2017 ආසියා ශාන්තිකර ICT එලායන්ස් සම්මාන උළෙලේදී පී එල් සි ය රනින් පිදුම් ලබයි


APICTA 2017 සම්මින උළෙලේ දී මූල්‍ය ක්‍ෂේත‍්‍රය සඳහා පීපල්ස් ලීසිං සහ ෆයිනෑන්ස් පී එල් සී (පී එල් සී) හි තොරතුරු සන්නිවේදන තාක්‍ෂණය ICT අංශය විසින් සම්පාදනය කරනු ලැබූ ‘Self-E-Cash’ සඳහා රන් සම්මානයක් දිනාගැනීමට සමත්වීම දන්වා සිටින්නේ නිහතමානී ආඩම්බරයෙනි. මූල්‍ය ක්‍ෂේත‍්‍රය හා බැඳි ඛන්ඩය සඳහා ශී‍්‍ර ලාංකේය ආයතනයක් රනින් පිදුම් ලැබූ ප‍්‍රථම අවස්ථාව මෙය වේ. 2017 දෙසැම්බර් 7 – 10 වන දා තෙක් බංගලාදේශයේ ඩකා නුවර පැවති APICTA 2017 උළෙල ආසියා ශාන්තිකර කලාපයේ ආර්ථික කේන්ද්‍ර 16 ක් නියෝජනය කරමින් අඛන්ඩව 17 වන වරට පැවැත්වූවකි. මෙවර උත්සවය නියෝජනය කළ රටවල් වනුයේ ඔස්ට්‍රේලියාව, බංගලාදේශය, බෘනායි දරුසලාම්, චීනය, චීන තායිපේ, හොංකොං, ඉන්දුනීසියාව, ජපානය, මැකෝ රාජ්‍යය, මැලේසියාව, මියන්මාරය, පකිස්ථානය, සිංගප්පූරුව, ශී‍්‍ර ලංකාව, තායිලන්තය හා වියට්නාමයයි.