අපගේ කාර්යයමණ්ඩලය


අප විසින් අපගේ කාර්යයමණ්ඩලය සමාගමේ සමෘද්ධිමත් අනාගතය තනන වටිනාම වත්කම ලෙස සලකන්නෙමු. කාර්යයසාධනය ඇගයීම් ක්‍රියාවලිය හරහා අපගේ කාර්යයමණ්ඩලය විසින් ඔවුන් සතු වගකීම් නිවැරදිව හඳුනා ගනිමින් ඒ සඳහා උචිත වූ දැනුම, කුසලතා, වටිනාකම් මෙන්ම අත්දැකීම් හා පුහුණුව ලබා ගනිමින් ප්‍රශස්ත කාර්යයසාධනයක් ලබා දීමට කටයුතු කරයි.


අපි අපගේ කාර්ය මණ්ඩලය සවිබල ගන්වන්නෙමු

පුහුණුව හා සංවර්ධනය

සීඝ්‍රයෙන් වෙනස් වන ලෝකයේ අවශ්‍යතාවයන්ට සාර්ථකව මුහුණ දීමට මෙන්ම වෘත්තීය සංවර්ධනය සඳහාද කාර්යමණ්ඩලය නව දැනුම, කුසලතා සහ දක්ෂතාවන්ගෙන් පරිපූර්ණ විය යුතුයි. සමාගමේ ප්‍රතිපත්තිය වන්නේ නිරන්තර පුහුණුව/ සංවර්ධනය තුළින් අප කාර්යයමණ්ඩලයේ දැනුම සහ කුසලතා සංවර්ධනය කර එතුළින් අපගේ දැක්ම, මෙහෙවර සහ අරමුණු සාක්ෂාත් කර ගැනීමයි.

පුද්ගලමය සහ ආයතනමය අවශ්‍යතාවයන්ට අනුකූල වන ලෙස විධිමත් නවක පුහුණු වැඩසටහන් අපි අපගේ නවක කාර්යයමණ්ඩලයට ලබා දෙන්නෙමු. වාර්ෂික කාර්යයසාධන ඇගයීම තුළින් පුද්ගලමය වශයෙන් පුහුණුව ලබා දිය යුතු අංශ හඳුනා ගැනීම සිදු කරයි. එමෙන්ම සුදුසු කාර්යයමණ්ඩල සාමාජිකයන් සඳහා උසස් අධ්‍යාපන වියදම් ප්‍රතිපූර්ණය, වෘත්තිමය සාමාජිකත්ව වියදම් ප්‍රතිපූර්ණය මෙන්ම දේශීය සහ විදේශීය පුහුණුව ලබා දීමද සිදු කරයි.

බාහිර පුහුණු අවස්ථා තුළින් පීඑල්සී කාර්යයමණ්ඩලයේ දැනුම, කුසලතා සහ ආකල්ප දියුණු කිරීම සඳහා නායකත්ව සංවර්ධනය, කළමනාකරණ කුසලතා, ඉදිරිපත් කිරීමේ කුසලතා, පුහුණු කිරීමේ සහ උපදේශණය යන ප්‍රවේශයන් යොදා ගනී.


වෙනත් කරුණු
  • කාර්යය මණ්ඩලය වෙත අපි සවන් යොමන්නෙමු
  • කාර්යයමණ්ඩලයේ විවිධත්වයෙන් අපි පන්නරය ලබන්නෙමු
  • කාර්යයමණ්ඩලයේ සෞඛ්‍යාරක‍ෂාව සහ යහ පැවැත්ම වෙනුවෙන් අපි කැපවන්නෙමු
  • කාර්යයමණ්ඩලයේ වෘත්තීය දිවිය හා පුද්ගල ජීවිතය අතර ඇති සමබරතාව අපි රකින්නෙමු
  • කාර්යයමණ්ඩලය අපි අගයන්නෙමු. ඔවුන් වෙත ප්‍රතිලාභ ලබා දෙන්නෙමු