පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී අධ්යක්ෂ මණ්ඩලයට ආචාර්ය ඉසුරු මානවඩු මහතා පත් කෙරේ
පීපල්ස් ලීසිං ආයතනයේ අධ්යක්ෂ මණ්ඩලයට නව අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ඉසුරු මානවඩු මහතා පත්කෙරුණු බව පීපල්ස් ලීසිං ආයතනය නිවේදනය කරයි. මෙම පත්කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යයක්ෂකවරයාගේ අනුමතියද ලැබී ඇත.
ආචාර්ය මානවඩු මහතා වර්තමානයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ පීඨයේ ගිණුම්කරණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කරයි. ඔහු මැලේසියාවේ මලයා විශ්වවිද්‍යාලයෙන් ගිණුම්කරණය පිළිබඳ ආචාර්ය උපාධියක් (Ph’D.) ලබා ඇති අතර, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ගිණුම්කරණය (විශේෂ) විද්‍යාවේදී උපාධිය ලබා ඇත. විශේෂයෙන්ම, 2011 උපාධි ප්රදානෝත්සවයේදී කැපී පෙනෙන අධ්‍යයන හා බාහිර ක්‍රියාකාරකම් වෙනුවෙන් ACCA රන් පදක්කම දිනා ඇත.
වෘත්තීය වශයෙන්, ආචාර්ය මානවඩු මහතා ශ්‍රී ලංකා ප්රඥප්තිගත ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ ප්රඥප්තිගත ගණකාධිකාරී (Fellow Chartered Accountant – 2014 දී ඇතුළත් විය) සාමාජිකයෙකු වන අතර,” Association of Chartered Certified Accountants ACCA-UK) හි ද සාමාජිකයෙකි. ජාත්‍යන්තර ගිණුම්කරණය, ගිණුම්කරණයේ ගුණාත්මකභාවය, ආයෝජන තීරණ ගැනීම, අධිකරණ ගිණුම්කරණය, තිරසාරත්ව ගිණුම්කරණය, සහ බදුකරණය ඇතුළු පුළුල් පරාසයක විෂය පථයන් ඔහුගේ විශේෂඥ දැනුම මගින් ආවරණය වේ.
මීට අමතරව, ආචාර්ය මානවඩු මහතා ජාතික සේවයට ද කැපවී සිටී. ඔහු ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති අපි වෙනුවෙන් අපි අරමුදලේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසත්, කම්කරු අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රම වාසනා අරමුදලේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු මෙන්ම විගණන කමිටු සාමාජිකයෙකු ලෙසත් කටයුතු කරයි.
ආචාර්ය මානවඩු මහතාගේ පුළුල් අධ්‍යයන හා වෘත්තීය පසුබිම, මෙන්ම රාජ්‍ය අංශයේ අත්දැකීම්, සමාගමේ පාලනය සහ උපායමාර්ගික අධීක්ෂණය සඳහා සැලකිය යුතු වත්කමක් වනු ඇතැයි පීපල්ස් ලීසිං ආයතනය අපේක්ෂා කරයි.