පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆයිනෑන්ස් පීඑල්සී නිල වෙබ් අඩවිය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි


පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆයිනෑන්ස් පීඑල්සී හි නිල වෙබ් අඩවිය මූල්‍ය සහ රක්ෂණ වෙබ් අඩවි අංශය සඳහා වූ රන් සම්මානය සහ හොඳම ජංගම පරිශීලක අත්දැකීම සහිත වෙබ් අඩවිය සඳහා වූ රන් සම්මානය LK Domain Registry විසින් සංවිධානය කරන ලද 15 වැනි BestWeb.LK සම්මාන උළෙලේදී බැංකු නොවන මූල්‍ය අංශය යටතේ දිනා ගැනීමට සමත් විය. ඩිජිටල් නාලිකා භාවිතයේදී ගණුදෙනුුකරුවන්ට වඩාත් විශිෂ්ඨ අත්දැකීමක් තිළිණ කිරීම සඳහා සමාගම ගන්නා උත්සාහයේ සාර්ථකත්වය මෙම සම්මාන මගින් මැනැවින් පිළිබිඹු වේ.
ගනුදෙනුකරුවන්ට ඉතාමත් පහසුවෙන් භාවිතා කළ හැකි වන ආකාරයට තම නිල වෙබ් අඩවිය සැලසුම් කර තිබීම නිසා සමාගම වෙත මෙම සම්මාන ද්විත්වය හිමි විය. මෙම වෙබ් අඩවිය ගණුදෙනුකරුවන් ඇතුළුව සියළුම පාර්ශ්වකරුවන්ට අවශ්‍ය සේවාවන් හා තොරතුරු ඉක්මනින් හා පහසුවෙන් ලබාගැනීමට හැකි වන ආකාරයට සකස් කර ඇත.
මෙම සම්මානවල වැදගත්කම සම්බන්ධයෙන් පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆයිනෑන්ස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී /සාමාන්‍යාධිකාරී සංජීව බණ්ඩාරනායක මහතා මෙසේ අදහස් දැක්වී ය. ”මෙම වසරේ දී ද BestWeb.LK සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වීම අපට මහත් සතුටක්. අප සෑම විටම ඩිජිටල් නවෝත්පාදනය සහ පාරිභෝගික-කේන්ද්‍රීයත්වය වෙනුවෙන් කැප වී සිටින බවට මෙම සම්මාන සාක්ෂි දරනවා.”
එමෙන්ම පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆයිනෑන්ස් පීඑල්සී හි නිල වෙබ් අඩවි සංවර්ධන සහකරු ලෙසE-futures ආයතනය කටයුතු කරණු ලැබූ අතර, ඔවුන් ද 15 වැනි BestWeb.LK සම්මාන උළෙලේදී ඔවුන්ගේ විශිෂ්ඨ කාර්ය වෙනුවෙන් කුසලත සම්මානයක් (Merit Awards) දිනා ගන්නා ලදී.
පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆයිනෑන්ස් පීඑල්සී (PLC) කල්බදු ණය සහ පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයන ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම බැංකු නොවන මූල්‍ය ආයතනයකි. දිවයින පුරා විහිදි 110 ක ශාඛා ජාලයන් හරහා විශ්වාසය, නවෝත්පාදනය, සහ පාරිභෝගික කේන්ද්‍රීය විසඳුම් සඳහා වූ ශක්තිමත් කීර්තියක් සහිතව, පීපල්ස් ලීසිං දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ රටේ ආර්ථික වර්ධනය සඳහා ප‍්‍රධාන දායකත්වයක් සපයා ඇත.