පීපල්ස් ලීසිං සමාගම සිය 111 වැනි ශාඛාව ඇහැලියගොඩදී විවෘත කරයි


ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම බැංකු නොවන මූල්‍ය ආයතනයක් හා මහජන බැංකුවට අනුබද්ධිත සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් පීඑල්සී (PLC) තම ශාඛා ජාලය පුළුල් කරමින් සිය 111 වැනි ශාඛාව 2025 නොවැම්බර් මස 4 වන දින නො. 44, කෙලින් වීදිය, ඇහැලියගොඩ යන ස්ථානයේදී විවෘත කිරීම සිදු විය. මෙම විවෘත කිරීමේ උත්සවය සඳහා පීපල්ස් ලීසිං සමාගමේ සභාපති මහාචාර්ය අජන්ත සමරකෝන් මහතා, ප‍්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී සංජීව බණ්ඩාරනායක මහතා, සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයේ සාමාජිකයින්, ශාඛා කාර්ය මණ්ඩලය, රාජ්‍ය ආයතන නිලධාරීන්, පාරිභෝගිකයන් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසකගේ සහභාගීත්වයෙන් අති උත්කර්ෂවත් අනිදමින් පැවැත්විණි.
ඣඪෂෘ 19 වසංගත තත්වයත් සමඟ ශ‍්‍රී ලංකාව මුහුණදුන් ආර්ථික අවපාතයන් හේතුවෙන් පීපල්ස් ලීසිං ආයතනය තම ව්‍යාපාර කටයුතු පුළුල් කිරීම සීමා කර තිබුණි. නමුත් වර්තමානය වනවිට ශ‍්‍රී ලංකාව තුල සිදුවන ආර්ථික, සාමාජීය මෙන්ම තිරසාර සංවර්ධනය සහ අනෙකුත් අංශවල ධනාත්මක වර්ධනයත් සමඟ යමින් වගකිවයුතු මූල්‍ය ආයතනයක් ලෙස පීපල්ස් ලීසිං ආයතනය ද සිය නව කලමනාකරණාකාරීත්වයේ දැක්මත් සමඟින් සිය සේවා හා ව්‍යායාපාර කටයුතු පුළුල් කිරීමට ව්‍යාපෘතිි රාශියක් දියත් කොට ඇත. දිවයින පුරා පිහිටි තම ශාඛා ජාලය පුළුල් කිරීම ද ඉන් එක් ප‍්‍රධාන කර්තව්‍යක් ලෙස සදහන් කළයුතු වේ.

ඒ අනුව යමින් නව ශාඛා ජාලය පුළුල් කිරීමේ වැඩපිළිවෙළෙහි සුවිශේෂී සංධිස්ථානයක් පසුකරමින් වසර ගණනාවකට පසු විවෘත කරනු ලබන පළමු ශාඛාව ලෙස ඇහැලියගොඩ ශාඛාව පසුගිය දා විවෘත කරන ලදී. මේ හරහා ඇහැලියගොඩ ප‍්‍රදේශයේ සිටින මහජනතාවට වඩාත් කාර්යක්ෂම, සුහදශීලී සහ පහසු මෙන්ම විශ්වාසනීය සේවාවක් සමඟින් තම මූල්‍ය සේවා එකම වහලක් යටින් සපුරා ගැනීමට මංපෙත් විවර වනු ඇත. පීපල්ස් ලීසිං ආයතනය මගින් ලබාදෙන සේවාවන් වන කල්බදු ණය, වාහන ණය, ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම් විවෘත කිරීම, රන් ණය, ඉස්ලාමීය මූල්‍ය පහසුකම් ඇතුළු මූල්‍ය පහසුකම් රාශියක් ඇහැලියගොඩ ශාඛාව හරහා ද ලබා ගත හැක.

දශක තුනකට ආසන්න කාලයක් පුරාවට දිවයින පුරා විහිදි 111 ක ශාඛා ජාලයන් හරහා ශ‍්‍රී ලාංකේය සුළු, මධ්‍ය හා මහා පරිමාණ ව්‍යාවසායකයින් ගේ මෙන්ම මහජනතාවගේ මූල්‍ය අන්තර්ගතභාවය ඉහළ නංවමින් ශ‍්‍රී ලාංකේය ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නැංවීමට වගකිය යුතු මූල්‍ය පුරවැසියෙකු ලෙස පීපල්ස් ලීසිං ආයතනය කටයුතු කරන අතර පීපල්ස් ලීසිං ආයතනය අප රටේ ආර්ථික මෙන්ම සාමාජීය පැතිකඩයන්හි තිරසාර සංවර්ධනයට දක්වන දායකත්වය මේ හරහා මැනවින් පිළිබිඹු කරයි.