පීපල්ස් ලීසිං කැලණිය ශාඛාව වැඩි පහසුකම් සහිත නව පරිශ්‍රයක විවෘත කරයි


ශ්‍රී ලංකාවේ බැංකු නොවන ප්‍රමුඛතම මූල්‍ය සමාගම වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගමේ කැලණිය ශාඛාව, ගනුදෙනුකරුවන්ට වඩාත් සුවපහසු හා කඩිනම් මූල්‍ය සේවාවක් ලබාදීමේ අරමුණෙන් නව පරිශ්‍රයක (අංක 950, නුවර පාර, හිඹුටුවැල්ගොඩ, දළුගම, කැලණිය) මහජන බැංකුව හා පීපල්ස් ලීසිං සමාගමේ සභාපති, සුජීව රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා විවෘත කෙරුණි. ගනුදෙනුකරුවන්ගේ ප්‍රමාණය ඉහළයෑම මත එම ශාඛාව වැඩි ඉඩකඩ හා පහසුකම් සහිත නව පරිශ්‍රයකට ගෙවැදීම සිදුවිය.

පීපල්ස් ලීසිං සමාගමේ සභාපති, සුජීව රාජපක්ෂ මහතා විසින් උත්සව සභාව ඇමතූ අවස්ථාව

පීපල්ස් ලීිසිං කැලණිය නව ශාඛාව විවෘතකිරීමේ උත්සවයට එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී, සබි්‍ර ඊබ්‍රහිම්, හිටපු ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී ඩී.පී. කුමාරගේ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලයනල් ප්‍රනාන්දු, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන්වන රොහාන් තෙන්නකෝන්, දමිත් මලවිතන්තිල, ලක්සඳ ගුණවර්ධන, ප්‍රභාත් ගුණසේන හා උදේශ් ගුණවර්ධන, ප්‍රධාන කළමනාකරුන්වන සමන් ලියනගේ, චමිල් හේරත්, වජිර රාමනායක හා පීපල්ස් ලීිසිං කැලණිය ශාඛා ජ්‍යෙෂ්ඨ කළමනාකරු, සමන්ත සෙනෙවිරත්න මහතා ඇතුළු ගනුදෙනුකරුවෝ රැසක් සහභාගී වූහ.

පීපල්ස් ලීසිං සමාගමේ සභාපති, සුජීව රාජපක්ෂ මහතා විසින් නව ශාඛාවේ ප්‍රථම ගනුදෙනුව සිදුකිරීමේ අවස්ථාව

පීපල්ස් ලීසිං සමාගමේ කැලණිය නව ශාඛා පරිශ්‍රය විවෘතකිරීමේ උත්සවය අමතමින් මහජන බැංකුව හා පීපල්ස් ලීසිං සමාගමේ සභාපති, සුජීව රාජපක්ෂ මහතා පැවසුවේ නව රජයේ ‘සෞභාග්‍යයේ දැක්ම’ වැඩසටහන යටතේ විවිධ ක්ෂේත්‍ර රැසක් නියෝජනයවන පරිදි අමාත්‍යාංශ පිහිටුවා තිබෙනවා. එයින් බොහොමයක් තුළින් මෙරට පාරම්පරික මෙන්ම සෙසු කර්මාන්ත ක්ෂෙත්‍රවල පුනර්ජීවයක් ඇතිවීමට නියමිතයි. නව කර්මාන්ත හා ව්‍යාපාරික අවස්ථා බිහිවීමේදී මූල්‍ය ආයතනද එයට සමගාමී විය යුතුයි. එහෙයින් ඉදිරි වසර කිහිපයේදී රජයේ නව වැඩපිළිවෙලට සහයෝගය දක්වමින් මෙරට බිහිවන විවිධ ව්‍යාපාර ක්ෂේත්‍රයන්ට මූල්‍ය පහසුකම් ලබාදීමට අප සමාගමත් එක්වෙනවා. එහෙයින් බොහෝ ජනාකීර්ණ මෙම කැලණිය හා අවට ප්‍රදේශයේත් නව ව්‍යාපාර රැසක් බිහිවේවී. දැන් කැලණිය අවට ජනතාවට අප සමාගමේ ජනහිතකාමී මූල්‍ය පහසුකම් විශේෂයෙන්ම සමාගම මෑතකදි හඳුන්වාදුන් හා ඉදිරියේදී හඳුන්වාදෙන නව මූල්‍ය පහසුකම් අත්දැකීමට වැඩි අවස්ථාවක් සැලසෙනවා. එකම වහලක් යටින් සියලු මූල්‍ය සේවා ඉටු කරගත හැකි සමාගමක් ලෙසින් පීපල්ස් ලීසිං ප්‍රකටයි. එහෙයින් ප්‍රමාදයකින් තොරව අවශ්‍ය සෑම මූල්‍ය පහසුකමක්ම ලබාගනිමින් තම ව්‍යාපාරික හා පෞද්ගලික ජීවිතය සාර්ථක කරගැනීමට කැලණිය අවට ජනතාවට හැකි වේවායි මා මෙම අවස්ථාවේ ප්‍රාර්ථනා කරනවා’ යන්නය.

