ගිණුම්හිමියකු මියයන විටකදී එම තැන්පතු මුදල ආපසු ගැනීමේ ක්‍රියා පටිපාටිය කුමක්ද?


නම්කරන ලද තැනැත්තකු සිටීනම්: එම තැනැත්තා විසින් පහත සඳහන් ලියවිලි ඉදිරිපත් කිරීමෙන් ගිණුමට ගෙවන චෙක්පතක් මගින් නම්කරන ලද තැනැත්තා වෙත ගෙවීම කළ හැකිය;

  • මුල් ස්ථාවර තැන්පතු සහතිකය
  • තැන්පත්කරුගේ මරණ සහතිකයේ මුල් පිටපත හෝ සහතික කළ පිටපතක් ඉදිරිපත් කළ යුතුය.
  • නම්කරන ලද අයගේ අනන්‍යතාවය  හඳුනා ගැනීම
  • නම්කරන ලද අය විසින් නිසි පරිදි සම්පූර්ණ කරන ලද දිවුරුම් ප්‍රකාශයක් (සමාගම විසින් එහි ආකෘතිය සපයනු ලැබේ)
  • නම්කරන ලද අයගෙන් උපදෙස් ලිපිය

නම්කරන ලද අයකු නොමැති නම්: පහත සඳහන් ලියවිලි ඉදිරිපත් කිරීමෙන් ඕනෑම පවුලේ සාමාජිකයෙකුට මුදල් ආපසු ලබාගත හැක;

  • තැන්පත්කරුගේ මරණ සහතිකයේ මුල් පිටපතක් හෝ සහතික කළ පිටපතක් ඉදිරිපත් කළ යුතුය
  •  මුල් ස්ථාවර තැන්පතු සහතිකය
  •  නිවැරදිව සම්පුර්ණ කරන ලද දිවුරුම් ප්‍රකාශය (සමාගම විසින් ආකෘතිය සපයනු ලැබේ)
  • හිමිකම් පාර්ශවයේ ජාතික හැඳුනුම්පතේ පිටපත
  • හිමිකම් පාර්ශ්වයේ ඉල්ලීම් ලිපිය
  • ග්‍රාම නිලධාරී සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබාගන්නා ලද පවුලේ විස්තර සනාථ කරන ප්‍රකාශ
  • විවාහක නම්, මියගිය සේවාදායකයාගේ විවාහ සහතිකය
  • ජාතික හැඳුනුම්පතෙහි පිටපත් සහ පවුලේ සාමාජිකයන්ගේ උප්පැන්න සහතිකවල පිටපත්.
  • මෙම විෂයට සම්බන්ධ සියලුම පාර්ශ්වයන්ගෙන් ලබාගත් දිවුරුම් ප්‍රකාශ ආකෘතියෙන් යුතු විරෝධතාවක් නොමැති බව අඟවන ලිපි.