පීපල්ස් ලීසිං සමාගම විශිෂ්ඨතම ආයතනික පුරවැසියකු ලෙස පිදුම් ලබයි!


මහජන බැංකුවට අනුබද්ධිත ප‍්‍රමුඛ බැංකු නොවන මූල්‍ය සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම Best Corporate Citizen Sustainability Awards – 2019 සම්මාන උළෙලේ දී ඇගයීමට ලක්විය. ශ‍්‍රී ලංකාවේ තිරසාර ව්‍යාපාර භාවිතයන් ඇගයීම සඳහා ශ‍්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් වාර්ෂිකව සංවිධානය කරන මෙම Best Corporate Citizen Sustainability Awards සම්මාන උළෙල 16වනවරටත් පැවැත්විණි. ඕස්ටේ‍්‍රලියානු මහ කොමසාරිස්, ඬේවිඞ් හොලී මහතා ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වු මෙම උළෙල කොළඹ සිනමන් ග‍්‍රෑන්ඞ් පරිශ‍්‍රයේදි පසුගියදා පැවැත්විණි. පීපල්ස් ලීසිං සමාගම විශිෂ්ටතම සමාගම් පුරවැසියන් 10 දෙනා අතරට එක්වෙමින් Top 10 Best Corporate Citizen Sustainability Awards – 2019 සම්මානය හිමි කරගන්නා ලද්දේ 7වන වරටය. එසේම මෙවර සම්මාන ප‍්‍රදානයේදී පීපල්ස් ලීසිං සමාගම විසින් ප‍්‍රජාවන් සමග විවිධ සමාජ සත්කාරක වැඩසටහන් ඔස්සේ යහපත් සබඳතා පවත්වාගැනීම වෙනුවෙන් Community Relations කාණ්ඩය යටතේ ඇගයීමට ලක්වීම ද විශේෂත්වයකි.

පීපල්ස් ලීසිං සමාගමේ ප‍්‍රධාන විධායක/ සාමාන්‍යාධිකාරී, සබි‍්‍ර ඊබ‍්‍රහිිම් මහතා පීපල්ස් ලීසිං සමාගමට හිමි Top 10 Best Corporate Citizen Sustainability Awards – 2019 සම්මානය ශ‍්‍රී ලංකාවේ ඕස්ටේ‍්‍රලියානු මහ කොමසාරිස්, ඬේවිඞ් හොලී මහතා අතින් ලබාගත් අවස්ථාව

පීපල්ස් ලීසිං සමාගමට Top 10 Best Corporate Citizen Sustainability Awards – 2019 සම්මානය හිමිවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම සමාගමේ ප‍්‍රධාන විධායක/සාමාන්‍යාධීකාරී සබි‍්‍ර ඊබ‍්‍රහිිම් මහතා පැවසුවේ, ‘ආර්ථිකය, තිරසාරත්වය හා සමාජ සුභසාධනය වෙනුවෙන් කැපවූ මෙරට ප‍්‍රමුඛතම සමාගම් ඇගයීමට පවත්වන Best Corporate Citizen Sustainability Awards සම්මාන ප‍්‍රදානයේදී ප‍්‍රමුඛතම සමාගම් 10 අතරට අඛණ්ඩව 07වරටත් පීපල්ස් ලීසිං සමාගම එක්වීම අප සමාගම ලද ජයග‍්‍රහණයක් බවයි. මෙය අපගේ කාර්ය මණ්ඩලයට, ගනුදෙනුකාරභවතුන්ට සහ අනෙකුත් පාර්ශවකරුවන්ට අප සමාගම වටිනාකම් එකතු කිරිම පිළිබිඹු වෙනවා. ව්‍යාවසාය සංවර්ධනයට උර දෙමින් රටේ ආර්ථිකය සවිබලගැන්වීමට දායකත්වය දෙන සමාගමක් යන පණිවුඩය මෙම සම්මානයෙන් පෙන්වා දෙනවා. එසේම අප තිරසාර සංවර්ධනයට කැපවු සමාගමක් බව මෙම වටිනා සම්මානය හිමි වීම මගින් නැවත වරක් තහවුරු කරනු ලැබුවා.

