පීපල්ස් ලීසිං සිය මෙට්‍රොපොලිටන් ශාඛාව වැඩිදියුණු කර නැවත ස්ථානගත කරයි


පීපල්ස් ලීසිං සමාගමේ මෙට්‍රොපොලිටන් ශාඛාව අංක 86, වොක්ෂෝල් වීදිය, කොළඹ 02 යන ස්ථානයේ නව ශාඛා පරිශ්‍රයකට පිවිසීම පසුගියදා සිදුවිය.

මහජන බැංකුවේ සහ පීපල්ස් ලීසිං සමාගමේ සභාපති සුජිව රාජපක්ෂ මහතා විසින් එම නව පරිශ්‍රය විවෘත කරන ලදී.

මෙට්‍රොපොලිටන් ශාඛාව සුළු සහ මධ්‍ය පරිමාණ ගනුදෙණුකරුවන්ට පහසු ප්‍රවේශයක් ලබාදෙන අතර, එහි මෙහෙයුම් තුළින් ‘කාබන් පතුල් ‘ (Carbon Footprint) සටහන අඩු කිරීමට සමගාමේ කැපවීම ශක්තිමත් කරමින් පීපල්ස් ලීසිං ශාඛා ජාලය යටතේ ක්‍රියාත්මක වන පළමු හරිත ශාඛව බවට මෙට්‍රොපොලිටන් ශාඛාව පත්වනු ඇත .

පීපල්ස් ලීසිං සමාගම සිය වටිනා ගනුදෙණුකරුවන්ට උපරිම බැංකු නොවන මුල්‍ය සේවා අත්දැකීමක් ලබා දීමේ දැක්මක් ඇතිව ක්‍රියාත්මක වන අතර මුල්‍ය ක්ෂේත්‍රයේ නව මිණුම් ලකුණක් තැබීම සදහා නව තාක්ෂණය නව්‍ය පහසුකම් සහ සේවාවන් සමග ශීඝ්‍රයෙන් දියුණු වෙමින් පවතී. එහෙයින් පීපල්ස් ලීසිං සමගම සිය වටිනා ගණුදෙනුකරුවන්ට නව පරිශයට පිවිස උසස් අත්දැකීමක් ලබාගැනීමට ආරාධනා කරයි.

පීපල්ස් ලීසිං සමගම යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බැංකු නොවන මුල්‍ය ආයතනයක් වන අතර රටෙහි විශාලතම රාජ්‍ය බැංකුව වන මහජන බැංකුවට අනුබද්ධිත මුල්‍ය ආයතනයකි. විශේෂිත ලීසිං සමාගමක් ලෙස 1996 දී මෙහෙයුම් කටයුතු ආරම්භ කල පීපල්ස් ලීසිං සමගම 2011 වසරේ කොළඹ කොටස් වෙළදපලේ ලැයිස්තු ගතවිය. පීපල්ස් ලීසිං සමාගම බංගලාදේශයේ විදේශීය ව්‍යාපාරයක් ඇතුළුව අනුබද්ධිත ක්ෂේත හයක් සමග විවිධාංගීකරණය වූ බැංකු නොවන මුල්‍ය බලවතෙක් දක්වා වර්ධනය වී ඇත.

මහජන බැංකුවේ සහ පීපල්ස් ලීසිං සමාගමේ සභාපති සුජීව රාජපක්ෂ මහතා සහ පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රධාන විධායක නිළදාරි /සාමන්‍යාධිකාරි ශමින්ද්‍ර මාර්සලින් යන මහත්වරුන් විසින් මෙට්‍රපොලිටන් ශාඛාව උත්සවාකාරයෙන් විවෘත කරන අයුරු.
මෙට්‍රොපොලිටන් ශාඛාව කාර්යය මණ්ඩලය සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය
මෙට්‍රොපොලිටන් ශාඛාව