පීපල්ස් ලීසිං වෙතින් PLC Touch නමින් විශේෂාංග රැසක් සහිත ත්‍රයි භාෂික Mobile App එකක්


පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම ( people’s Leasing & Finance PLC ) `PLC Touch´ නමින් ත්‍රයි භාෂික ජංගම යෙදුමක් (Mobile app) හඳුන්වාදීමට පසුගියදා කටයුතු කළේ ය. පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනැන්ස් සමාගම යනු  රජයේ හිමිකාරිත්වය යටතේ පවතින, මෙරට ප්‍රමුඛතම බැංකු නොවන මූල්‍ය ආයතනයකි.ශ්‍රී ලංකාවේ මෙම වර්ගයේ යෙදුමකට මුල්ම වරට ඇතුළත් වන රක්ෂණාවරණ සබැඳි විශේෂාංග රැසක් ඇතුළුව සුවිශේෂී අංග රාශියක් PLC Touch යෙදුමට ඇතුළත් වේ.

—රක්ෂණාවරණ සබැදි විශේෂාංග ඇතුළත් මෙවැනි Mobile app විසඳුමක් හඳුන්වා දෙන ප්‍රථම බැංකු නොවන මූල්‍ය ආයතන බවට ආයතනය බවට පත්වීමට හැකිවීම අපට මහත් සතුටක් මෙය, දැනට පවතින තත්ත්වය හමුවේ ගනුදෙනුකරුවන්ගේ පහසුව මෙන්ම ආරක්ෂාව ද තහවුරු කරන පියවරක් ලෙස හැඳින්විය හැකියි. PLC Touch APP භාවිතයෙන් කෙනෙකුට අපගේ ශාඛා වෙත පැමිණීමෙන් තොරව, තම නිවසේ සිටම අවශ්‍ය ගනුදෙනු සිදු කිරීමට පුළුවන්. බැංකු හා  මූල්‍ය ක්ෂේත්‍රයේ පමණක් නොව සියලුම ක්ෂේත්‍රයන්ගේ අනාගතය සඳහා මෙවැනි විසඳුම් අවශ්‍ය බව අපගේ විශ්වාසයි. කාලයත් සමඟ නව ප්‍රවණතාවන්ට අනුගත වෙමින් ඉදිරියට යන අතරම අප, රටේ බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්‍රයට ආදර්ශ රැසකුත් හඳුන්වා දෙමින් සිටිනවා. පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි/සාමාන්‍යාධිකාරී ශමීන්ද්‍ර මාර්සිලීන මහතා පැවසී ය.

මෙම ජංගම යෙදුම පීපල්ස් ලීසිං ඇන්ඩ්  ෆිනෑන්ස් සමාගමේ මෘදුකාංග ඉංජිනේරුවන් විසින්ම නිර්මාණය  කරන ලද්දක් බවත්, එමගින් විශාල මුදලක් ඉතිරි කරගැනීමට හැකි වූ බවත් එම සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – තොරතුරු සන්නිවේදන තාක්ෂණ – සමූහ අංශයේ ප්‍රභාත් ගුණසේන මහතා පෙන්වා දුන්නේ ය.  ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙලෙස ඉතිරි කරගත් මුදල් ඉදිරියේදී සමාගමේ ආයතනික ප්‍රජා සත්කාර වැඩසටහන් ඇතුළු විවිධ අංශ සදහා යෙදවීමට අපේක්ෂා කරන බවයි.

—මෙම යෙදුමට පදනම් වූ විශේෂ තාක්ෂණික දැනුම ලැබුණේ අපගේ කණ්ඩායම තුළින්ම වීම අපට මහත් ආඩම්බරයක්. මෙය භාෂා තුනෙන් ම සැලසුම් කර තිබීම, විවිධත්වය හා අන්තර්කරණය සම්බන්ධයෙන් අප විශ්වාස කරන වටිනාකම් නිරූපණය කරන සාධකයක් ලෙස හැඳින්විය හැකිය. එමෙන්ම කොයි කාටත් පහසුවෙන් වටහාගත හැකි වන ආකාරයට, මෙහි අතුරු මුහුණත ඉතාමත් සරල ලෙස සැලසුම් කිරීමට අප පියවර ගත්තා.” ප්‍රභාත් ගුණසේන මහතා තවදුරටත් පැවසී ය.

