලාන් මර්චන්ට් ලීසිං පී එල්සී සමාගමට අත්පත්කෙරිණි.

පීපල්ස් ඉන්ෂුවරන්ස් ලිමිටඩ් ස්ථාපිතකෙරිණි.

2010 / 11

මුල්‍ය සේවා පුළුල් ව්‍යාප්ත කරණු සඳහා පීපල්ස් මයික්‍රොෆයිනෑන්ස් ලිමිටඞ් ස්ථාපිත විණ.

සමූහය ඒකාබද්ධ කරනු සඳහා පීපල්ස් ලීසිං හැව්ලොක් ප්‍රොපටීස් ලිමිටඩ් ස්ථාපිත විණ.

2011 / 12

නව ප‍්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල බොරැල්ලෙහි ස්ථාපිත විය

Became a public quoted company upon an over subscribed IPO

2012 / 13

පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆයිනෑන්ස් පී එල් සී ලෙස සිය සංස්ථාමය නාමය ලැයිස්තුගත සීමසහිත පොදු සමාගමක් ලෙස නම් ලැබීය.

ශ‍්‍රී ලංකා කළමනාකරණ ආයතනය හා නීල්සන් ආයතනය එක්ව මෙහෙයවන SLIM නීල්සන් ජනතා සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම මූල්‍ය සේවා සැපයුම්කරුට හිමි සම්මානය ප‍්‍රථමවරට හිමිකරගත්තේය.

දීපව්‍යාප්තව ශාඛා 100 ක් ඉක්ම වූ මෙහෙයුම් ජාලය පදනම්ව Standard & Poor (B+ / B) වර්ගීකරණයෙන් ද Fitch Rating International(B+)B+ වර්ගීකරණයෙන්ද ජාත්‍යන්තර ඇගයුම් ලැබීය.

2014 / 15

කාබන් සහතික සමාගමක් ලෙස ස්ථාපිත විය.

බැංකු නොවන මූල්‍ය සමාගමක් ලෙස (NBIF) ප‍්‍රථම වරට රු. බිලියන 6 යේ කඩඉම ඉක්මවීමට 2014 නොවැම්බරයේ දී හැකිවිණ.

2015 / 16

2016 සැප්තැම්බර් මසදී බැංකුනොවන මූල්‍ය සමාගමක් (NBIF) ලෙස ප‍්‍රථම වතාවට රු. බිලියන 7 ක අලෙවි ආදායම් කඩඉම අභිබවන්නට හැකිවිණ.

පී එල් සී සමාගමට අනුබද්ධ ඉන්ෂුවරන්ස් පාලිත සමාගම පීපල්ස් ඉන්ෂුවරන්ස් පී එල් සී ලෙස ලැයිස්තුගත විණ.

2016 / 17

පී එල් සී සමාගම 20 වසරක විශිෂ්ටසේවා මෙහෙවර සැමරීය.

ශ‍්‍රී ලංකා අක් වෙරළෙන් එපිට, බංගලාදේශයේ, මෙහෙයුම් ඇරඹීය.