අලුත් කිරීම පිළිබඳ දැනුවත් කිරීමට (SMS) මම ප්‍රතිචාර නොදක්වන්නේ නම්, මගේ තැන්පතුවට කුමක් සිදුවේද?


මාසික පොලී ගෙවීමේ ස්ථාවර තැන්පතුවක එකී කාල සීමාව සඳහා පවත්නා පොලී අනුපාතය අනුව ප්‍රාග්ධනය ස්වයංක්‍රීයව අලුත් කරනු ලැබේ. තවද, එය කල් පිරෙන තැන්පතුවක් නම්, ප්‍රාග්ධනය උපචිත පොළිය සහිතව / උපචිත පොලී රහිතව (ස්ථාවර තැන්පතු අයදුම්පතේ දක්වා ඇති උපදෙස් අනුව) අලුත් කරනු ලබන අතර පවත්නා අනුපාතයට සමාන කාලයක් සඳහා අලුත් කෙරේ.