පෙර නොවූ විරූ අභියෝග මැද පීපල්ස් ලීසිං සමූහය රු. බිලියන 3.6ක ලාභයක් උපයාගනී


රටේ ප්‍රමුඛතම මූල්‍ය සමූහය වන පීපල්ස් ලීසිං සමූහය සිය ඉතිහාසයේ ඉතාමත් දුෂ්කර මූල්‍ය වර්ෂයක් සම්පූර්ණ කළේ බදුවලට පෙර රු. බිලියන 5.70 ක් හා බදුවලට පසු රු. බිලියන 3.59  ලෙස වාර්ථා කරමිනි . සමාගම ස්වාධීන පදනමක් මත බාහිර පරිසරය විසින් ඇති කර ඇති අවිනිශ්චිතතාවයන් සහ අභියෝග කිහිපයක් මධ්‍යයේ 2019/20 මූල්‍ය වර්ෂය සඳහා රුපියල් බිලියන 2.94 ක් බදුවලට පසු ආදායමක් ලබාගෙන ඇත. The top line net interest income grew  පෙර වර්ෂයට සාපේක්ෂව ශුද්ධ පොලී ආදායම 3.18% කින් වර්ධනය වූ අතර සංඛ්‍යාත්මක වශයෙන් එය රු. බිලියන 15.67ක් ලෙස වාර්තාවී ඇත.

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී හි සභාපති සුජීව රාජපක්ෂ මහතා

පාස්කු ඉරිදා ප්‍රහාර නිසා රටේ ආර්ථිකයට සෘජුවම බලපෑම් එල්ලවූ අතර ඒ සමග ආරම්භ වූ 2019/20 මූල්‍ය වර්ෂය ඉතා අසීරු එකක් විය. නව ව්‍යාපාරික අවස්ථා සිමාවූ අතර, සමස්ථ ආර්ථිකයේම මන්දගාමිත්වය හේතුවෙන් ඒවා යථා තත්ත්වයට පත් කිරීම වඩාත් අභියෝගාත්මක කාර්යයක් විය. කෙසේ වෙතත්, අපගේ ශක්තිමත් පදනම සමඟ පීපල්ස් ලීසිං හට මෙම බාහිර අවදානම් වලට මුහුණ දීමට හැකි වූ අතර මූල්‍ය වර්ෂයේ මැද භාගයේදී එහි ලාභදායීතාවය ඉහළ නැංවීය. 2020 මාර්තු මැද භාගයේදී කොවිඩ් -19 වසංගතය මතුවීමත් සමඟ රැස්කිරීමේ දුෂ්කරතා මතු වූ අතර දුර්වලතා ගාස්තු සැලකිය යුතු ලෙස වැඩිවීම හේතුවෙන් සමාගමේ ලාභය 2018/19 මූල්‍ය වර්ෂයේදී අත්පත්කරගත් බිලියන රු. 4.42ක ලාභයට සාපේක්ෂව විශාල පරතරයකින් අඩුවීමක් පෙන්නුම් කළ අතර සංඛ්‍යාත්මක වශයෙන් එය රු. බිලියන 2.94 ක් විය.  

