පුද්ගලික බස් රථ හිමියන් හට කොවිඩ්-19 හමුවේ නැගී සිටිමට පීපල්ස් ලීසිං වෙතින් “හිතමිතුරු” මූල්‍ය සහනය.


පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සි(පීපල්ස් ලීසිං) සමාගම විසින් පසුගියදා “හිතමිතුරු” නමින් මූල්‍ය සහන සැලසුමක් හදුන්වා දෙන ලදී. ඒ පවතින කොවිඩ්-19 වසකංගතය හේතුවෙන් පසුබෑමකට ලක්වූ පුද්ගලික මගී ප්‍රවාහන සේවාව යළි නගා සිටුවීමේ ජාතික අවශ්‍යතාවය සදහා එම සමාගම විසින් ලබදෙන දායකත්වයක් ලෙසිනි.

1996 වසරේ පටන් පුද්ගලික මගී ප්‍රවාහන බස් රථ සදහා කල්බදු මූල්‍ය සේවා සපයමින් පුද්ගලික මගී ප්‍රවාහන සේවාව වැඩිදියුණු කිරීම සදහා පීපල්ස් ලීසිං සමාගම දායක විය. එහෙත් පවතින කොවිඩ්-19 වසංගතය අභිමුව මාස ගණනක් බස් රථ ධාවනය නොවීම හේතුවෙන් බොහෝ පුද්ගලික මගී ප්‍රවාහන සේවා සපයන බස් රථ හිමිකරුවන්ගේ ජීවනෝපායන් සහ ව්‍යාපාර මේ වන විට පසුබෑමකට ලක්වී ඇත.

එවන් පසුබිමක, පීපල්ස් ලීසිං සමාගම විසින් “හිතමිතුරු” මූල්‍ය සහන සැලසුම හදුන්වා දෙන්නේ මූල්‍ය අසීරුතාවන්ට ලක් වූ පුද්ගලික මගී ප්‍රවාහන බස් රථ හිමි ගණුදෙනුකාරභවතුන්ට සලසන අහනයක් ලෙසිනි. “ “හිතමිතුරු” යනු 4% – 6% දක්වා සහනදායි පොළී අනුපාතිකයක් සහ දීර්ඝ කල ආපසු ගෙවීමේ කාලසීමා සමගින් හදුන්වාදෙන මූල්‍ය සහන සැලසුමක්. අප ව්‍යාපාර ගමන්මගෙහි 25 වන කඩයිම පසුකරන මෙම වසරේදි ලාභ ලැබීමේ අරමුණෙන් ඔබ්බට ගොස් කොවිඩ් උවදුර හමුවේ මූල්‍යමය වශයෙන් බිදවැටුනු පුද්ගලික මගී ප්‍රවාහන බස් හිමි ගණුදෙනුකාරභවතුන් යළි නගා සිටුවීම සදහා අප සමාගමේ දායකත්වයක් ලෙස අපගේ මෙම මූල්‍ය සහන සැලසුම හදුන්වා දෙන්න පුලුවන්.” පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාර ශමින්ද්‍ර මර්සිලින් මහතා පැවසීය.

එහිදී අදහස් දැක්වූ එම සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – අය කිරීම් සහ පරිපාලන දමිත් මලවිතන්තිල මහතා ප්‍රකාශ කළේ, “පසුගිය කාලයේ  කොවිඩ් ව්‍යාප්තිය අවම කිරීම සදහා මගී ප්‍රවාහන සේවාවේ නියැලෙන පුද්ගලික බස් රථ සදහා පැනවූ විවිධ සීමා හේතුවෙන් අපේ බස් රථ හිමි ගණුදෙණුකාරභවතුන් අනේකවිද අසීරුතාවන්ට ලක්වී තිබෙනවා. ඒ අනුව පුද්ගලික මගී ප්‍රවාහන බස් හිමියන්ගේ සංගම් වලින් අප වෙත සිදු කල මූල්‍ය සහ ආපසු ගෙවීමේ කාලය දිගු කිරීම පිළිබද ඉල්ලීම සදහා අපගේ සුබවාදී ප්‍රතිචාරය ලෙස මෙම “හිතමිතුරු” මූල්‍ය සහන සේවාව හදුන්වාදීමට පුලුවන්. “හිතමිතුරු” බස් රථ සහන සැලසුමෙන් මාස 6-12 දක්වා සහනදායී ගෙවීම් කාලයක් ලබා දෙනවා. මෙහිදී ගණුදෙනුකාරභවතුන්ට සහනදායි ගෙවීම් කාලයෙන් පසුව වුවත් පෙර පැවති වාරිකයම ගෙවාගෙන යෑමේ හැකියාව සලසා තිබෙනවා” ලෙසිනි.

