කාර්යබහුල ජීවිතය වඩාත් පහසු කරන – පීපල්ස් පේ-වේ


“People’s Pay Way” සේවාව නිලවශයෙන් දියත් කරමින් පීපල්ස් ලීසිං සමාගමේ ගණුදෙනුකරුවෙක් වු වෝටර් මාර්ට් සිස්ටම්ස් ආයතනයේ අධ්‍යක්ෂක ශනික්  ද සිල්වා මහතා විසින් මහජන බැංකුවේ ස්වයං බැංකුකරණ ඒකකයකදී  සිය වාරිකයක් ගෙවූ අවස්ථාව . එම මොහොතට (වමේ සිට දකුණට * පීපල්ස් ලීසිං සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී /සාමාන්‍යාධිකාරී ෂමින්ද්‍ර මර්සිලින් , පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී /සාමාන්‍යාධිකාරී දීපාල් අබේසේකර, පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගමේ සභාපති ඉසුරු බාලපටබැදි සහ මහජන බැංකුවේ සහ පීපල්ස් ලීසිං සමාගමේ සභාපති සුජීව රාජපක්ෂ යන මහත්වරුන් එක්ව සිටියහ.

ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම හා එයට අනුබද්ධිත පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගම තම ගනුදෙනුකරුවන්ගේ කාර්යබහුල දිවියට තවත් පහසුවක් සලසමින් ගණුදෙනුකරුවන් ගේ සියලූම ගෙවීම් සිදුකිරීම සඳහා විවිධ පහසුකම් වලින් සමන්විත සේවා ජාලයක් මහජන බැංකුව හා එක්ව හඳුන්වා දෙනු ලබයි.

මෙම නවතම සේවා පහසුකම පීපල්ස් පේ-වේ (“People’s Pay Way”) හදුන්වා දී ඇති අතර මහජන බැංකුවේ ස්වයං බැංකුකරණ එ්කක මඟින් පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගමේ ලීසිං වාරික, ණය වාරික, රන් ණ්ය වාරික සහ අනෙකුත් ගෙවීම් මෙන්ම පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගමේ රක්ෂණ වාරික ගෙවීමේ පහසුකම් දැන් සපයා තිබේ.

මෙම සුවිශේෂී සේවාව නිල වශයෙන් දියත් කිරීම පසුගියද සිදුවූ අතර එම අවස්ථාවට මහජන බැංකුවේ සහ පීපල්ස් ලීසිං සමාගමේ සභාපති සුජීව රාජපක්ෂ සහ පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගමේ සභාපති ඉසුරු බාලපටබැදි යන මහත්වරුන් එක්ව සිටියහ.

එසේම මහජන බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරී /සාමාන්‍යාධිකාරී රන්ජිත් කොඩිතුවක්කු , පීපල්ස් ලීසිං සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී /සාමාන්‍යාධිකාරී ෂමින්ද්‍ර මර්සිලින් , පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී /සාමාන්‍යාධිකාරී දීපාල් අබේසේකර යන මහත්වරුන් සහ එම ආයතන තුනේ ජේෂ්‍යඨ නිලධාරීන් ද සහභාගී වූහ.

පීපල්ස් පේ-වේ (“People’s Pay Way”) ඔස්සේ ගණුදෙනුකරුවන් තමන්ගේ වාරික, ණය වාරික හෝ වෙනත් ඕනෑම ගෙවීමක් මුදලින් සිදු කරන්නේ නම් දින 365දීම පැය 24 පුරාම කි‍්‍රයාත්මක මහජන බැංකුවල සවිකර තිබෙන මුදල් තැන්පත්කිරීමේ යන්ත‍්‍ර (CDM) මගින් ද ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඞ් පත් මගින් ගෙවීමක් සිදුකරයි නම් මහජන බැංකුවේ බිල්පත් ගෙවීමේ යන්ත‍්‍ර (KIOSK) මගින් සිදු කළ හැකිවේ. ඒ අනුව දිවයින පුරා විහිදී ඇති මහජන බැංකුවේ ස්වයං බැංකුකරණ (Self-Banking Units) 244 කදී දැන් මෙම සේවාව ලබා ගත හැක .

