පීපල්ස් ලීසිං සමාගම මෙවරත් මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයට අනුග්‍රාහකත්වය ලබාදෙයි


පීපල්ස් ලීසිං ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය සුරැකීමේ මෙහෙවරට උරදෙමින් මෙවරත් මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයට සිය අනුග්‍රාහක දායකත්වය ලබාදීමට ඉදිරිපත් විය.

ඒ වෙනුවෙන් පැවති විශේෂ උත්සවයකදී පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සාමාන්‍යාධිකාරී සංජීව බණ්ඩාරනායක මහතා, ශාඛා ජාලයේ සාමාන්‍ය අධිකාරී නීල් තුශාන්ත මහතා, ප්‍රධාන කළමනාකාර සේනක මුණසිංහ මහතා සහ පීපල්ස් ලීසිං මහනුවර ශාඛාවේ ශඛා කළමනාකාර රොෂාන් මඩවල මහතා යන මහත්වරුන් විසින් අනුග්‍රාහකත්ව චෙක්පත ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා වෙත පිරිනමන ලදී.

මෙහිදී ප්‍රදීප් නිලංග දෑල මහතා පීපල්ස් ලීසිං සමාගම වෙත සිය කෘතඥතාව පළකළ අතර, ශ්‍රී ලංකාවේ ප්‍රෞඪ ඉතිහාසය හා සම්ප්‍රදායන් මැනැවින් නිරූපණය කරන අතිශය වැදගත් සංස්කෘතික උත්සවයක් වන මහනුවර ඇසළ පෙරහැර පවත්වාගෙන යාම සඳහා මෙබඳු දායකත්වයන් මහෝපකාරී වන බවද පැවසී ය.

ඡායාරූපය (වමේ සිට):, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා, පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී සංජීව බණ්ඩාරනායක මහතා, ශාඛා ජාලයේ සාමාන්‍ය අධිකාරී නීල් තුශාන්ත මහතා, ප්‍රධාන කළමනාකාර සේනක මුණසිංහ මහතා සහ පීපල්ස් ලීසිං මහනුවර ශාඛාවේ ශඛා කළමනාකාර රොශාන් මඩවල මහතා අනුග්‍රාහකත්ව චෙක්පත භාරදුන් අවස්ථාව.