පීපල්ස් ලීසිං සමාගම ගිරිඋල්ල ශාඛාව වැඩිදියුණු කර වෙනත් ස්ථානයකට රැගෙන යයි


පීපල්ස් ලීසිං සමාගමේ ගිරිඋල්ල ශාඛාව කොළඹ පාර, ගිරිඋල්ල සමන් විලාසිතා ගොඩනැගිල්ලේ නව ශාඛා පරිශ‍්‍රයකට පිවිසිම පසුගියදා සිදුවිය.

පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් පීඑල්සී හි ප‍්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී ෂමින්ද්‍ර මර්සිලින් මහතා විසින් නව පරිශ‍්‍රය විවෘත කරන ලදී.

ගිරිඋල්ල ශාඛාව පාරිභෝගිකයින්ට ගුණාත්මක සේවාවක් ලබා දෙමින් සුළු සහ මධ්‍ය පරිමාණ ගනුදෙනුකරුවන්ට පහසු ප‍්‍රවේශයක් ලබා දෙයි.

පීපල්ස් ලීසිං සමාගම සිය වටිනා ගනුදෙනුකරුවන්ට උපරිම බැංකු නොවන මූල්‍ය සේවා අත්දැකීමක් ලබා දීමේ දැක්මක් ඇතිව ක‍්‍රියාත්මක වන අතර මූල්‍ය ක්ෂේත‍්‍රයේ නව මිණුම් ලකුණක් තැබීම සඳහා නව තාක්ෂණය, නව්‍ය පහසුකම් සහ සේවාවන් සමඟ ශීඝ‍්‍රයෙන් දියුණු වෙමින් පවතී. එහෙයින් පීපල්ස් ලීසිං සමාගම සිය වටිනා ගනුදෙනුකරුවන්ට නව පරිශ‍්‍රයට පිවිස උසස් අත්දැකීමක් ලබා ගැනීමට ආරාධනා කරයි.

පීපල්ස් ලීසිං සමාගම යනු ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ බැංකු නොවන මූල්‍ය ආයතනයක් වන අතර රටෙහි විශාලතම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත මුල්‍ය ආයතනයකි. විශේෂිත ලීසිං සමාගමක් ලෙස 1996 දී මෙහෙයුම් කටයුතු ආරම්භ කළ පීපල්ස් ලීසිං සමාගම 2011 වසරේ කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත විය. පීපල්ස් ලීසිං සමාගම බංග්ලාදේශයේ විදේශීය ව්‍යාපාරයක් ඇතුළුව අනුබද්ධිත ක්ෂේත‍්‍ර හයක් සමඟ විවිධාංගීකරණය වූ බැංකු නොවන මූල්‍ය බලවතෙක් දක්වා වර්ධනය වී ඇත.

ගිරිඋල්ල ශාඛාවේ කාර්යය මණ්ඩලය සහ ජ්‍යෙෂ්ඨ කළමණාකාරීත්වය
(දකුණේ සිට පිළිවෙලින්) පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් පීඑල්සී හි ප‍්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී ෂමින්ද්‍ර මර්සිලින් මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම් ලක්සඳ ගුණවර්ධන මහතා සමඟ එක්ව ගිරිඋල්ල ශාඛා කළමනාකරු තිස්ස ධනේන්ද්‍ර මහතා නව ශාඛා පරීශ‍්‍රය විවෘත කරන ලද අවස්ථාව)