ස්ථාවර තැන්පතුවක් ආරම්භ කිරීමට අවශ්‍ය ලියවිලි මොනවාද?


 තනි පුද්ගලයින් සඳහා:

  • නිසි ලෙස සම්පුර්ණ කරන ලද ස්ථාවර තැන්පත් අයදුම්පතක්
  • තනි පුද්ගල CDD සහ ඒකාබද්ධ ගිණුමක් නම් වෙන වෙනම
  • ජාතික හැඳුනුම්පතේ / වලංගු ගමන් බලපත්‍රයේ / වලංගු රියදුරු බලපත්‍රයේ පිටපතක්
  • තැන්පත්කරුගේ ලිපිනය හා ජාතික හැඳුනුම්පතේ/රියදුරු බලපත්‍රයේ ඇති ලිපිනය සමාන නොවන්නේ නම්, යම් උපයෝගිතා බිල්පතක් හෝ තැන්පතු ආරම්භ කළ දින සිට මාස 3ක් ඇතුළත නිකුත් කරනු ලැබූ තැන්පත්කරුගේ වර්තමාන ලිපිනය සහිත (තැන්පතු හිමියාගේ නමින් යුතු) බැංකු ප්‍රකාශයක පිටපතක්.
  • ඇටෝර්නි බලපත්‍රයේ සහතික කළ පිටපතක් (අවශ්‍ය නම්)
  • නම්කරන ලද අයගේ ජාතික හැඳුනුම්පතේ පිටපත (අවශ්‍ය නම්)
  • විදේශිකයන් සඳහා විදේශ ගමන් බලපත්‍රයට අමතරව නේවාසික වීසා බලපත්‍රයේ පිටපතක්ද අවශ්‍ය වේ (එම නේවාසික වීසා බලපත්‍රයේ වලංගු කාලය දින 180කට වැඩි විය යුතුය).

අනෙකුත් ආයතන සඳහා (හවුල් සමාගම්, රාජ්‍ය හා පෞද්ගලික සීමා සහිත සමාගම්, නිශ්චිත සංගම්, සමිති, භාරකාර අරමුදල්):

  • නිවැරදිව සම්පුර්ණ කරන ලද ස්ථාවර තැන්පත් අයදුම්පතක්
  • ආයතන ලියාපදිංචිකිරීමේ පිටපත
  • ආයතනික CDD ආකෘතියක්
  • අධ්‍යක්ෂවරුන් / බලයලත් අත්සන්කරුවන්ගෙන් තනි පුද්ගල CDD ආකෘති පත්‍ර.
  • අධ්‍යක්ෂවරුන්ගේ / බලයලත් අත්සන්කරුවන්ගේ ජාතික හැඳුනුම්පත්වල සහතික කළ පිටපත් (සමාගම් ලේකම් විසින් සහතික කරන ලද)
  • පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමෙහි ස්ථාවර තැන්පතුවක් ආරම්භ කිරීමට ගන්නා ලද තීරණය සනාථ කරන යෝජනා / වාර්තාවන්හි සහතික කළ පිටපත් (සමාගම් ලේකම් විසින් සහතික කරන ලද).
  • අනෙකුත් සහතික කළ පිටපත් (සමාගම් ලේකම් විසින් සහතික කරන ලද)
  • අයදුම් පත්‍රයේ සඳහන් පරිදි වෙනත් අදාළ ලියවිලිද ඉදිරිපත් කළ යුතු වේ.