පාරිසරික වගකීම


දිනෙන් දින වායගෝලයට මුදා හැරෙන කාබන්ඩයොක්සයිඞ් වැනි හරිතාගාර වායු හේතුවෙන් මිහිතලයේ උණුසුම ක්‍රමයෙන් වැඩි වීම, ග්ලැසියර දියවීම, දේශගුණික විපර්යාස, ස්වභාවික විපත් යනාදියට ලෝ වැසියන් මුහුණ දෙති. මේ හේතුවෙන් පීපල්ස් ලීසිං සමාගම සිය පරිසර වගකීම පිළිබඳ නිරතුරුව සැලකිලිමත් වෙයි. ව්‍යාපාරික කටයුතු වලදී සම්පත් සකසුරුවම්න් භාවිතය, පරිසර හිතකාමී හරිත මූල්‍ය ප්‍රවර්ධනය මෙන්ම බාහිර පාර්ශවකරුවන් සමඟ විවිධ ව්‍යාපෘතීන් හරහා පරිසරය සංරක්ෂණය කිරිම සිදු කරයි.


  • අපි හරිත දැනුවත්භාවය අපගේ සියලූම පාර්ශවකරුවන් අතර ප්‍රවර්ධනය කරන්නෙමු
  • වගකීම්සහගත සැපයුම්කරුවන් හරහා අපගේ සැපයුම් අවශ්‍යතා සලසා ගනිමු
  • අපි අවම වූ කාබන් පතුල් සටහනක් පවත්වා ගනිමින් අපගෙන් පරිසරයට වන බලපෑම අවම කිරීමට කටයුතු කරන්නෙමු
  • අපි හරිත මූල්‍ය සේවා සපයන්නෙමු
  • ඩිජිටල් තාක්ෂණය (හරිත මූල්‍යකරණය) ඔස්සේ අපගේ මූල්‍ය සේවා ලබාදෙමින් අපගේ ගණුදෙනුකාරභවතුන් හට සමීප වන්නෙමු
  • අපි ආචාරශීලීව, සමාජීය හා පාරිසරික වගකීම සැලකිල්ලට ගනිමින් මූල්ය සේවා ලබා දෙන්නෙමු