පීපල්ස් ලීසිං කොළඹ 07 වෝඞ් පෙදෙස ශාඛාව වැඩි පහසුකම් සහිත නව පරිශ‍්‍රයක විවෘත කරයි.


ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන ප‍්‍රමුඛතම මූල්‍ය සමාගම වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගමේ කොළඹ 07 වෝඞ් පෙදෙස ශාඛාව, ගණුුදෙනුකරුවන්ට වඩාත් සුවපහසු හා කඩිනම් මූල්‍ය සේවාවක් ලබාදීමේ අරමුණෙන් නව පරිශ‍්‍රයක (අංක 04, බැප්ටිස් දේවස්ථාන පාර, කොළඹ 07& එම සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී, සබි‍්‍ර ඊබ‍්‍රහිම් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය දා විවෘත කෙරුණි. ගනුදෙනුකරුවන්ගේ ප‍්‍රමාණය ඉහළයෑම මත එම ශාඛාව වැඩි ඉඩකඩ හා පහසුකම් සහිත නව පරිශ‍්‍රයකට ගෙවැදීම සිදුවිය.

පීපල්ස් ලීසිං සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී, සබි‍්‍ර ඊබ‍්‍රහිම් මහතා විසින් කොළඹ 07 නව ශාඛාව විවෘත කළ අවස්ථාව. පීපල්ස් ලීිසිං සමාගමේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සංජීව බණ්ඩාරනායක, ප‍්‍රධාන කළමනාකරු, හසන්ත ද සිල්වා යන මහත්වරු ඡුායරූපයෙහි පසෙකින් හිඳී.

පීපල්ස් ලීිසිං කොළඹ 07 නව ශාඛාව විවෘතකිරීමේ උත්සවයට එම සමාගමේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන්වන සංජීව බණ්ඩාරනායක හා ලයනල් ප‍්‍රනාන්දු, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන්වන රොහාන් තෙන්නකෝන්, ලක්සඳ ගුණවර්ධන හා ප‍්‍රභාත් ගුණසේන, ප‍්‍රධාන කළමනාකරු, හසන්ත ද සිල්වා හා කොළඹ 07 පීපල්ස් ලීිසිං ශාඛා කළමනාකරු, සුමුදු ප‍්‍රනාන්දු මහතා ඇතුළු ගණුුදෙනුකරුවෝ රැසක් සහභාගී වූහ.

පීපල්ස් ලීිසිං සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී, සබි‍්‍ර ඊබ‍්‍රහිම් මහතා විසින් නව ශාඛාවේ ප‍්‍රථම රන් ණය ගනුදෙනුව සිදුකිරීමේ අවස්ථාව

පීපල්ස් ලීසිං සමාගමේ කොළඹ 07 නව ශාඛා පරිශ‍්‍රය විවෘතකිරීමේ උත්සවය අමතමින් එම සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී, සබි‍්‍ර ඊබ‍්‍රහිම් මහතා පැවසුවේ, ‘කොළඹ 07 වෝඞ් පෙදෙස හා අවට ප‍්‍රදේශයේ පසුගිය වකවානුවේ බොහෝ ව්‍යාපාරික ආයතන බිහිවූවා සේම වැඩි ගණුුදෙනුකරුවන් පිරිසක් පැමිණීම හේතුවෙන් පැවැති වෝඞ් පෙදෙස පීපල්ස් ලීසිං ශාඛාව තරමක කාර්යබහුලබවක් පෙන්නුම් කළා. එමෙන්ම අප සමාගම කෙරෙහි ගනුදෙනුකරුවන් තැබූ විශ්වාසය හා පක්ෂපාතීත්වයද සැලකිය යුතු ලෙස ඉහළ ගියා. එයට අමතරව මෑතකදී අප හඳුන්වාදුන් නව මූල්‍ය පහසුකම් වෙත ඇතිවූ ආකර්ෂණය හේතුවෙන්ද ශාඛාව වෙත පැමිණෙන ගනුදෙනුකරුවන්ගේ ප‍්‍රමාණයද ඉහළ ගොස් තිබෙනවා. තම විවිධාකාර මූල්‍ය අවශ්‍යතා සම්බන්ධයෙන් කොළඹ අවට ජනතාව පීපල්ස් ලීිසිං සමාගම කෙරෙහි වැඩි විශ්වාසය තැබීම අප සමාගම පැත්තෙන් වඩාත් ශුභවාදී තත්ත්වයක්. එම පදනම මත වෝඞ් පෙදෙසට නව ශාඛා පරිශ‍්‍රයක අවශ්‍යතාවක් අපට වැටහුණා. මෙම වෝඞ් පෙදෙස ශාඛාව කොළඹ 07 නව පරිශ‍්‍රයක විවෘත කෙරුණේ වඩාත් සුවපහසු සේවාවක් මෙම ප‍්‍රදේශයේ ගනුදෙනුකරුවන්ට සැපයීමේ අරමුණෙන්. දැන් කොළඹ අවට ජනතාවට අප සමාගමේ ජනහිතකාමී මූල්‍ය පහසුකම් විශේෂයෙන්ම සමාගම මෑතකදි හඳුන්වාදුන් නව මූල්‍ය පහසුකම් අත්දැකීමට වැඩි අවස්ථාවක් සැලසෙනවා. එකම වහලක් යටින් සියලූ මූල්‍ය සේවා ඉටු කරගත හැකි සමාගමක් ලෙසින් පීපල්ස් ලීසිං ප‍්‍රකටයි. එහෙයින් ප‍්‍රමාදයකින් තොරව අවශ්‍ය සෑම මූල්‍ය පහසුකමක්ම ලබාගනිමින් තම ව්‍යාපාරික හා පෞද්ගලික ජීවිතය සාර්ථක කරගැනීමට කොළඹ අවට ජනතාවට හැකි වේවායි මා මෙම අවස්ථාවේ ප‍්‍රාර්ථනා කරනවා’ යන්නය.

