මගේ ස්ථාවර තැන්පතු සහතිකය නැති වුවහොත් හෝ අස්ථානගත වුවහොත් කුමක් සිදුවේවිද?


ඕනෑම ගනුදෙනුවක් සිදු කිරීම සඳහා මුල් ස්ථාවර තැන්පතු සහතිකය ඔබට අත්‍යවශ්‍ය වේ.  එවැනි අවස්ථාවන්හිදී, තැන්පත්කරුගෙන්/කරුවන්ගේ ඉල්ලීම් ලිපිය සමග නොතාරිස්වරයෙකු/සාමදාන විනිශ්චයකාරවරයෙකු විසින් සහතික කරන ලද නිවැරදිව සම්පූර්ණ කරන ලද දිවුරුම් ප්‍රකාශයක් යොමුකිරීමෙන් සහතිකයේ අනුපිටපතක් ඉල්ලා සිටිය හැක (දිවුරුම් ප්‍රකාශයේ ආකෘතියක් සමාගමෙන් ලබා ගත හැක).