ඉයන් ඩයස් අබේසිංහ අනුස්මරණ සම්මාන උළෙලේදී ආයතනික සමාජ වගකීම් (CSR) හා තිරසරබව ව්‍යාපෘති අතුරින් විශිෂ්ටතම ආයතන දහය අතරට පීපල්ස් ලීසිං සමාගමද එක්වෙයි


ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකු නොවන මූල්‍ය සමාගම වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී ආයතනය පසුගියදා පැවැති ඉයන් ඩයස් අබේසිංහ අනුස්මරණ JASTECA ආයතනික සමාජ වගකීම් /තිරසරබව සම්මාන – 2020 සම්මාන උළෙලේදී ආයතනික සමාජ වගකීම් (CSR) හා තිරසරබව ව්‍යාපෘති අතුරින් විශිෂ්ටතම ආයතන දහයෙන් එකක් ලෙස පිළිගැනීමට පාත්‍ර වේ.

ජපන් – ශ්‍රී ලංකා තාක්‍ෂණ හා සංස්කෘතික සංගමය හෙවත් JASTECA විසින් 24වන වරටත් මෙම වාර්ෂික සම්මාන උළෙල  කොළඹ ගලදාරි හෝටලයේදී පැවැත්විණ.  

ශ්‍රී ලංකාවේ පූර්ව ළමාවිය අධ්‍යාපනය ඉහළ නැංවීම සඳහා වූ පීපල්ස් ලීසිං ආයතනයේ ඉමහත් කැපවීම ඉයන් ඩයස් අබේසිංහ අනුස්මරණ JASTECA ආයතනික සමාජ වගකීම් /තිරසරබව සම්මාන විසින් පිළිගැනීමට ලක්විණි. පීඑල්සී ආයතනය මෙම කර්තව්‍යය සඳහා ආයෝජනය කිරීමට හේතුව නම් මුල් අවදියේ කෙරෙන ආයෝජන පසුකාලීනව වඩාත් යහපත් අධ්‍යාපන, සෞඛ්‍ය, සමාජ හා ආර්ථික ප්‍රතිඵල සඳහා මනා රුකුලක් වන නිසාවෙනි. තවද, එමගින් දේශීය ආදායමේ වැඩිවීමක් ඇතිවන අතර අනවශ්‍ය සමාජීය වැයකිරීම් අඩුකර ගැනීමට හැකිවනු ඇත. 

මුල් ළමාවිය අධ්‍යාපනය හා රැකවරණය පිළිබඳ මනා දැනුමක් හා පුහුණුවක් ඇති එම ක්ෂේත්‍රයේ අග්‍රගන්‍ය ආයතන විසින් ලබාදුන් මාර්ගෝපදේශ වලට අනුව පීපල්ස් ලීසිං ආයතනය විසින් මෙම කර්තව්‍යය දියත් කරන ලදී. 

අවම පහසුකම් සමගින් ක්‍රියාත්මක වන දිවයින පුරා පිහිටි මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවල (ECDC) අභ්‍යන්තර හා බාහිර ඉගෙනුම් පරිසරය වැඩිදියුණු කිරීම සඳහා යොමුකළ ආයෝජන එහි ප්‍රධාන ක්‍රියාකාරකම්වල සුවිශේෂී තැනක් ගනී. මෙම මධ්‍යස්ථාන ළමා ලේකම් කාර්යාලය විසින් හඳුනාගනු ලැබූ අතර, එහි සංවර්ධන කටයුතු ප්‍රාදේශීය මට්ටමින් මුල් ළමාවිය සංවර්ධන සහකාරවරුන් සහ එම ශාඛා ජාලයේ ප්‍රධානීන් හරහා නියාමනය කරනු ලැබිණ. තවද, මෙම ආයෝජනයෙන් මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන 121 ක් ප්‍රතිලාභ ලබා ඇත. ඊට අමතරව, පෙර පාසල් ගුරුවරුන් සඳහා අඛණ්ඩව ධාරිතා සංවර්ධන වැඩසටහන් මාලාවක් පැවැත්වීමට පීපල්ස් ලීසිං ආයතනය විසින් මූල්‍යමය සහාය ලබාදෙන ලදී. එම වැඩසටහන් මාලාවේ තේමාව වූයේ ක්‍රියාකාරකම් පාදක පාඩම් සැලසුම් කිරීම මගින් හා මුල් ළමාවිය සංවර්ධනය සඳහා නිර්මාණශීලිත්වය යොදාගැනීම මගින් පෙර පාසල් යන දරුවන්ගේ සමස්ථ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම පරමාර්ථය වේ. වසර ගණනාවක පළපුරුද්ද හා නිපුණතාවයක් ඇති මුල් ළමාවිය අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ විශේෂඥයින්ගේ සහාය ඇතිව මෙම වැඩසටහන් ඉතා සාර්ථකව පවත්වන ලදී. තවද, පෙර පාසල් දරුවන්ගේ දෙමාපියන් ඉලක්ක කරගනිමින් මුල් ළමාවිය සංවර්ධනය සඳහා නිවස පාදක කරගත් අඛණ්ඩ දෙමාපිය රැකවරණය ලබාදීමේ වැදගත්කම පිළිබඳ  දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් පවත්වන ලදී. 

