ස්ථාවර තැන්පතු
ශ්‍රී ලංකාවේ බැංකු නොවන විශාලතම මූල්‍ය ආයතනය ලෙස පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම, වැඩිම ණය ශ්‍රේණිගතකිරීම ( Fitch Lanka A- (lka) රේටින් වොච් නෙගටිව් ) ලෙස වත්කම් පදනමකට හිමිකම් කියන සමාගම වේ. පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම, 1988 ප්‍රතිෂ්ඨාපිත මූල්‍ය සමාගම් පණත අංක 78 යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයෙහි ලියාපදිංචි සමාගමකි.
එමෙන්ම මූල්‍ය මණ්ඩලය විසින් ස්ථාපිත ශ්‍රී ලංකා තැන්පත් රක්ෂණ යෝජනා ක්‍රමයෙහි එක් තැන්පතුවකට උපරිමය රුපියල් 1,100,000 දක්වා වන්දි මුදල් හිමිවන පරිදි යෝග්‍ය තැන්පතු රක්ෂණ හිමිකමකට බැදී පවතීි.
පෞද්ගලික අංශයෙහි නම්‍යශීලීත්වය, කාර්යක්ෂමතාව හා රාජ්‍ය අංශයෙහි සුරක්ෂාව, විශ්වාසනීයත්වයේ ප්‍රතිලාභ සමඟ ඔබේ තැන්පතුවට පොලී මුදල් උපයාගැනීමේ අවස්ථාව හිමි වේ.
ප්‍රධාන ප්‍රතිලාභ
- ස්ථාවර තැන්පතුවලට හඳුන්වාදුන් නව්‍ය සංකල්පයවන Self-e-cash මගින් ඔබේ පහසුව සඳහා ඕනෑම ස්ථානයකින් ඕනැම අවස්ථාවකදී ණය පහසුකම් ලබාගැනීමේ හැකියාව.
- මුදල් තැන්පත්කිරීමෙන් හා චෙක්පත් නිෂ්කාෂණයවීමෙන් අනතුරුව ස්ථාවර තැන්පතු සහතිකය ලබාගත හැක.
- කල්පිරීමේදී ක්ෂණික මුදල් නැවත ලබාගත හැකිවීම හා සුපිරි පාරිභෝගික සේවාව.
- ඉතා තරඟකාරී පොලි අනුපාත.
- මාසික පොලිය ඔබේ පීපල්ස් ලීසිං ඉතිරිකිරීමේ ගිණුමට මාරු කරගත හැකි අතර ඒ සඳහා 9%ක වාර්ෂික පොලියක් හිමි වේ.
- PLC මෘදුකාංගය (PLC App ) මගින් ඕනෑම ස්ථානයකදී ඕනැම අවස්ථාවක සුවපහසුවෙන් කල් ගෙවමින් ඔබේ ගිණුම ක්‍රියාත්මක කළ හැක.
සාමාන්‍යය ස්ථාවර තැන්පතු
කාලය | කල් පිරිමේදී | වා.ස.පො | මාසිකව | වා.ස.පො |
---|---|---|---|---|
1 මාස | 6.50% | 6.69% | – | – |
2 මාස | 6.50% | 6.67% | – | – |
3 මාස | 6.75% | 6.92% | 6.25% | 6.43% |
100 දින | 6.75% | 6.91% | – | – |
6 මාස | 6.75% | 6.86% | 6.25% | 6.43% |
300 දින | 6.75% | 6.79% | – | – |
12 මාස | 8.00% | 8.00% | 7.75% | 8.03% |
13 මාස | 8.00% | 7.97% | 7.75% | 8.03% |
15 මාස | 8.00% | 7.92% | 7.75% | 8.03% |
18 මාස | 8.50% | 8.32% | 8.00% | 8.29% |
24 මාස | 10.75% | 10.22% | 10.25% | 10.74% |
26 මාස | 10.75% | 10.14% | 10.25% | 10.74% |
36 මාස | 11.25% | 10.17% | 10.75% | 11.29% |
48 මාස | 11.25% | 9.73% | 10.75% | 11.29% |
60 මාස | 12.00% | 9.85% | 11.50% | 12.12% |
වා.ස.පො. – වාර්ෂික සපල පොලී අනුපාතය
කල්පිරීම සඳහා අවම තැන්පතු මුදල රු. 10,000/= සහ මාසික පොලිය සඳහා රු. 100,000/=
2025 මැයි 29 වෙනි දා සිට බලපැවැත්වේ.
* * පෙර දැනුම්දීමකින් තොරව ඉහත අනුපාත වෙනස්වියහැකි බව කරුණාවෙන් සලකන්න.