පීපල්ස් ලීසිං සමාගම Fitch A+(lka) ශ්‍රේණිගත කිරීම තවදුරටත් තහවුරු කරගනී.


ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගමේ අනාගත ස්ථාවරත්වය සලකාබැලීමෙන් අනතුරුව Fitch Ratings ආයතනය A+(lka) ශ්‍රේණිගත කිරීම පසුගියදා නැවත වරක් තහවුරු කෙරුණි.

පීපල්ස් ලීසිං සමාගම අසමසම ආයතනික හා මූල්‍ය ස්වභාවය මගින් ජාතික ශ්‍රේණිගත කිරීම් හිමිකරගත් සමාගමකි. ශී‍්‍ර ලංකාවේ විශාලතම මූල්‍ය හා ලීසිං සමාගමක් ලෙස (FLC) පීපල්ස් ලීසිං සමාගම ස්ථාවර ගනුදෙනුකරණ බලයක් හිමි සමාගමක් වන අතර වසර 2021 මාර්තු 31 අවසානය වන විට එම සමාගම සමස්ත මූල්‍ය හා ලීසිං සමාගම් ක්ෂේත‍්‍රයෙහි 12%ක වෙළෙඳපොල කොටසක් හිමිකරගත් සමාගමක්ද වේ.

ගෝලීය වසංගත තත්ත්වය හමුවේ වූවද පසුගිය මූල්‍ය වර්ෂය තුළ පීපල්ස් ලීසිං සමාගම පෙන්නුම් කළ විශිෂ්ට මූල්‍ය කි‍්‍රයාකාරීත්වය මෙම ශ්‍රේණිගත කිරීම  පිරිනැමීමට ඉවහල්වන්නට ඇත. එනම් වසංගත තත්ත්වය යටතේ පසුගිය කාලසීමාව තුළ ආපදා නියාමනයන්ට සහයෝගය දක්වමින් හා ඒවාට අනුකූලවෙමින් නැවත අයකරගැනීම් හා ණය කි‍්‍රයාවලිය ඉතා ප‍්‍රශස්ථ මට්ටමකින් පවත්වාගත් සමාගමක් ලෙස පීපල්ස් ලීසිං සමාගම හඳුන්වා දිය හැක.

තම සමාගමට පිරිනැමූ ශ්‍රේණිගත කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ පීපල්ස් ලීසිං සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධීකාරී ෂමින්ද්‍ර මාසිලින් මහතා පැවසුවේ ‘පසුගිය මූල්‍ය වර්ෂය තුළ අප සමාගම සිදුකළ කි‍්‍රයාවලිය සම්බන්ධයෙන් අපි නිහතමානීව සතුටුවෙනවා. මහජන බැංකුවට අනුබද්ධිත මූල්‍ය ආයතනයක් වීමෙන් ලද ප‍්‍රතිලාභය හේතුවෙන් අප සමාගම සතු අරමුදල් හා ද්‍රවශීලීත්ව ස්වභාවය මත අපගේ තැන්පතු පදනමෙහි ස්ථාවරත්වය සහතික වූවා. එමෙන්ම රජය විසින් පැනවූ සියලූ ණය සහන නියාමනයන්ට අනුකූලව පීපල්ස් ලීසිං සමාගම කටයුතු කරනු ලැබුවා. එයට අමතරව අහිතකර තත්ත්වයන් යටතේ වූවද සහන සීමාවන්ද ඉක්මවායමින් අපේ ගනුදෙනුකරුවන්ගේ ශුභසාධනය සහතිකකිරීම වෙනුවෙන් ණය හා ලීසිං පහසුකම් ප‍්‍රතිසැලසුම් කරගැනීමේ පහසුකම් පවා අප සමාගම විසින් සළසනු ලැබුවා. එමෙන්ම ණය සහන සැලසීම අතින් අප සමාගම තවදුරටත් විශේෂිත තත්ත්වයක පසුවෙනවා.’

‘සියල්ල දෙස නවමු ආකාරයකින් දැකීම, අපගේ ඩිජිටල් ධාරිතාව තවදුරටත් වර්ධනය කිරීම, වර්ධනයන් පෙන්නුම්කරන ක්ෂේත‍්‍රයන්ට යොමුවීම හා සියලූ පාර්ශ්වකරුවන්ගේ වටිනාකම් සම්බන්ධයෙන්වූ අපගේ ව්‍යාපාරික සංස්කෘතිය විවිධාංගීකරණය හා වෙනස්කම් සිදුකිරීමෙන් පීපල්ස් ලීසිං සමාගම අනාගතය කරා මෙහෙයවනු ලබනවා.’

මූල්‍ය හා ලීසිං ක්ෂේත‍්‍රයේ අනෙකුත් සමාගම් සම`ග සහයෝගීතාවයෙන් කි‍්‍රයාකිරීම තම සමාගමේ අභිප‍්‍රාය බව සඳහන් කළ ෂමින්ද්‍ර මාසිලින් මහතා පශ්චාත් වසංගත ආර්ථිකය නැවත තිරසාර ලෙස ගොඩනැගීමේ අභිලාෂයෙන් අරමුණු සහගතව ණය පහසුකම් සැලසීම ප‍්‍රවර්ධනය කිරීමට අදහස්කරන බව තවදුරටත් පැවසීය.

පීපල්ස් ලීසිං සමාගමේ මූල්‍ය මූලධර්ම සේම ස්ථාපිත උපායමාර්ගයන් හි ඵලදායිතාව ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය සමග බැඳුණු ආයතනික කළමනාකාරීත්වයේ දැක්ම තවදුරටත් ශක්තිමත් කිරීමට මෙම ශ්‍රේණිගත කිරීම එම සමාගමට දැඩි රුකුලක් වනු ඇත.

වර්ෂ 1995දී ස්ථාපිත පීපල්ස් ලීසිං සමාගම මහජන බැංකුවේ අනුබද්ධිත ආයතනයකි. එමෙන්ම කොළඹ කොටස් හුවමාරුවෙහි ප‍්‍රධාන පුවරුවෙහි ලැයිස්තුගත සමාගමකි.