අප රටේ තිරසාර සංවර්ධනයට  මානව ප්‍රාග්ධනය අත්‍යවශ්‍ය අංගයක් වන අතර මුල් ළමාවිය අධ්‍යාපනය සඳහා කෙරෙන  ආයෝජනයෙන් මානව ප්‍රාග්ධනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවිය හැකි වනු ඇතැයි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවිකරණය) ලක්සඳ ගුණවර්ධන මහතා පැවසීය. මෙම කර්තව්‍යය සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙමින් තම කාලය හා හැකියාවන් මගින් අගනා දායකත්වයක් ලබාදුන් අප දීපව්‍යාප්ත ශාඛා ජාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් විසින් අපගේ මූල්‍ය සහාය සඳහා මනා සහයෝගයක් ලබා දෙන ලදී.

‘තවද එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක (SDG) සමඟ පෙළගැසී තිරසාර සංවර්ධනයට දායකත්වය ලබාදීම  සඳහා පාසල් අධ්‍යාපනය හා ව්‍යවසායකත්ව ගොඩනැගීම යන අංශ සඳහාද පීපල්ස් ලීසිං ආයතනය ආයෝජනය කරයි’ යැයි  ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

1996 වසරේදී ශ්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය බැංකුව වන මහජන බැංකුවේ සම්පූර්ණ හිමිකාරීත්වය ඇති ව්‍යාපාරයක් ලෙස පීපල්ස් ලීසිං ආයතනය  ස්ථාපිත කරන ලදී. දැනට දිවයිනේ ඉහළම ශ්‍රේණිගතකීරීම ලක්ව ඇති බැංකු නොවන මූල්‍ය ආයතනය වන්නේ පීපල්ස් ලීසිං සමාගමය. තවද, එය ෆිච් රේටස් ලංකා ලිමිටඩ් වෙතින් A+ (lka)” ශ්‍රේණිගත කිරීමක් ලබා ඇති අතර බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ලංකා සමාගම විසින් අංක එකේ බැංකු නොවන මූල්‍ය සේවා සන්නාමය ලෙස පීපල්ස් ලීසිං සමාගම ශ්‍රේණිගත කර ඇත.

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් දිවයිනේ විශිෂ්ටතම ආයතනික පුරවැසියන් දස දෙනාගෙන් එක් අයෙකු ලෙස පීඑල්සී සමාගම නම්කරන ලදී. තවද, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය (TISL) විසින් ඇගයීමට ලක්කෙරෙන සමායෝජක ආයතනික වාර්තාකරණයේ විනිවිදභාවය (TRAC) ශ්‍රේණිගතකිරිම මත පීඑල්සී සමාගම 03 වන ස්ථානයේ සිටී. 

පීඑල්සී සමාගමේ වගකීම් සහගත අන්තර්කරණ මූල්‍ය සෙවා අතර බදුදීම්,  රථවාහන ණය, ස්ථාවර තැන්පත්, ඉතිරිකිරීම් තැන්පත්, නිවාස හා වාණිජ ණය, ස්වර්ණාභරණ ණය, ආන්තික වෙළෙඳාම, සාධකකරණය හා  ඉස්ලාමීය මූල්‍ය සේවා ආදී සේවා ඇතුළත් වේ. 

පීපල්ස් ලීසිං ඒකාබද්ධ සමූහය අනුබද්ධිත උප සමාගම් හයකින් සමන්විත වේ. එම උප සමාගම් වන්නේ, පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගම, සීමාසහිත පීපල්ස් මෛක්‍රෝ කොමර්ස් සමාගම, සීමාසහිත පීපල්ස් ලීසිං ප්‍රොපර්ටි ඩිවෙලොප්මන්ට් සමාගම, සීමාසහිත පීපල්ස් ලීසිං ෆ්ලීට් මැනේජ්මන්ට් සමාගම, සීමාසහිත පීපල්ස් ලීසිං හැව්ලොක් ප්‍රොපටීස් සමාගම සහ සමාගමේ විදේශීය ව්‍යාපාර වන බංග්ලාදේශයේ පිහිටි සීමාසහිත ලංකන් ඇලයන්ස් ෆිනෑන්ස් සමාගම යන ආයතන වේ. 

පීපල්ස් ලීසිං ආයතනයේ සුවිශේෂීත්වය වන්නේ බාධාවකින් තොර, පහසු පාරිභෝගික සේවා අත්දැකීමක් ලබාගැනීමට හැකි අයුරින් ඩ්ජිටල්කරණයට යොමුවීම තුළින් විශේෂයෙන් කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ගේ ජීවනෝපාය සංවර්ධන අරමුණු සඳහා විවිධ වූ මානව හිතකාමී හා අභිමතකරණ මූල්‍ය විසඳුම් එකම වහළක් යට ලබාදීමට ඇති හැකියාවයි. 

ආයතනික සමාජ වගකීම් (CSR) හා තිරසරබව ව්‍යාපෘති අතුරින් විශිෂ්ටතම ආයතන දහය අතුරින් එකක් වීම සඳහා වන සම්මානය JASTECA ආයතනයේ භාරකාර අතුල එදිරිසිංහ මහතා විසින් JASTECA ආයතනයේ  සභාපති නිමල් පෙරේරා සහ  JASTECA ආයතනයේ කමිටු සාමාජික නිශාන් ප්‍රනාන්දු යන මහත්වරුන් ඉදිරියේ පීපල්ස් ලීසිං සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – අලෙවිකරණ, ලක්සඳ ගුණවර්ධන මහතා වෙත පිරිනමන අවස්ථාව.