“සෙනෙහස” බාලවයස්කාර ඉතුරුම් ගිණුමකින් දෙමාපියන්/ භාරකරුවන් විසින් මුදල් ආපසු ලබාගත හැකිද?


නොහැක. කෙසේවෙතත් පහත සඳහන් විශේෂ අවස්ථාවලදී එසේ මුදල් ආපසු ගැනීමට අවසර ඇත.

  •  අධ්‍යාපන කටයුතු හෝ වෛද්‍ය ප්‍රතිකාර වියදම් වැනි ළමයාගේ සුබසාධනය සඳහා වියදම් කිරීමට යම් අවශ්‍යතාවයක් ඇත්නම්, සමාගම තෘප්තිමත් විය හැකි අයුරින් සනාථ කරන ලද ලියවිලි සමග ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතු වේ.
  • පළමු තැන්පතුව කළ දිනයේ සිට වසර 5ක (මාස හැටක) කාලයක් සම්පූර්ණ වූ පසුව හෝ ඉන්පසු ඕනෑම අවස්ථාවක බාලවයස්කරුගේ ගිණුමේ ශේෂය බාලවයස්කරුගේ දෙමාපියන්ගේ / භාරකරුගේ ලිඛිත උපදෙස් මත වෙනත් බැංකුවක / මූල්‍ය ආයතනයක බාලවයස්කරුගේ නමින් පවත්වාගෙන යන ගිණුමක් සඳහා මාරු කළ හැකිය.  මාරුකිරීම ක්‍රියාත්මක කළ යුත්තේ බාලවයස්කරු වෙනුවෙන් “ගෙවන්නාගේ ගිණුමට පමණක්” ලෙස සඳහන් කරන ලද චෙක්පතක් මගිනි.