පීපල්ස් ලීිසිං සමාගමේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සංජීව බණ්ඩාරනායක මහතා විසින් නව ශාඛාවේ ප‍්‍රථම ලීසිං ගනුදෙනුව සිදුකිරීමේ අවස්ථාව

ශී‍්‍ර ලංකාවේ විශාලතම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත සමාගමක් ලෙසින් 1996 දී ඇරඹූ පීපල්ස් ලීසිං සමාගම, ලීසිං ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන අතර විශාලතම බැංකු නොවන මූල්‍ය සමාගමයි. පීපල්ස් ලීසිං සමාගම ෆිච් රේටිංස් ලංකා දේශීය ණය ශ්‍රේණිගතකිරීම් අනුව A+ (lka) මූල්‍ය සමාගමක් වන අතර 5වන වරටත් ශ‍්‍රී ලංකාවේ වගකීම් සහගත ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට ශ‍්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් ඇගයීමට ලක් වූ සමාගමකි. ශ‍්‍රී ලංකාව තුළ වටිනාම හා ප‍්‍රබලතම සන්නාම ශ්‍රේණිගතය සිදු කරන Brand Finance Awards 2019 දී ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම බැංකු නොවන මූල්‍ය ආයතනය වශයෙන්ද පීපල්ස් ලීසිං සමාගම ඇගයීමට ලක් විය. එමෙන්ම Transparency International Sri Lanka (TISL) ආයතනය විසින් ශී‍්‍ර ලංකාවේ කොටස් වෙළෙඳපොල ශ්‍රේණිගත සමාගම්වල ඉහළම විනිවිදභාවය සම්බන්ධයෙන් ප‍්‍රථමවරට සිදු කළ ‘සමාගම් වාර්තාකරණයේ තක්සේරුව’ නම් ශ්‍රේණිගතකරණයෙහි තෙවන ස්ථානයද හිමි විය. තවද ලබන ලාභයෙන් කොටසක් පරිසර සංරක්ෂණය මෙන්ම ව්‍යවසායකත්වය නංවාලීමට, මුල් ළමාවිය/පාසල් මෙන්ම වෘත්තීය අධ්‍යාපනය නගාසිටුවීමට හා ප‍්‍රජාවන් සවිබලගැන්වීමට කටයුතු කරන සමාගමකි.

පීපල්ස් ලීිසිං කොළඹ 07 ශාඛාවේ කාර්ය මණ්ඩලය

පීපල්ස් ලීසිං ලබාදෙන මූල්‍ය සේවාවන් අතර ලීසිං, වාහන ණය, ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම්, නිවාස හා ව්‍යාපාරික ණය පහසුකම්, ණය සාධ්‍යකරණය (Factoring), ආන්තික වෙළඳාම ^Margin Trading) රන් ණය සහ ඉස්ලාමීය මූල්‍ය පහසුකම් වන අතර පීපල්ස් ඉන්ෂුවරන්ස්, පීපල්ස් මයික්‍රෝ කොමර්ස්, පීපල්ස් ලීසිං ප්‍රොපටි ඩිවලොප්මන්ට්, පීපල්ස් ලීසිං ෆ්ලීට් මැනේජ්මන්ට් හා පීපල්ස් ලීසිං හැව්ලොක් ප්‍රොපටීස් සහ බංගලාදේශයේ ස්ථාපිත ලංකන් එලායන්ස් ෆිනෑන්ස් යන සමාගම් එහි අනුබද්ධිත සමාගම් වෙති.

දිවයින පුරා ව්‍යාප්ත ශාඛා ජාලය හරහා තමන්ට වඩාත්ම සුදුසු මූල්‍ය සැලසුම් සුහදශීලිව, කඩිනමින් හා විශ්වාසනීය ලෙස සපුරාගැනීමට සිය ගණුදෙනුකාරභවතුන්ට අවස්ථාව සැලසීම පීපල්ස් ලීසිං සමාගමේ සුවිශේෂීත්වය වේ.