සාධාරණත්වය හා විවිධත්වය අපගේ සේවා ප‍්‍රතිපත්තිය වේ

විෂමාකාරයෙන් සැලකීම වැඩ පරිසරයෙන් තුරන්කිරීම තුළින් වඩාත් ඵලදායී මෙන්ම යහපත් කාර්ය සාධනයක් ලබාගතහැකි වන වග පී එල් සී විශ්වාස කරන්නකි. එමෙන්ම ඒ තුළින් කුසලතාවයන් ද ඔප්නැංවීමට හැකිවනවා. එම නිසා කුලය , ලිංගභේදය , ආගම , ආබාදිත තත්ත්වය, වයස මේ ආදි කුමන හේතුවක් නිසාවෙන් වෙනස්ව සැලකීම අප තරයේ ප‍්‍රතික්ෂේප කරන්නෙමු. අපගේ ශාඛා කළමනාකාරිත්වය හා කළාප ප‍්‍රධානීන් මෙන්ම තේරීම් භාරව සිටින්නන් ගේ වගකීම වන්නේ සැමට සාධාරණත්වය සලසා වෙනස්ව සැලකීම සම්පූර්ණයෙන් පිටුදැකීමයි.

එමෙන්ම ආයතනික ප‍්‍රතිපත්තිය වන්නේ මෙසේ අපගේ සේවානියුක්තියන් හට යුක්තිය ඉටුකොට ආයතනයේ උන්නතිය වෙනුවෙන් ඔවුන්ගේ දායකත්වය හඳුනා, ඇගයීම් කොට කාර්ය සාධනය පදනම්ව උචිත ප‍්‍රදානයක් කාලීනව සිදුකිරීමයි.

පී එල් සී හි සේවානියුක්තියෙකු වීම සඳහා අවශ්‍ය අවම සුදුසුකම

  • අපොස (ස.පෙළ) පළමු උත්සාහයේ දී ගණිතය හා ඉංගී‍්‍රසි විෂයන් සඳහා සම්මාන සාමාර්ථයක් ලබාසිටීම.
  • අපොස (උ.පෙළ) සාමාන්‍ය සාමාර්ථයන් 3ක් සහිතව සමත්ව තිබීම අනිවාර්ය වේ.
  • අමතරව ක්‍ෂේත‍්‍ර පළපුරුද්ද වෘත්තිය සුදුසුකම හා ඉංගී‍්‍රසි කථනය හා ලිවීම සළකාබලනු ලැබේ.
අයදුම් කරන්න

අපි අපගේ කාර්ය මණ්ඩලය සවිබල ගන්වන්නෙමු: පුහුණුව හා සංවර්ධනය

සීඝ්‍රයෙන් වෙනස් වන ලෝකයේ අවශ්‍යතාවයන්ට සාර්ථකව මුහුණ දීමට මෙන්ම වෘත්තීය සංවර්ධනය සඳහාද කාර්යමණ්ඩලය නව දැනුම, කුසලතා සහ දක්ෂතාවන්ගෙන් පරිපූර්ණ විය යුතුයි. සමාගමේ ප්‍රතිපත්තිය වන්නේ නිරන්තර පුහුණුව/ සංවර්ධනය තුළින් අප කාර්යයමණ්ඩලයේ දැනුම සහ කුසලතා සංවර්ධනය කර එතුළින් අපගේ දැක්ම, මෙහෙවර සහ අරමුණු සාක්ෂාත් කර ගැනීමයි.

පුද්ගලමය සහ ආයතනමය අවශ්‍යතාවයන්ට අනුකූල වන ලෙස විධිමත් නවක පුහුණු වැඩසටහන් අපි අපගේ නවක කාර්යයමණ්ඩලයට ලබා දෙන්නෙමු. වාර්ෂික කාර්යයසාධන ඇගයීම තුළින් පුද්ගලමය වශයෙන් පුහුණුව ලබා දිය යුතු අංශ හඳුනා ගැනීම සිදු කරයි. එමෙන්ම සුදුසු කාර්යයමණ්ඩල සාමාජිකයන් සඳහා උසස් අධ්‍යාපන වියදම් ප්‍රතිපූර්ණය, වෘත්තිමය සාමාජිකත්ව වියදම් ප්‍රතිපූර්ණය මෙන්ම දේශීය සහ විදේශීය පුහුණුව ලබා දීමද සිදු කරයි.

බාහිර පුහුණු අවස්ථා තුළින් පීඑල්සී කාර්යයමණ්ඩලයේ දැනුම, කුසලතා සහ ආකල්ප දියුණු කිරීම සඳහා නායකත්ව සංවර්ධනය, කළමනාකරණ කුසලතා, ඉදිරිපත් කිරීමේ කුසලතා, පුහුණු කිරීමේ සහ උපදේශණය යන ප්‍රවේශයන් යොදා ගනී.


වෙනත් කරුණු

  • කාර්යය මණ්ඩලය වෙත අපි සවන් යොමන්නෙමු
  • කාර්යයමණ්ඩලයේ විවිධත්වයෙන් අපි පන්නරය ලබන්නෙමු
  • කාර්යයමණ්ඩලය අපි අගයන්නෙමු. ඔවුන් වෙත ප්‍රතිලාභ ලබා දෙන්නෙමු
  • කාර්යයමණ්ඩලයේ වෘත්තීය දිවිය හා පුද්ගල ජීවිතය අතර ඇති සමබරතාව අපි රකින්නෙමු
  • කාර්යයමණ්ඩලයේ සෞඛ්‍යාරක‍ෂාව සහ යහ පැවැත්ම වෙනුවෙන් අපි කැපවන්නෙමු