අලූත් තැනක අලූත් වුනු පීපල්ස් ලීසිං කෑගල්ල ශාඛාව


පීපල්ස් ලීසිං කෑගල්ල ශාඛාව පාරිභෝගිකයින්ට වැඩිදියුණු කළ සේවාවක්, ඉහළ පහසුවක් සහ වඩාත් සුවපහසු අත්දැකීමක් ලබා දීම අරමුණු කර ගෙන 2025 සැප්තැම්බර් 2 වැනි දින නො. 453, ප‍්‍රධාන වීදිය, කෑගල්ල යන ස්ථානය වෙත ගෙනයන ලදී.
නව ශාඛා පරිශ‍්‍රය විවෘත කිරීමේ උත්සවය, පීපල්ස් ලීසිං සමාගමේ සභාපති මහාචාර්ය අජන්ත සමරකෝන් මහතා, ප‍්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී සංජීව බණ්ඩාරනායක මහතා, සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් උත්කර්ෂවත් අයුරින් සිදු විය.
පාරිභෝගිකයින් හට වැඩි පහසුවක්, ගුණාත්මක බවක් සහ ඉහළ මූල්‍ය ප‍්‍රවේශයක් ලබා දීම අරමුණු කරගනිමින් පීපල්ස් ලීසිං කෑගල්ල ශාඛාව පාරිභෝගිකයන් හට පහසුවෙන් ළඟා විය හැකි පරිදි වෙනත් ස්ථානයකට රැගෙන යන ලද අතර, නව පීපල්ස් ලීසිං කෑගල්ල ශාඛාව දැන් එහි පුළුල් පහසුකම් සහ සේවාවන් සමඟින් පාරිභෝගිකයින්ට සේවය කිරීමට සූදානම්ව ඇත. ප‍්‍රදේශයේ පුද්ගලයන්ගේ සහ ව්‍යාපාරවල මූල්‍ය අවශ්‍යතා සපුරාලීමට කටයුතු කරමින් ප‍්‍රජාව සමඟ පවත්නා දීර්ඝකාලීන සබඳතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට පීපල්ස් ලීසිං සමාගම අපේක්ෂා කරයි.

පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆයිනෑන්ස් පීඑල්සී (PLC) කල්බදු ණය සහ පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයන ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම බැංකු නොවන මූල්‍ය ආයතනයකි. දිවයින පුරා විහිදි 110 ක ශාඛා ජාලයන් හරහා විශ්වාසය, නවෝත්පාදනය, සහ පාරිභෝගික කේන්ද්‍රීය විසඳුම් සඳහා වූ ශක්තිමත් කීර්තියක් සහිතව, පීපල්ස් ලීසිං දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ රටේ ආර්ථික වර්ධනය සඳහා ප‍්‍රධාන දායකත්වයක් සපයා ඇත.