පී එල් සී විශීෂ්ටතම සන්නමයන් අතරට


රු: මිලියන 7614 ක වාර්ෂික වටිනාකමක් හා AA ශ්‍රේණිගත ඇගයීමක් ලද පී.එල් සී ආයතනය විශිෂ්ටතම සන්නම ශ්‍රේණිගතකිරීමේ දහසයවැනි ස්ථානය දිනාගැනීමට සමත්විය.

එක්සත් රාජධානියේ ලැයිස්තුගත සමාගමක් වන බ‍්‍රෑන්ඩිි ෆයිනෑන්ස් හි පාලිත සමාගමක් වන බ‍්‍රෑන්ඩිි ෆයිනෑන්ස් ලංකා ආයතනය විසින් ස්වාධිනව හා අපක්‍ෂපාතීව මූල්‍ය හා අලෙවි කාර්ය සාධනයන් විශ්ලේශනය කොට සිදුකරනු ලැබූ අධ්‍යනයකි. මෙම ඇගයිම් වාර්ථාවෙන් පී එල් සී ය යළිත් වරක් පිළිඹිබු කොට සිටින්නේ පුළුල් පරාසයකින් යුත් ගනුදෙනු කරුවන් හා පදනම් වූ ශක්තියයි. පුද්ගල මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යාවසායකින් හා මහා පරිමාන ආයතනයන්ගෙන් සැදුම්ලත් මෙම පදනම පී එල් සි ය සතු සන්නම ශක්තිය කියා පාන්නකි.