පීපල්ස් ලීසිං සමාගම Transparency International Sri Lanka (TISL) ආයතනය ප්‍රථම ‘විනිවිදතා තක්සේරුව’ හි


ශ්‍රී ලංකාවේ බැංකු නොවන ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම, Transparency International Sri Lanka (TISL) ආයතනය විසින් ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොල ශ්‍රේණිගත සමාගම් සම්බන්ධයෙන් ප්‍රථමවරට සිදු කළ ‘සමාගම් වාර්තාකරණයේ තක්සේරුව’ නම් ශ්‍රේණිගතකරණයෙහි සමස්ත ශ්‍රේණිගතකිරීමේ තෙවන ස්ථානයටත් බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප්‍රථම ස්ථානයටත් පත්වීමට පසුගියදා සමත්විය. TISL ආයතනය විසින් සිදු කළ මෙම ශ්‍රේණිගතකිරීමෙහි ප්‍රමුඛ අරමුණවූයේ මෙරට කොටස් වෙළෙඳපොල ග්‍රේණිගත ප්‍රමුඛ සමාගම් 50ක් තම වාර්තාකරණය සම්බන්ධයෙන් දක්වන ඉහළම විනිවිදභාවය අනුව මෙරට සමාගම් ශ්‍රේණිගතකිරීමය. මෙම ශ්‍රේණිගතයෙහි නිර්නායකයන් වූයේ ‘දූෂණ මර්දන වැඩසටහන්’, ‘සමාගම් සතු දේපළ හා වත්කම් පිළිබඳ විනිවිදභාවය’ හා ‘ගෘහස්ථ මෙහෙයුම්වල ප්‍රමුඛ මූල්‍ය තොරතුරු හෙළිදරව්කිරීම’ යන සමාගම් වාර්තාකරණයට අදාල එකිනෙකට වෙනස් තේමා තුනකි.

එක් එක් සමාගමෙහි වාර්ෂික වාර්තාවල සදහන් තොරතුරු පදනම් කරගෙන TISL ආයතනයෙහි පර්යේෂකයන් කණ්ඩායමක් විසින් මෙම සමීක්ෂණය සිදු කෙරුණි.

සමාගම් වාර්තාකරණයෙහි විනිවිදභාවය සම්බන්ධයෙන් සිදු කළ ශ්‍රේණිගතකිරීමෙහි පීපල්ස් ලීසිං සමාගම තෙවන ස්ථානයට පත්වීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී, සබි්‍ර ඊබ්‍රහිම් මහතා පැවසුවේ, ‘මෙය අප සමාගම සමඟ ගනුදෙනුකරන්නන්ට හා පාර්ශ්වකරුවන්ට ශූභාරංචියක් වනු නොඅනුමානයි. මන්ද TISL ආයතනය ප්‍රථමවරට පැවැත්වූ මෙම ‘සමාගම් වාර්තාකරණයේ තක්සේරුව’ මගින් සම්පූර්ණයෙන් සිදුකෙරුණේ මෙරට ශ්‍රේණිගත සමාගම් හෙළිකරන තොරතුරුවල විනිවිදභාවයයි. එවැනි සමීක්ෂණ වාර්තාවක තෙවැනි ස්ථානයට පත්වීමෙන් අප සමාගමේ සුපැහැදිලිබව නැවත වරක් හෙළිදරව් වූවා. එමෙන්ම මෙම TISL ආයතනය ලොව පුරා දූෂණයට එරෙහිව සටන් වඳින ප්‍රමුඛතම ආයතනයවන Transparency International හි දේශීය නියෝජිත ආයතනය වීමද බොහෝ වැදගත් වූවක්’ යන්නය.

සමාගම් වාර්තාකරණයෙහි විනිවිදභාවය සම්බන්ධයෙන් Transparency International Sri Lanka (TISL) ආයතනය ඉදිරිපත් කළ සමීක්ෂණ වාර්තාව සම්බන්ධයෙන් එම ආයතනයෙහි විධායක අධ්‍යක්ෂ, අශෝක ඔබේසේකර මහතා පැවසුවේ, ‘අප පළමුවරට සංවිධානය කළ මෙම විනිවිදභාවයේ වාර්තාව අනුව මෙරට සමාගම්වල වාර්තාකරණය පිළිබඳ යම් හැඟීමක් ඇතිකරගත හැකියි. එමෙන්ම දියුණු කරගත යුතු අංශ කෙරෙහි අවධානය යොමුකිරීමත් පහසු වෙනවා. තවද මෙ වාර්තාවෙහි අවම ලකුණු ලබාගත් සමාගම් වැරදිකරනබවක් අදහස් නොකෙරෙන අතර හෙළිදරව්කිරීමෙහි වර්ධනයක් ඇති කරගත යුතුබව පෙන්නුම් කර දෙනවා’ යන්නය.

