පීපල්ස් ලීසිං සමාගම සිය 112 වැනි ශාඛාව දෙමටගොඩදී විවෘත කරයි


ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම බැංකු නොවන මූල්‍ය ආයතනයක් හා මහජන බැංකුවට අනුබද්ධිත සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් පීඑල්සී (PLC), 111 කින් යුත් ශාඛා ජාලය තවත් පුළුල් කරමින් සිය 112 වැනි ශාඛාව 2025 නොවැම්බර් මස 10 වන දින දෙමටගොඩදී අංක 430, ඩැනිස්ටර් ඞී සිල්වා මාවත, කොළඹ 09 යන ස්ථානයේදී විවෘත කිරීම සිදු විය. මෙම විවෘත කිරීමේ උත්සවය සඳහා පීපල්ස් ලීසිං සමාගමේ සභාපති මහාචාර්ය අජන්ත සමරකෝන් මහතා, ප‍්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී සංජීව බණ්ඩාරනායක මහතා, සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයේ සාමාජිකයින්, ශාඛා කාර්ය මණ්ඩලය, රාජ්‍ය ආයතන නිලධාරීන්, පාරිභෝගිකයන් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසකගේ සහභාගීත්වයෙන් අති උත්කර්ෂවත් අනිදමින් පැවැත්විණි.


ඣඪෂෘ-19 වසංගතය හේතුවෙන් ඇති වූ ආර්ථික පසුබෑම හේතුවෙන් පීපල්ස් ලීසිං ආයතනය තම ව්‍යාපාර කටයුතු පුළුල් කිරීම සීමා කර තිබුනු නමුත් මේ වන විට ශ‍්‍රී ලංකාව තුල සිදුවන ආර්ථික, සාමාජීය මෙන්ම තිරසාර සංවර්ධනය සහ අනෙකුත් අංශවල ධනාත්මක වර්ධනයත් සමඟ යමින් වගකිවයුතු මූල්‍ය ආයතනයක් ලෙස පීපල්ස් ලීසිං ආයතනය ද සිය නව කලමනාකරණාකාරීත්වයේ දැක්මත් සමඟින් සිය සේවා හා ව්‍යායාපාර කටයුතු පුළුල් කිරීමට ව්‍යාපෘතිි රාශියක් දියත් කොට ඇත. දිවයින පුරා පිහිටි තම ශාඛා ජාලය පුළුල් කිරීම ද ඉන් එක් ප‍්‍රධාන කර්තව්‍යක් ලෙස සදහන් කළයුතු වේ.

පාරිභෝගිකයින් හට වැඩි පහසුවක්, ගුණාත්මක බවක් සහ ඉහළ මූල්‍ය ප‍්‍රවේශයක් ලබා දීම අරමුණු කරගනිමින් පීපල්ස් ලීසිං දෙමටගොඩ ශාඛාව පාරිභෝගිකයන් හට පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක පිහිටා ඇති අතර පීපල්ස් ලීසිං ආයතනය මගින් ලබාදෙන සේවාවන් වන කල්බදු ණය, වාහන ණය, ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම් විවෘත කිරීම, රන් ණය, ඉස්ලාමීය මූල්‍ය පහසුකම් ඇතුළු මූල්‍ය පහසුකම් රාශියක් එකම වහලක් යටින් සපුරා ගැනීමට දෙමටගොඩ ශාඛාව හරහා මංපෙත් විවර වනු ඇත.