පීපල්ස් ලීිසිං ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී, සබි්‍ර ඊබ්‍රහිම් මහතා විසින් නව ශාඛාවේ ප්‍රථම ස්ථාවර තැන්පතු ගනුදෙනුව සිදුකිරීම

ශ්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත සමාගමක් ලෙසින් 1996 දී ඇරඹූ පීපල්ස් ලීසිං සමාගම, ලීසිං ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන අතර විශාලතම බැංකු නොවන මූල්‍ය සමාගමයි. පීපල්ස් ලීසිං සමාගම ෆිච් රේටිංස් ලංකා දේශීය ණය ශ්‍රේණිගතකිරීම් අනුව A+ (lka) මූල්‍ය සමාගමක් වන අතර 5වන වරටත් ශ්‍රී ලංකාවේ වගකීම් සහගත ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් ඇගයීමට ලක් වූ සමාගමකි. ශ්‍රී ලංකාව තුළ වටිනාම හා ප්‍රබලතම සන්නාම ශ්‍රේණිගතය සිදු කරන Brand Finance Awards 2019 දී ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම බැංකු නොවන මූල්‍ය ආයතනය වශයෙන්ද පීපල්ස් ලීසිං සමාගම ඇගයීමට ලක් විය. එමෙන්ම Transparency International Sri Lanka (TISL) ආයතනය විසින් ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොල ශ්‍රේණිගත සමාගම්වල ඉහළම විනිවිදභාවය සම්බන්ධයෙන් ප්‍රථමවරට සිදු කළ ‘සමාගම් වාර්තාකරණයේ තක්සේරුව’ නම් ශ්‍රේණිගතකරණයෙහි තෙවන ස්ථානයද හිමි විය. තවද ලබන ලාභයෙන් කොටසක් පරිසර සංරක්ෂණය මෙන්ම ව්‍යවසායකත්වය නංවාලීමට, මුල් ළමාවිය/පාසල් මෙන්ම වෘත්තීය අධ්‍යාපනය නගාසිටුවීමට හා ප්‍රජාවන් සවිබලගැන්වීමට කටයුතු කරන සමාගමකි.

පීපල්ස් ලීිසිං කැලණිය ශාඛාවේ කාර්ය මණ්ඩලය ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය සමඟ

පීපල්ස් ලීසිං ලබාදෙන මූල්‍ය සේවාවන් අතර ලීසිං, වාහන ණය, ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම්, නිවාස හා ව්‍යාපාරික ණය පහසුකම්, ණය සාධ්‍යකරණය (Factoring), ආන්තික වෙළඳාම ^Margin Trading) රන් ණය සහ ඉස්ලාමීය මූල්‍ය පහසුකම් වන අතර පීපල්ස් ඉන්ෂුවරන්ස්, පීපල්ස් මයික්‍රෝ කොමර්ස්, පීපල්ස් ලීසිං ප්‍රොපටි ඩිවලොප්මන්ට්, පීපල්ස් ලීසිං ෆ්ලීට් මැනේජ්මන්ට් හා පීපල්ස් ලීසිං හැව්ලොක් ප්‍රොපටීස් සහ බංගලාදේශයේ ස්ථාපිත ලංකන් එලායන්ස් ෆිනෑන්ස් යන සමාගම් එහි අනුබද්ධිත සමාගම් වෙති.

දිවයින පුරා ව්‍යාප්ත ශාඛා ජාලය හරහා තමන්ට වඩාත්ම සුදුසු මූල්‍ය සැලසුම් සුහදශීලිව, කඩිනමින් හා විශ්වාසනීය ලෙස සපුරාගැනීමට සිය ගනුදෙනුකාරභවතුන්ට අවස්ථාව සැලසීම පීපල්ස් ලීසිං සමාගමේ සුවිශේෂීත්වය වේ.