Transparency International Sri Lanka (TISL) ආයතනය ලොව පුරා දූෂණයට එරෙහිව සටන්කරන ප්‍රමුඛතම ආයතනයවන Transparency International හි දේශීය ආයතනය වේ. ජර්මනියේ බර්ලින් නගරයේ ප්‍රධාන කාර්යාලය පිහිටි Transparency International රටවල් 90ක ක්‍රියාත්මක වන්නකි. ආර්ජන්ටිනාව, බෙල්ජියම, ඩෙන්මාර්කය, ග්‍රීසිය, හංගේරියාව, ඉන්දුනීසියාව, ඉතාලිය, කුවේට්, නෝර්වේ, ස්වීඩනය හා වියට්නාමයෙහිද Transparency International හි එම රටවල පිහිටි නියෝජිතායතන මගින් මෙවැනිම සමීක්ෂණ පවත්වා තිබේ.

ශ්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත සමාගමක් ලෙසින් 1996 දී ඇරඹූ පීපල්ස් ලීසිං සමාගම, ලීසිං ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන අතර විශාලතම බැංකු නොවන මූල්‍ය සමාගමයි. පීපල්ස් ලීසිං සමාගම ෆිච් රේටිංස් ලංකා දේශීය ණය ශ්‍රේණිගතකිරීම් අනුව A+ (lka) හිමි මූල්‍ය සමාගමක් වන අතර 5වන වරටත් ශ්‍රී ලංකාවේ වගකීම් සහගත ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් ඇගයීමට ලක් වූ සමාගමකි. ශ්‍රී ලංකාව තුළ වටිනාම හා ප්‍රබලතම සන්නාම ශ්‍රේණිගතය සිදු කරන Brand Finance Awards 2019 දී ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම බැංකු නොවන මූල්‍ය ආයතනය වශයෙන්ද පීපල්ස් ලීසිං සමාගම පසුගියදා ඇගයීමට ලක් විය. එමෙන්ම zBusiness Today Top 30’ ශ්‍රේණිගත සමාගම් අතරට පැමිණීමටද සමත් විය. තවද ලබන ලාභයෙන් කොටසක් පරිසර සංරක්ෂණය මෙන්ම ව්‍යවසායකත්වය නංවාලීමට, මුල් ළමාවිය/පාසල් මෙන්ම වෘත්තීය අධ්‍යාපනය නගාසිටුවීමට හා ප්‍රජාවන් සවිබලගැන්වීමට කටයුතු කරන සමාගමකි.

පීපල්ස් ලීසිං ලබාදෙන මූල්‍ය සේවාවන් අතර ලීසිං, වාහන ණය, ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම්, නිවාස හා ව්‍යාපාරික ණය පහසුකම්, ණය සාධ්‍යකරණය ^Margin Trading), ආන්තික වෙළඳාම (Factoring)” රන් ණය සහ ඉස්ලාමීය මූල්‍ය පහසුකම් වන අතර පීපල්ස් ඉන්ෂුවරන්ස්, පීපල්ස් මයික්‍රෝ කොමර්ස්, පීපල්ස් ලීසිං ප්‍රොපටි ඩිවලොප්මන්ට්, පීපල්ස් ලීසිං ෆ්ලීට් මැනේජ්මන්ට් හා පීපල්ස් ලීසිං හැව්ලොක් ප්‍රොපටීස් සහ බංගලාදේශයේ ස්ථාපිත ලංකන් එලායන්ස් ෆිනෑන්ස් යන සමාගම් එහි අනුබද්ධිත සමාගම් වෙති.

දිවයින පුරා ව්‍යාප්ත ශාඛා ජාලය හරහා තමන්ට වඩාත්ම සුදුසු මූල්‍ය සැලසුම් සුහදශීලිව, කඩිනමින් හා විශ්වාසනීය ලෙස සපුරාගැනීමට සිය ගණුදෙනුකාරභවතුන්ට අවස්ථාව සැලසීම පීපල්ස් ලීසිං සමාගමේ සුවිශේෂීත්වය වේ.