පීපල්ස් ලීසිං තිස්සමහාරාම ශාඛාව සිය ගණුදෙනුකරුවන් ගෙවතු වගාව සඳහා දිරිගන්වයි


පීපල්ස් ලීසිං තිස්සමහාරාම ශාඛාව සිය ගණුදෙනුකාරභවතුන් ගෙවතු වගාව සඳහා යොමු කිරීමේ අරමුණින් ආයතනික සමාජ සත්කාරක ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කරනු ලැබු මෙම ව්‍යාපෘතිය හරහා ගෙවතු වගාව සඳහා උනන්දුවක් දක්වන පෙර හඳුනාගත් විශ්වාසවන්ත ගණුදෙනුකරුවන්ට ශාඛා කාර්යය මණ්ඩලයේ දායකත්වයෙන් අවශ්‍ය පැළ 500ක් රෝපණය කර බෙදා දීමට කටයුතු කරනු ලැබිය. මෙය ශාඛා කළමණාකාරතුමාගේ ප‍්‍රධානත්වයෙන් සහ පීපල්ස් ලීසිං ප‍්‍රාදේශීය කාර්යාලයේ මඟපෙන්වීම යටතේ සිදුකරන ලදී.


ව්‍යාපෘතිය සාර්ථකව සිදුකිරීම සඳහා ස්වේච්ඡාවෙන් ශාඛා කාර්යය මණ්ඩල සාමාජිකයින් 15 දෙනෙකු තම වටිනා පෞද්ගලික කාලයෙන් පැය 109 ක් වැයකර සිය ශ‍්‍රම දායකත්වය සහ මූල්‍යමය දායකත්වය ද ලබා දෙනු ලැබිය. ”මේ වන විට ආර්ථික අර්බුදයක සිටින අපගේ රටට ගෝලීය ආහාර අර්බුදය යන අභියෝගකාරි තත්ත්වයකටද මුහුණ දීමට ද සිදුව ඇත. ඊට අවශ්‍ය වපසරිය නිර්මාණය කිරිමේ වගකීම් සහගත ආයතනික පුරවැසියෙකු ලෙස අප මෙම සමාජ සත්කාරක ව්‍යාපෘතිය දියත් කළේ, ගෙවතු වගාව සඳහා අපගේ වටිනා ගණුදෙනුකරුවන් දිරිමත් කිරීමේ අරමුණ පෙරදැරි කරගෙනය. ගණුදෙනුකරුවන් තම දෛනික පරිභෝජනය සඳහා අඛණ්ඩව කාබනික ආහාර සපයා ගැනීමේ මාධ්‍යයක් ලෙස මෙම ගෙවතු වගාව සඳහා අප ලබා දුන් ශාඛ වලට අමතරව තවත් ප‍්‍රභේද සමඟින් ඉදිරි කාලය තුළ ඔවුන්ගේ වගාව පුළුල් කරගනු ඇතැයි අපගේ අභිප‍්‍රාය සහ බලාපොරොත්තුව බව පීපල්ස් ලීසිං තිස්සමහාරාම ශාඛා ප‍්‍රධානී මධුක නලින් මහතා පැවසීය.


පීපල්ස් ලීසිං සමාගම යනු ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ බැංකු නොවන මුදල් ආයතනයක් වන අතර ප‍්‍රමුඛ රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත මුදල් ආයතනයකි. විශේෂිත ලීසිං සමාගමක් ලෙස වර්ෂ 1996 දී මෙහෙයුම් කටයුතු ආරම්භ කළ පීපල්ස් ලීසිං සමාගම 2011 වසරේ කොළඹ කොටස් වෙළඳපලේ ලැයිස්තුගත විය. අද වන විට පීපල්ස් ලීසිං සමාගම බංග්ලාදේශ‍ය විදේශිය ව්‍යාපාරයක් ඇතුළු අනුබද්ධිත ක්ෂේත‍්‍ර හයක් හරහා විවිධාංගීකරණය වු බැංකු නොවන මූල්‍ය බලවතෙක් දක්වා වර්ධනය වී ඇත.

පීපල්ස් ලීසිං තිස්සමහාරාම ශාඛා ප‍්‍රධානී මධුක නලින් මහතා (මැද), හිතවත් ගණුදෙනුකරුවෙකුට සහ ඔහුගේ දියණියට (වමේ) රෝපණය කරන ලද මිරිස් පැළයක් ලබා දෙන අයුරු. පසෙකින් තිස්සමහාරාම ශාඛා උප ප‍්‍රධානී ඊ.ඒ.එස්.ලක්මින්ද මහතා සහ මුදල් අයකැමි නිලධාරී ප‍්‍රදීප් චන්ද්‍රසේන යන මහත්වරු ද සිටීයි.