මෙම අභියෝග මධ්‍යයේ වුවද, පීපල්ස් ලීසිං හි වත්කම් පදනම රු. බිලියන 171.66ක් ව පවතින අතර ක්‍ෂේත්‍රයේ විශාලතම ණයවර කළඹ රු. බිලියන 147.75 කි. සමාගම පොදු තැන්පතු භාර ගැනීම ආරම්භ කර වසර අටක් වැනි කෙටි කාලයක් තුළ පීපල්ස් ලීසිං සමාගම අද වන විට ක්‍ෂේත්‍රයේ විශාලතම තැන්පතු පදනම රු. බිලියන 106.70 ක්  සමාගම සතුවේ. මූල්‍ය අංශය වටා ඇති සෘණාත්මක ආකල්ප මධ්‍යයේවුවද ලාංකිකයන් සමාගම කෙරෙහි තබා ඇති විශ්වාසයට ස්තූතිවන්ත වන්නෙමු. ව්‍යාපාරයට සහාය වීමට සහ කොටස් හිමියන්ගේ වටිනාකම උපරිම කිරීමට පීපල්ස් ලීසිං සෑම විටම ශක්තිමත් හිතකර ප්‍රාග්ධන අනුපාත පවත්වා ගෙන යන වග ණය ශ්‍රේණිගත කිරීම්වලින් පිළිබිඹු වේ. 2020 මාර්තු 31 වන විට සමාගමේ ස්ථර 1 සහ සමස්ත ප්‍රාග්ධන අනුපාත නියාමන අවශ්‍යතාවන්ට වඩා වැඩි අගයක පැවතිණ. එය පිළිවෙලින් 15.12% සහ 15.99% ක් විය.

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී හි ප්‍රධාන විධායක නිලධාරී /සාමාන්‍යාධිකාරි, සබ්රි ඉබ්‍රාහිම්

කාර්ය සාධනය පිළිබඳව අදහස් දක්වමින් පීපල්ස් ලීසිං සභාපති සුජීව රාජපක්ෂ මහතා මෙසේ පැවසීය. “මේ වසරේ පෙර නොවූ විරූ අභියෝග අපගේ ලාභදායීතාවය මන්දගාමී කළ නමුත්, ඒ සියලු අභියෝගවලට අප සාර්ථකව මුහුණදුන්නෙමු. තවද, අපගේ තැන්පතු පදනම සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරන අතර ක්ෂේත්‍රයේ විශාලතම ණය ලබාදීම් හා ණය අයවීම් කළඹ අපගේ ආයතනයට හිමි වේ. මෙය අපගේ සමාගම කෙරෙහි අපගේ වටිනා ගනුදෙනුකරුවන් තබා ඇති විශ්වාසය හා ලැදියාව පිළිබිඹු කරයි.

1995 දී ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම රාජ්‍ය  බැංකුව වන මහජන බැංකුව සතු පූර්ණ සීමිත වගකීම් සමාගමක් ලෙස පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී ස්ථාපිත කරන ලදී. මහජන බැංකුවේ එකම ලීසිං හස්තය වන්නේද මෙම සමාගම වේ.“පීපල්ස්” සන්නාමය ශ්‍රී ලාංකික ජනතාවගේ හදවත් තුල රැඳී ඇත. පීපල්ස් ලීසිං යනු රටේ සැබෑ ආයතනික පුරවැසියෙකු ලෙස වසර ගණනාවක් පුරා ශ්‍රී ලාංකිකයන් මිලියන ගණනකගේ ජීවන තත්ත්වය ඉහල නැංවීම සදහා උරදීමට ඇපකැප වී සිටින ජාතියේ සංවර්ධන ක්‍රියාවලියේ ශක්තිමත් හවුල්කරුවෙකි. දේශීය ආර්ථිකයට සහ පොදු ප්‍රවාහන අංශයට සමාගම සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇති අතර පුද්ගලික බස්රථවලින් 60% කට වඩා වැඩි ප්‍රමාණයක් මූල්‍ය පහසුකම් සපයන්නේ පීපල්ස් ලීසිං විසිනි.

පීඑල්සී සමග සිටින 75%කට වඩා වැඩි ප්‍රමාණයක් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන් පාස්කු ඉරිදා ප්‍රහාර හේතුවෙන් කඩා වැටීමකට ලක්වී මූල්‍ය වර්ෂය අවසානයේදී  කොවිඩ් – 19 වසංගතයත් සමඟ තවත් අගාධයකට තල්ලු වූ ආර්ථිකයේ මන්දගාමිත්වයට ගොදුරු විය හැකි තත්ත්වයක පැවතිණ.