එසේම ගණුදෙනුකරුවන් තමන්ගේ වාරික, ණය වාරික හෝ වෙනත් ඕනෑම ගෙවීමක් පීපල්ස් ලීසිං සමාගමේ PLC ONLINE ක‍්‍රමය ඔස්සේ මෙන්ම රක්ෂණ වාරික ගෙවන්නේ නම් Peoplesinsurance.lk ඔස්සේ ද සිදුකර ගත හැකියි එපමණක් නොව භාන්ඩ මිලදී ගැනීමේදී අනුමත ූඍ කේතය භාවිතාවෙන් ද තමන්ගේ ගෙවීම් සිදුකරගැනීමේ පහසුවද පීපල්ස් පේ-වේ (“People’s Pay Way”) ඔස්සේ උදාවේ.

මෙම සේවාව තවත් සුවිශේෂී වන්නේ සියලූ ගෙවීම් එම අවස්ථාවේදීම අදාළ ගිණුම්වලට බැර වීමත් ඉතාමත් ආරාක්ෂාකාරී ලෙස සියලූ ගනුදෙනු ඉටුවිමත්ය.

ඒ අනුව පීපල්ස් ලීසිං හා පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගම්වල ගනුදෙනුකරුවන්ට දැන් තම ගෙවීම් සඳහා පීපල්ස් ලීිසිං හෝ පීපල්ස් ඉන්ෂුවරන්ස් ශාඛාවකටම යා යුතු නොවේ. මෙම පහසුකම් සදහා අතිරේක ගාස්තුවක් අය නොකරන අතර කාර්යබහුල දිවිගෙවන්නන්ට තම වාරික ගෙවීමට දිවා කාලයේදී ඒ සඳහා කාලය වෙන් කළ යුතුද නොවේ. එසේම නිසි කළ වාරික ගෙවීමේ හැකියාවද ගනුදෙනුකරුවන්ට උදාවේ.

’පීපල්ස් පේ-වේ (“People’s Pay Way”) පහසුකම සැපයීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහජන බැංකුව හා පීපල්ස් ලීසිං සමාගමේ සභාපති, සුජීව රාජපක්ෂ මහතා පැවසුවේ, දිනෙන් දිනම ශී‍්‍ර ලාංකිකයන් කාර්යබහුල වන්නා සේම ඔවුන්ගේ කාර්යබහුලත්වයට සහන සැලසීමට හැකි විවිධ කි‍්‍රයාමාර්ග මහජන බැංකුව විසින් ගනු ලබන බවත් මව් සමාගම ලෙස මහජන බැංකුවට අනුබද්ධිත පීපල්ස් ලීිසිං හා පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගම්වල ගනුදෙනුකරුවන්ගේ ගෙවීම්ද මහජන බැංකු ශාඛාවල තිබෙන මුදල් තැන්පත්කිරීමේ යන්ත‍්‍ර (CDM) බිල්පත් ගෙවීමේ යන්ත‍්‍ර (KIOSK) මගින් ගෙවීමේ හැකියාව උදාකරදීම සම්බන්ධයෙන් තමන් අතිශය සතුටට පත්වන බවයි.

කාලීන අවශ්‍යයතාවයක් ලෙස ශ්‍රී ලංකාවේ ප‍්‍රථම වරට දිවයින පුරා විහිදුනු මුදල් තැන්පත්කිරීමේ යන්ත‍්‍ර (CDM) බිල්පත් ගෙවීමේ යන්ත‍්‍ර (KIOSK) ජාලයක් මගින් වාරික ගෙවීමේ පහසුව සමඟින් බැංකු , ලීසිං සහ රක්ෂණ ක්ෂේත‍්‍රයන්හි දැවැන්තයන් තිදෙනෙකුගේ එකමුතුවෙන් එලි දැක්වුණුී. පීපල්ස් පේ-වේ (“People’s Pay Way”) පහසුකම වඩාත් සුරක්ෂිත ගෙවුම් ක‍්‍රමවේදයක් ලෙසින් ගණුදෙනුකරුවන් අතර විශ්වාසය දිනා ගනු ඇතැයි මෙම නව සේවාව පිළිබඳව අදහස් දක්වමින් පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගමේ සභාපති ඉසුරු බාලපටබැදි මහතා සඳහන් කලේය.