තවද මෙවර සම්මාන උළෙලේදී Community Relations යන අංශයෙන් ද සම්මානයට පාත‍්‍රවීමෙන් අප සමාගම මෙරට ප‍්‍රජාවන්ගේ උන්නතිය වෙනුවෙන් අපගේ ශාඛා ජාලය හරහා කාර්යය මණ්ඩලයේ ස්වෙව්ඡ දායකත්වයෙන් සිදුකරන ලද සමාජ මෙහෙවරත් ඇගයීමට ලක්වූවා යැයි තවදුරටත් ඒ මහතා පැවසීය.

Top 10 Best Corporate Citizen Sustainability Awards – 2019 සම්මාන උළෙල සඳහා පීපල්ස් ලීසිං සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී සබි‍්‍ර ඊබ‍්‍රහම් මහතා ඇතුළු ඡ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය සහභාගී විය.

ශ‍්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත සමාගමක් ලෙසින් 1996 දී ඇරඹූ පීපල්ස් ලීසිං සමාගම, ලීසිං ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන අතර විශාලතම බැංකු නොවන මූල්‍ය සමාගමයි. පීපල්ස් ලීසිං සමාගම ෆිච් රේටිංස් ලංකා දේශීය ණය ශ්‍රේණිගතකිරීම් අනුව AA- (lka)හා ෆිච් රේටිංස් ඉන්ටර්නැෂනල් අනුව B– ලෙස ඉහළම ණය ශ්‍රේණිගතය හිමි මූල්‍ය සමාගමක් වන අතර 5වන වරටත් ශ‍්‍රී ලංකාවේ වගකීම් සහගත ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට ශ‍්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් ඇගයීමට ලක් වූ සමාගමකි. ශ‍්‍රී ලංකාව තුළ වටිනාම හා ප‍්‍රබලතම සන්නාම ශ්‍රේණිගතය සිදු කරන Brand Finance Awards 2019දී ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම බැංකු නොවන මූල්‍ය ආයතනය වශයෙන්ද පීපල්ස් ලීසිං සමාගම පසුගියදා ඇගයීමට ලක් විය. තවද ලබන ලාභයෙන් කොටසක් පරිසර සංරක්ෂණය මෙන්ම ව්‍යවසායකත්වය නංවාලීමට, මුල් ළමාවිය/පාසල් මෙන්ම වෘත්තීය අධ්‍යාපනය නගාසිටුවීමට හා ප‍්‍රජාවන් සවිබලගැන්වීමට කටයුතු කරන සමාගමකි.

පීපල්ස් ලීසිං සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි) ලක්සඳ ගුණවර්ධන මහතා පීපල්ස් ලීසිං සමාගමට හිමි Community Relations අංශයෙ සම්මානය ආචාර්ය ආනන්ද මලවිතන්ත‍්‍රී (Chairperson – Panel of Evaluators – BCCA 2019 මහතා අතින් ලබාගත් අවස්ථාව

පීපල්ස් ලීසිං ලබාදෙන මූල්‍ය සේවාවන් අතර ලීසිං, වාහන ණය, ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම්, නිවාස හා ව්‍යාපාරික ණය පහසුකම්, ණය සාධ්‍යකරණය (Factoring), ආන්තික වෙළඳාම (Margin Trading)රන් ණය සහ ඉස්ලාමීය මූල්‍ය පහසුකම් වන අතර පීපල්ස් ඉන්ෂුවරන්ස්, පීපල්ස් මයික්‍රෝ කොමර්ස්, පීපල්ස් ලීසිං ප්‍රොපටි ඩිවලොප්මන්ට්, පීපල්ස් ලීසිං ෆ්ලීට් මැනේජ්මන්ට් හා පීපල්ස් ලීසිං හැව්ලොක් ප්‍රොපටීස් සහ බංගලාදේශයේ ස්ථාපිත ලංකන් එලායන්ස් ෆිනෑන්ස් යන සමාගම් එහි අනුබද්ධිත සමාගම් වෙති.

දිවයින පුරා ව්‍යාප්ත ශාඛා ජාලය හරහා තමන්ට වඩාත්ම සුදුසු මූල්‍ය සැලසුම් සුහදශීලිව, කඩිනමින් හා විශ්වාසනීය ලෙස සපුරාගැනීමට සිය ගණුදෙනුකාරභවතුන්ට අවස්ථාව සැලසීම පීපල්ස් ලීසිං සමාගමේ සුවිශේෂීත්වය වේ.