රාජ්‍ය අමාත්‍ය ගරු අජිත් නිවාඩ් කබ්රාල් පීපල්ස් ලීසිං වෙබ් අඩවිය යළි දියත් කරයි


ශ්‍රී ලංකාවේ පුරෝගාමී රාජ්‍ය මූල්‍ය ආයතනය වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (පීඑල්සී) සිය 25 වන සංවත්සරය 2021 මැයි 31 දින සැමරීය.

පාරිභෝගිකයින්හට ගනුදෙනු කිරීමේ පහසුව සහතික කරමින් පීපල්ස් ලීසිං විසින් එම ආයතනයේ ත්‍රෛභාෂා වෙබ් අඩවිය මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ගේ සහභාගිත්වයෙන් යළි දියත්කරන ලදී.

මෙම ඓතිහාසික අවස්ථාවට පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී ආයතනයේ සභාපති සුජීව රාජපක්ෂ මහතා සහ එහි ප්‍රධාන විධායක නිලධාරී / සාමාන්‍යාධිකාරී ෂමීන්ද්‍ර මර්සලින් මහතා ද සහභාගී වූහ.

මෙම වෙබ් අඩවිය දියත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ගරු රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ පීඑල්සී ආයතනය සෑම විටම වෙනස් මුහුණුවරක් ඔස්සේ කටයුතු කිරීමට මූලිකත්වය ගන්නා ආයතනයක් බවයි. “ඩිජිටල් ලෝකයේ ඇති තාක්‍ෂණික නාලිකා වඩා හොඳින් භාවිතා කිරීමෙන් මෙම ‘නව යථා’ තත්ත්වය තුළ සීමාවෙන් ඔබ්බට ගොස් සිතීම ආදර්ශමත් ක්‍රියාවක් බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

පීපල්ස් ලීසිං ආයතනය විසින් දැඩි අපේක්‍ෂාවකින් යුක්තව අරඹන ලද ඩිජිටල් පරිවර්තන වැඩසටහනක් වන වැඩිදියුණු කළ පීපල්ස් ලීසිං වෙබ් අඩවිය, පරිශීලකයින්ගේ මූල්‍ය අවශ්‍යතා සඳහා ‘එක් නැවතුම් ද්වාරයක්’ ලෙස පවතින අතර පාරිභෝගික කේන්ද්‍රීයතාව තවදුරටත් අවධාරණය කරනු ඇත.

ශ්‍රී ලංකාවේ විශාලතම බැංකු නොවන මූල්‍ය ආයතනය මෙන්ම මූල්‍ය කර්මාන්තයේ ප්‍රමුඛයෙකු වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී වසර 25 ක් තිස්සේ ශ්‍රී ලාංකීය ප්‍රජාවට වටිනාකමක් එකතු කළ මූල්‍ය සේවා සැපයීමේ පුරෝගාමියා බවට පත්ව ඇත. දිවයින පුරා පිහිටි ශාඛා 112 ක් සහ රාජකාරියට ඇපකැපවූ සේවකයින්ගෙන් යුත් ශක්තිමත් කණ්ඩායමක් සමඟින්, අප පුළුල් පරාසයක නිෂ්පාදන සහ සේවාවන් තුළින් ඔවුන්ගේ සියලු මූල්‍ය අවශ්‍යතා සපුරාලමින් අපගේ වටිනා ගනුදෙනුකරුවන් සමඟ අපගේ බැඳීම් ශක්තිමත් කර ඇත්තෙමු.

ගරු මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් පීඑල්සී ආයතනයේ ත්‍රෛභාෂා වෙබ් අඩවිය යළි දියත්කිරීම. පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆයිනෑන්ස් පීඑල්සී හි සභාපති සුජීවා රාජපක්ෂ මහතා (වම) සහ ප්‍රධාන විධායක නිලධාරී / සාමාන්‍යාධිකාරී ෂමීන්ද්‍ර මර්සලින් (දකුණ)