පාස්කු ඉරිදා ප‍්‍රහාර සහ කොවිඩ් -19 වසංගතය පැතිර යාමේ බලපෑම වැනි අර්බුදකාරී තත්වයන් සහිත වසරක් වූවත් පීපල්ස් ලීසිං ආයතනයේ ඔරොත්තුදීමේ ශක්තිය එම සමාගම විසින් ලබා ඇති සම්මාන හා පිළිගැනීම් මගින් මනාව පිළිබිඹු වේ. අනෙකුත් ජයග්‍රහණ අතර, ලංකා වාණිජ මණ්ඩලය විසින් වසර හතක් තිස්සේ මෙරට සිටින විශිෂ්ටතම ආයතන දහයෙන් එකක් ලෙස පිළිගැනීම පිළිබිඹු කරන්නේ ශක්තිමත් හා ස්ථාවර මූල්‍යයක් පවත්වා ගනිමින් වගකීම් සහගත ආයතනයක් ලෙස ජාතියේ සමාජ-ආර්ථික තත්ත්වය නගාසිටුවීමට සමාගම දක්වන නොමසුරු කැපවීමයි. තවද, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් ආයතනික වාර්තාකරණයේ විනිවිදභාවය සම්බන්ධයෙන් වූ වාර්ථාවේ බැංකු නොවන මුල්‍ය ආයතන අතුරින් ප්‍රථම ස්ථානයත්, විශිෂ්ටතම ආයතන 50 අතුරින් සම-තෙවන ස්ථානයත් හිමි කරගැනීමට පීපල්ස් ලීසිං සමාගම සමත්විය. මෙය ශ්‍රී ලංකාවේ ආයතනික වාර්තාකරණයේ විනිවිදභාවය පිළිබඳව කරනලද ප්‍රථම තක්සේරුව වේ. ආයතනවල මූල්‍යමය හැකියාව සහ පුරවැසියන්ගේ ජීවනෝපාය නංවාලීම සඳහා ලබාදෙන සමස්ථ දායකත්වය අගයමින් බිසිනස් ටුඩේ සඟරාව විසින් කෙරෙන ශ්‍රේණිගතකිරීමේදී පීපල්ස් ලීසිං සමාගම අඛණ්ඩව වසර ගණනාවක් තිස්සේ විශිෂ්ටතම ආයතන 30 අතර සිටී. 

තම සමාගමේ ප්‍රධාන පාර්ශ්වකරුවන් සමඟ ඇතිකර ගත් අර්ථවත් සම්බන්ධතාවය තුළින් තමන් විසින් නිර්මාණය කරන ලද අගය බෙදාහැරීමේ පිළිවෙත සමතුලිත කරමින් ඔවුන්ගේ අවශ්‍යතා සහ අවධානය වඩාත් හොඳින් අවබෝධ කර ගැනීමටද ඒ සඳහා වූ විසඳුම් ලබා දීමටද හැකි වී තිබේ. සමාගමේ අනාගත අභිලාෂයන් පිළිබඳව අදහස් දක්වමින් ප්‍රධාන විධායක නිලධාරි සබ්රි ඉබ්‍රාහිම් මහතා මෙසේ පැවසීය. “කොවිඩ් -19 නිසා ඇති වූ අර්බුදය දිගටම එලෙසම පවතින අතර එහි සැබෑ බලපෑම රඳා පවතින්නේ වසංගතයේ තීව්‍රතාවය සහ කාලසීමාව මත ය. සේවාව සඳහා කැපවූ අපගේ කාර්ය මණ්ඩලය අපගේ ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ ජීවනෝපායන් නැවත ගොඩනැංවීම සඳහා නොමසුරු සහය ලබාදීමටත් එමගින් රටේ සමස්ථ ආර්ථිකයම ඉහළනැංවීම සඳහා සහයෝගය පිරිනැමීමටත් අප ඇපකැප වී සිටිමු.”