ගණුදෙනුකාරභවතුන්ට “හිතමිතුරු” මූල්‍ය සහන සැලසුම හරහා ලබාදෙන ප්‍රතිලාභ:

  • 4% -6% දක්වා සහනදායී අනුපාතිකයන්
  • ආපසු ගෙවීම් සදහා මාස 6 – 12 දක්වා සහන කාලයක්
  • ගණුදෙනුකාරභවතුන් හට සහනදායි ගෙවීම් කාලයෙන් පසුවද පෙර පැවති වාරිකය ගෙවාගෙන යාමේ හැකියාව.
  • කැපවූ මධ්‍යගත කණ්ඩායමක් විසින් ලබා දෙන පහසුවූත් ගුණාත්මක සේවාව
  • අවම සහ සරල ලියකියවිලි
  • එක් දින සේවාව
  • අමතර ගාස්තු නොමැති වීම

ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය, පොදු ජන පෞද්ගලික බස් වෘත්තියකයන්ගේ සංගමය, අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමය සහ දකුණු පලාත් බස් ආයෝජකයන්ගේ සංගමය ඇතුලු බස් රථ සංගම් විසින් “හිතමිතුරු” මූල්‍ය සහන සැලසුම පිලිබද සිය ප්‍රසාදය පළකර සිටියහ.

පීපල්ස් ලීසිං සමාගම යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බැංකු නොවන මූල්‍ය ආයතනයක් වන අතර ප්‍රමුඛ රාජ්‍යය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත මූල්‍ය ආයතනයකි. විශේෂිත ලීසිං සමාගමක් ලෙස 1996 දී මෙහෙයුම් කටයුතු ආරම්භ කල පීපල්ස් ලීසිං සමාගම 2011 වසරේ කොළඹ කොටස් වෙලදපලේ ලැයිස්තුගතවිය. පීපල්ස් ලීසිං සමාගම බංගලාදේශයේ විදේශිය ව්‍යාපාරයක් ඇතුලු අනුබද්ධිත ක්ෂෙත්‍ර හයක් හරා විව්ධාංගීකරණය වූ බැංකු නොවන මූල්‍ය බලවතෙක් දක්වා වර්ධනය වී ඇත.

පිපල්ස් ලීසිං සමාගම ෆිච් රේටිංස් ලංකා ලිමිටඩ් ආයතනයෙහි ‘A+(lka) Outlook Stable’ ශ්‍රේණිගතකිරීම හිමි සමාගමක් වන අතර ශ්‍රී ලංකාවේ කොටස් වෙළදපොල ශ්‍රේණිගතකිරීමෙහි සමාගම් 50 අතර ඇත. එමෙන්ම පීප්ලස් ලීසිං සමාගම  විසින් ශ්‍රි ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ‘හොදම ආයතනික පුරවැසියන් දස දෙනා’ ට හිමි සම්මානය වසර හතක් ලබාගත් අතර පීපල්ස් ලීසිං සමාගම හිමි කරගත් සෙසු සම්මාන අතර ආයතනික වාර්තාකරණයේ විනිවිදභාවය වෙනුවෙන් Transparency International ආයතනය වෙතින් තෙවන ස්තානය, Brand Finance Lanka ආයතනය විසින් ප්‍රකාශිත ‘Brands Annual’ හි ශ්‍රේණිගතකිරීම අනුව මූල්‍ය අංශයෙහි වඩාත් වටිනාම පාරිභෝගික සන්නාම නාමය හා ලීසිං අංශයෙහි වඩාත් ප්‍රියතම සන්නාමය වේ. තවද එම සමාගම ‘Business Today Top – 30’ ශ්‍රේණිගතකිරීමෙහි හොදම සමාගම් 30 අතරින් 18 වන ස්තානය ලබාගත් සමාගමකි.

මහජන බැංකුවේ හා පීපල්ස් ලීසිං සමාගමේ සභාපති, සුජීව රාජපක්ෂ මහතා(වමේ සිට සිව්වෙනියා) , පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රධාන විධායක නිළදාරී/සාමාන්‍යාධිකාරී ශමින්ද්‍ර මර්සිලින් මහතා (දකුණු පස සිට තෙවැන්නා) සහ පීපල්ස් ලීසිං සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය මගී බස් රථ ප්‍රවාහනය සදහා “හිත්මිතුරු” මූල්‍ය සහන සැලසුම දියත් කිරීමේ උත්සවයේදී.
“හිතමිතුරු” මූල්‍ය සහන සැලසුම