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ ඉතුරුම් ගිණුමකට අමතරව වෙනත් ඕනෑම ඉතුරුම් ගිණුමක් PLC Touch APP යෙදුමට අමතරව ඕනෑම බැංකුවක ඇති ඕනෑම ඉතුරුම් ගිණුමක් PLC Touch යෙදුමට ඇතුලත්කර ගැනීම (mapping) මගින් එම ගිණුමක් ඔස්සේ QR කෙත ක්‍රමය පදනම් කරගත් ගෙවීම්, උපයෝගීතා බිල්පත් (utility bills) ගෙවීම්, සහ එම ඕනෑම බැංකු ගිණුමක් භාවිතයෙන් පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ ණය හා ලීසිං සම්බන්ධ ගෙවීම් සිදුකිරීම වැනි සේවාවන් රාශියක් PLC Touch APP ඔස්සේ ලබාගත හැකි වේ. එමෙන් ම මෙමඟින් ලිපි ලේඛන කටයුතු වලට කාලය වැයකිරීමෙන් තොර ව විනාඩි ගණනක් තුළ නව රක්ෂණයක් ලබාගත හැකි අතර, ‘ Call & Go’ ක්‍රමවේදය මගින් රථවාහන රක්ෂණ වලට අදාළ හිමිකම් මුදල් ලබාගැනීමේ ක්‍රියාවලියද සරල කරයි.

බැංකු නොවන මූල්‍ය ආයතන ක්ෂේත්‍රයේ නවෝත්පාදන පුරෝගාමියෙකු වශයෙන් පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම ‘Self-e-Cash’ සේවාවක් හදුන්වා දීම සදහා මීට පෙර කටයුතු කළේ ය. මෙහිදී  පාරිභෝගිකයන්ට තම ස්ථාවර තැන්පතු ඇපයට තබා ක්ෂණික ණයක් ලබාගත හැකි අතර, අදාළ මුදල ATM යන්ත්‍රයකින් ලබාගත හැකි වේ.  මෙම සේවාව දැන් PLC Touch APP ඔස්සේද ලබාගත හැකි අතර, QR හා බිල්පත් ගෙවීම් සේවාවන් සහ ගිණුම් අතර මුදල් හුවමාරු කිරීම  ඇතුළු තවත් සේවාවන් රැසක්ද මීට ඇතුළත් කර ඇත.


ඉතා පහසුවෙන් භාවිතා කළ හැකි මෙම යෙදුම තම ගනුදෙනුකරුවන් අතර අතිශයින් ජනප්‍රිය වනු ඇතැයි සමාගම විශ්වාසය පළකර සිටී. Google play හෝ App store ඔස්සේ නොමිලේ PLC Touch APP බාගත ( Download) කළ හැකි වේ.

‘PLC Touch’ හදුන්වා දීමේ අවස්ථාවට එක්වෙමින්, තරුණ හා ක්‍රීඩා අමාත්‍ය, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා වයව සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙසේ පැවසී ය. “ තම ක්‍රියාවලි වඩාත් සරල කරමින් පාරිභෝගිකයන්ට හා සේවාදායකයන්ට වඩාත් විශිෂ්ට අත්දැකීමක් ලබාදීම සඳහා රාජ්‍ය හා පෞද්ලගික යන අංශ දෙකෙහිම ආයතන නවීන තාක්ෂණය භාවිතා කරනු දැකීම සතුටට කරුණක්. අපගේ ඉදිරි ගමන රඳා පවතින්නේ ඩිජිටල්කරණය මත බව දැන් අපට හොඳින්ම පැහැදිලියි. COVID – 19 රෝග ව්‍යාප්තිය නිසා, ඩිජිටල්කරණයේ අසීමිත හැකියාවන් හොඳින් වටහා ගැනීමට අපට හැකියාව ලැබුණා. තම නිශ්පාදන හා හැකියාවන් පිළිබඳ ව අලුතින් සිතා බලා , ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ඒවා වැඩිදියුණු කරන මෙන්  මා අනෙකුත් සමාගම් හා ආයතන වලිනුත් ඉල්ලා සිටීමට කැමතියි.” මහජන බැංකුවට අනුබද්ධිත පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම ෆිච් රේටින්ග් ලංකා ලිමිටඩ් ආයතනයේ ‘ A+ (Ika) outlook stable’  ශ්‍රේණිගත කිරීම හිමි සමාගමකි. එමෙන්ම පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම ‘හොඳම ආයතනික  පුරවැසියන් දසදෙනා ‘ අතරට හිමි සම්මානය වසර 7 ක් ලබා ගැනීමට සමත් විය. පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස්  සමාගම හිමිකරගත් ගෞරවනීය සම්මාන අතර ‘ Transparency in corporate Reporting’ (TRAC) තෙවන ස්ථානය, Brand Finance Lanka  ආයතනය විසින් සංවිධානය කරන ‘Brands annual’ හි මූල්‍ය අංශයේ වඩාත්ම  වටිනාතම පාරිභෝගික වෙළඳනාමයත් හා Today 30 ශ්‍රී හොඳම ආයතන 30 අතරින් 18 වෙනි ස්ථානයෙහි පසුවන සමාගමකි. 

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ – ස මූහ අංශයේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරී- ප්‍රභාත් ගුණසේන මහතාගේ මඟපෙන්වීම යටතේ PLC Touch APP නිර්මාණය මෙහෙය වූ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ- සමූහ